Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"අවුරුදු 17 දී මම පස්මසක ගැබිණියක්..ඒත් එක්කම මට HIV කිව්වා.." - මරණය කල් දැමු නගරාධිපතිනිය කියන සංවේදී කතාව - Photos

- "අවුරුදු 17 දී මම පස්මසක ගැබිණියක්..ඒත් එක්කම මට HIV කිව්වා.." - මරණය කල් දැමු නගරාධිපතිනිය කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,529 Views
"අම්මා මට දෙස් දෙවොල් තියලා මගේ අවමංගල්‍යයට ලෑස්ති කළා.."

"පාසලෙන් මට අස්වීමේ ලිපිය දුන්නා, එදා මම හොදටම ඇඩුවා.."

2001 වසරේදී 17 හැවිරිදි නැම්බියානු පාසල් ශිෂ්‍යාවක්, තමන් පස් මසැති ගැබිනියක් බව දැනගන්නේ රෝහලක රුධිර පරීක්ෂාවකින් පසුවය. ඇය එයින් සැලුණේ නැත.

 නැම්බියාවේ ඕනෑ තරම් පාසල් ශිෂ්‍යයාවෝ මේ තත්ත්වයට මුහුණ දෙමින් සිටියහ. එය පොදු ඛේදවාචයක්ව තිබිණි. එහෙත් වෛද්‍යවරු ඇයට කළ ඊළඟ ප්‍රකාශයෙන් දැරිය වෙවුලා ගියාය. ඒ ඇයට ඒඩ්ස් රෝගය වැලඳී ඇති බවත් දැන් ඇය HIV රෝග වාහකයෙක් බවත් දැනුම් දුන් විටය. මේ පාසැල් ශිෂ්‍යාව ජෝ ඈන් ලෙවී වැන් වික්ය. (Jo ann livey van wyk) අනතුරුව ජෝ කඩාවැටුණු සිතින් යුතුව සිය නිවස වෙත පා නැඟුවාය.

ඇගේ නිවස පිහිටියේ කලහාරී කාන්තාරයට මුහුණලාය. වැහිවලාවක් වසරේ දිනකට දෙකකට දකින චණ්ඩ සූර්යය තාපයෙන් ගම්බිම් දවන දරිද්‍රතාවයේ පතුලේ හිඳින ජනතාවක් වෙසෙන ඇගේ නිවෙස පිහිටා තිබුණේ විට්විලෙයි නගරයේය. හඬා වැටෙමින් තරුණිය මේ හද පාරන පුවත සිය මවට කියන විට මව කෝපයෙන් දෙස් දොවොල් තිබ්බාය. ඒ මොහොතේම ඇගේ මව තරුණියගේ අවමංගල්‍යය කටයුතු ලැහැස්ති කළ අතර සිය ඥාතීන්ටද, අහල පහළ නිවෙස්වලටද, නගරයටද කාරණය දැනුම් දීමෙන් එය ලැව් ගින්නක් සේ පැතිර ගි‍යේය. එහෙත් ජෝ ට අකලට මියයෑමේ කිසිඳු කැමැත්තක් නොතිබිණි. අය සිතුවේ තවමත් ඇය පුංචි කෙල්ලක් බවත් තවත් ඇය සිහින දැකිය යුතු බවත් පමණකි.

