Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"මම වයස අවුරුදු නවයේදී දුෂණයට ලක්වුණේ මගේම මස්සිනා අතින්.." - අල ගෝනියකින් මැසූ ඇඳුමකින් පාසල් ගොස් ලොව ධනවත්ම කාන්තාව වූ ඔප්රා

- "මම වයස අවුරුදු නවයේදී දුෂණයට ලක්වුණේ මගේම මස්සිනා අතින්.." - අල ගෝනියකින් මැසූ ඇඳුමකින් පාසල් ගොස් ලොව ධනවත්ම කාන්තාව වූ ඔප්රාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,815 Views
"පවුලේ කිහිපදෙනෙක් අතින්ම දුෂණයට ලක් වුණා.."

"දුෂණයට ලක් වෙලා අවුරුදු 14 දී ගැබිණියක් වුණා.."

‘‘ඔබට ජීවිතය ලබා දී ඇති දේවල් පිළිබඳව ස්තූතිවන්ත වෙන්න. ඔබට අහිමි දේ  ගැන  ලතවෙන්නට පටන් ගත් විට ඔබ කිසි දිනෙක කිසිවක්ම නොලබනු ඇත”

එසේ පවසන්නේ ඔප්රා වින්ෆ‍්‍රීය. ඔප්රා වින්ෆ‍්‍රී විසිවන සියවසේ ලෝකයේ ධනවත්ම කාන්තාවයි. නමුත් ඇය ජනතාව අතර ප්‍රසිද්ධ වන්නේ මාධ්‍යවේදිනියක් ලෙසටය. තවද ඇය මානව හිතවාදිනියකි. සමාජ ක්‍රියාකාරිනියකි, රංගන ශිල්පිනියකි, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවකි. ලෝකයේ විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ලෙසද විටෙක ඇය නම්කරනු ලැබීය. එලෙසම ඇය ලෝකයේ ආදර්ශවත්ම කාන්තාව ලෙසද හඳුන්වනු ලබයි.

අද ලෝකයේ ඉහළම තැනක වැජඹෙන ඇයට ඒ දක්වා වූ මාර්ගය නම් ඒතරම් ලේසි පාසු එකක් වූයේ නැත. ගැහැනියක ලෙස ඉපදීම වූ නිසාම ඇයට මුහුණු දීමට සිදුවූ කම්කටොළු අතවර අප්‍රමාණය.

ඇය උපන්නේ 1954  දී මිසිසිපි හිදීය. ඇයගේ මව බාලවයස්කාරිනියක වූ අතර ඇයට ස්වාමියෙකු නොමැති විය. වයස අවුරුදු 6 වන තෙක් ඔප්රා ජීවත් වූයේ ඇගේ මිත්තනියගේ සෙවණේය. ඔවුන් දිළිඳු බවේ අන්තිම අඩියට වැටී ජීවත් වූවන් වූ අතර ඔප්රාගේ ඇඳුම් පිළියෙළ වූයේ ඉවත ලන අල ගෝනි වලිනි.ඇය පාසල් ගියේ එම ඇඳුමිනි. එහිදී ඇයට සිදුවූයේ දිනපතාම වාගේ අනෙකුත් ළමයින්ගේ උසුළු විසුළුවලට ලක්වීමටය. පසු කලෙක ඇය ඇගේ ජීව විද්‍යාත්මක පියා ජීවත් වූ  ටෙනිසීස් වලට යවනු ලැබිණි.

”මම වයස අවුරුදු නවයේදී දුෂණයට  ලක්වුණේ මගේම මස්සිනා අතින්” ඊට පසු නැවතත් මගේ පවුලේ කෙනෙක් අතින්. ඊට පස්සේ ආයෙමත් මගේ පවුලේ කෙනෙක් අතින්” ඔප්රා කියන්නීය. ළමා අතවර ගැන වූ ඇයගේ වඩසටහනක් අතරතුර ඇය මේ බව ලෝකයටම කීවාය.

ඇය වයස අවුරුදු 14 දී ගැබ්ගන්නේ මෙවැනි ලිංගික අතවර වල ප්‍රතිඵලයක් ලෙසිනි. නොමේරු දරුවෙකුව උපත ලබන ඇයගේ දරුවා ඉපදී පැය කිහිපයකින් මරණයට පත්වේ. නමුත් මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් වලින් ඇය අධෛර්යයට පත්වන්නේ නැත.

පාසලේදී නාට්‍ය හා කථනය පිළිබඳ විශේෂ දක්ෂතා පෙන්වූ ඇයට ටෙනිසීස් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදි.

අවුරුදු 17 දී පාසලෙන් ඉවත් වීමට පෙර ඇය ටෙනිසීස් කළු ජාතික සුරූපනිය නම් වූ  රූ රැජින තරගයෙන් ජයග්‍රහණය කරන අතර WVOL ගුවන්විදුලිය විසින් ඇයව සේවයට බඳවා ගනු ලැබේ. අධ්‍යාපනය ලබන අතරතුම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සේවය කරන ඇය ඉන්පසු WLAC-TV නම් රූපවාහිනී සේවයේ නිත්‍ය සේවිකාවක් ලෙස බඳවා ගන්නා ලදි.

”ඇයගේ ඔප්රා වින්ෆ‍්‍රී ෂෝ” නැමැති රූපවාහිනී සඟරාමය සංවාදාත්මක වැඩසටහන අදටත් ඇමෙරිකානු ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී ඇත. 2008 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී බැරක් ඔබාමා හට මිලියනයකටත් වඩා ඡන්ද ලබාදීමට ඇයගේ සහය දැක්වීම ප්‍රබල විය. 2013 දී ඇය නිදහස උදෙසා වූ ජාතික සම්මානයෙන් පුදදෙනු ලැබීය.

දහසක් වූ බාධක, කම්කටොළු, අතවර, වේදනා මතින් ඔප්රා වින්ෆී‍්‍ර තමා පැමිණි ගමන් මග අද ඇය මුළු ලෝකයක ගෞරවාදරයට පාත්‍ර වෙමින් බුහුමන් ලබන්නීය. අල ගෝනියකින් මැසූ ඇඳුමකින් සැරසී පාසල් ගිය කුඩා දැරියක් සිය ස්වෝත්සාහයෙන් ලොව ඉහළම මුදුනට නැග බැබළෙන්නේ නම් එවැනිම කාන්තාවන් වූ අපටද යහපත් හෙටක් වෙනුවෙන් උත්සාහයෙන් ක්‍රියා කළ නොහැකිද?.

නිරෝෂා සුමුදුනී




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,093 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,729 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,154 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top