Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
කාන්තා ගුවන් නියමුවන්ට වැඩි ඉල්ලුමක් - Photos

- කාන්තා ගුවන් නියමුවන්ට වැඩි ඉල්ලුමක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,417 Views
ගොඩක් කාන්තාවන් මේ සඳහා යොමු වෙන් නෑ 
 
ගුවන් නියමුවෙක් කියන්නෙ මහ ජනතාවගේ කළමනාකාරවරයෙක් 
 
ගුවන් ප්‍රවාහන සේවාවන්ට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ගුවන් නියමුවරියන් වැඩි වශයෙන් බඳවා ගැනීමට ගුවන් සමාගම් උනන්දුවක් දක්වන බව වාර්තා වෙනවා. 
 
පාරිභෝගික ජනතාව නව අත්දැකීම් වෙනුවෙන් මුදල් වැය කිරීමට යොමු වී තිබීම හේතුවෙන් මෑත වසර කිහිපය තුළදී ප්‍රවාහනය සහ සංචාරය සඳහා කෙරෙන වැය කිරීම් අතිශයින් ඉහළ ගොස් ඇති බවයි පෙනෙන්නේ.

ලෝක සංචාරක සංවිධානයට අනුව ජාත්‍යන්තර සංචාරකයින් සංඛ්‍යාව 2010 වර්ෂයට වඩා මිලියන 350 කින් ඉහළ ගොස් තිබෙනවා. 
 
ගුවන් නියමුවන්ගේ සංගමයේ ජාත්‍යන්තර වෘත්තීය සංගමය (Air Line Pilots Association International trade union) පවසන පරිදි ලෝකයේ වාණිජ ගුවන් සේවාවන්වල ගුවන් නියමුවරියන්ගේ ප්‍රතිශතය 5.18% ක්. 
 
මේ අතරින්, ගුවන් නියමුවරියන් වැඩි ම ප්‍රතිශතයක් සේවය කරනුයේ, ඉන්දීය ගුවන් සමාගම්වලයි. 
 
එම ප්‍රතිශතය 12.4% ක් බව කාන්තා ගුවන් නියමුවන්ගේ ජාත්‍යන්තර සමාජයේ (International Society of Women Airline Pilots) නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. 
 
ඉන්දියාවේ ක්‍රියාත්මක ප්‍රාදේශීය ගුවන් සමාගමක් වන Zoom Air හි ගුවන් නියමුවන් 30 දෙනාගෙන් 9 දෙනෙකු කාන්තාවන්. 
 
කාන්තා ගුවන් නියමුවන්ගේ ජාත්‍යන්තර සමාජයේ සභාපතිනි කැතී මැක්කලෝ පවසන්නේ, ගුවන් නියමුවන්ගේ හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියාව වැඩි වශයෙන් කාන්තාවන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට පියවර ගෙන ඇති බවයි. 
 
එක්සත් රාජධානියේ ගුවන් නියමුවන්ගෙන් 4.77% ක් කාන්තාවන්. 
 
මේ වසර මුලදී එක්සත් රාජධානියේ පළමු වරට සේවකයින් 250 දෙනෙකුට වඩා සිටින ආයතනවල ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති වැටුප් පරතරය පිළිබඳ වාර්තා කැඳවනු ලැබුවා. 
 
ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ගුවන් සමාගම්වල විශාල වැටුප් පරතරයක් පැවති බව වාර්තා වුණා. 
 
ගුවන් සමාගම් අතර ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශාලතම වැටුප් පරතරය වාර්තා වූයේ, Ryanair සමාගමෙන්. එම අගය 71.8% ක්. 
 
EasyJet සමාගමෙහි එම අගය 45.5% ක්. නමුත් තමන් ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව වැටුප් ගෙවන බව එම සමාගම් පවසනවා. 
 
වයස අවුරුදු 26 දී ගුවන් නියමුවරියක වූ ලෝකයේ ලාබාලතම කාන්තාව වන කේට් මැක්විලියම්ස් (Kate McWilliams) පවසන්නේ, 
 
"ගොඩක් අය හිතන්නෙ මේ රැකියාව අතිශය තාක්ෂණයට නැඹුරු වූ එකක් කියලා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ඒ සඳහා යොමු වෙන්නෙ නෑ" 
 
"ඒත් මේ රැකියාවේ වැඩි කොටසක් ගත කරන්න තියෙන්නෙ මිනිසුන් සමග, ගුවන් නියමුවෙක් කියන්නෙ මහ ජනතාවගේ කළමනාකාරවරයෙක්. මේ රැකියාව ගැන තියෙන ආකල්පය වෙනස් විය යුතුයි."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  22 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  17 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  696 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,138 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,093 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,049 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top