ජෝ සුපුරුදු පරිදි පසුවදා සිය පාසල වෙත ගියාය. මොහොතකින් ඇයව සිය කාමරයට කැඳ වූ විදුහල්පතිනිය, ඇය අතට අස්වීමේ සහතිකය දුන්විට ඇය හඬා වැටුණි. ඇගේ හදවත සැලී ගියේය. ජෝගේ සියලු සිහිනවල මාවත වැටී තිබුණේ උසස් අධ්‍යාපානය හරහාය. ඇය ගෙදර ගිය පසු ඇගේ මව මේ පස්මස් ගැබිණියව එළවා දැමුවාය. යන්න එන්න තැනක් නොමැතිව ඇය නගරයේ වීදි දිගේ ඇවිද යනවිට බිහෝ දෙනා ඇයට නිග්‍රහ කළහ. අසත්පුරුෂ මිනිස්සු ගල් ගැසූහ. අවසානයේ ඇගේ පිහිටට ආවේ වයෝවෘද්ධ අම්මා පමණකි. නැම්බියාවෙි ඒඩ්ස් රෝග නිවාරණ වැඩසටහන් කළ යුනිසෙෆ් සංවිධානය සිය මවගෙන් දරුවාට HIV වෛරසය පැතිරයාම වැළක්වීමට ජෝට ප්‍රතිජීවක එන්නත් ලබාදුන් අතර තවත් මාස කිහිපයක ඇවෑමෙන් ඇය නීරෝගී පුත්‍රයෙකු බිහි කළාය. බිලිඳාට ඒඩ්ස් රෝගය වැලඳී නොතිබිණි. සතුටෙන් පිනාගිය ජෝ ඈන්ට බලාපොරොත්තුවේ නව මාර්ගයක් විවෘතව තිබිණි. ඇයට ආදරය කිරීමට මිනිසෙක් උපත ලබා ඇත.

ඉන් අනතුරුව ඈන් වහ වහා යුනිසෙෆ් ආයතනය සංවිධානය කළ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියක් වෙනුවෙන් දිනපතා වෙහෙස වූ අතරමඟදී අත්හැරුණු සිය උසස් අධ්‍යාපනය, ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාවකින් අවසන් කළාය. මේ වනවිට නැම්බියාවෙි ඒඩ්ස් වැලඳුණු තරුණ තරුණියන් අතර ජෝ ජනප්‍රිය තාරාකාවක් විය.

ඔවුන්ගේ බලාපොරොත්තුවේ සහ ධෛර්යයේ ජීවමය උදාහරණය ජෝ ඈන් ලෙවී විය. එහි ප්‍රතිඵලයක් ලෙස, මරණය කරපින්නා මේ ගත් ගැහැනිය 2007 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දේශනයක් කළ අතර ඇගේ ජනප්‍රිය බව ඉන් වඩා තීව්‍ර විය. මෙම ජනප්‍රියත්වය නමැති සාධකයෙන් මොනවට ප්‍රයෝජන ගත් ජෝ ඈන් සිය උපන් නගරයේ පුරපතිනිය වීම සඳහා තරග වැදුණාය. ඇය 2010 විට්විලයි නගරයේ නගරාධිපති වීමෙන් එය අවසන් කළාය. එය ජෝ ඈන් සිය ඉරණමට කළ සාහසික සරදමකි. මීට වසර නවයකට පෙර තමාට ගල් මුල් ගසා පරිභව කළ මිනිසුන්ගේ දෑතින්ම ඇය සිය ගෙලට මල්මාලා පලඳවා ගත්තාය.

"මගේ මරණය පුල පුලා බලාසිටි ජනතාවකට මම පෙන්නුවා උමඟ කෙළවර ආලෝකය ඇති බව" ඇය කීවාය.

ඇගේ කතාව ලිවීමට ලේඛකයෝ පෝලිම් ගැසුණහ.

A diary from the land of the brave නවකතාව එහි ප්‍රථම උපතයි. මේ මොහොත වනවිට ජෝ ඈන් නමැති ගැහැනිය දුප්පත් ජනතාවට ප්‍රතිලාභ බෙදී යන සේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් අවසන් කර දී ඇත.

2016දී ඇය ජර්මනියේ විශේෂ සහන වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරිණිය බවට පත්වන අතර 'ඩිජිටල් ඩයරි' නමැති ඒඩ්ස් මර්දන අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කරන්නීය. තවදුරටත් සිය සේවය යුනිසෙෆ් සංවිධානයේ ඒඩ්ස් නිවාරණ වැඩසටහන්වලට උපරිමයෙන් ලබාදෙන ඇයගේ ආදරණීය පැතුම, සිය ධෛර්යයෙන් උපන් දරුවා යහපත් මිනිසෙක් ලෙස මේ සමාජයේ ජීවත්වනු ඇතැයි යන විශ්වාසයයි.

[උපාලි ජයසිංහ]



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  433 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,005 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  486 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  364 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  285 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  473 Downloads



Top 10 Commenters

Latest Comments

Top