"අනියම් බිරිදට රිසිසේ වියදම් කළත් ඇය වෙනස් වෙලා.."
"අනියම් ඇසුර නිසා නිත්‍යානුකුල බිරිදගෙන් වෙන් වෙලා.."
පාදුක්ක රූපලාවන්‍යාගාරයකට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු රූපලාවන්‍ය ශිල්පිනිය හා ඇයගේ සැමියා කපා කොටා පලායැමේ පුවතක් පාදුක්ක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අනියම් සබඳතාවක් දුරදිග යැමෙන් ඇතිවූ මෙම සිදුවීම කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙන් සිදු කළ බවට පාදුක්ක පොලිසිය මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බවත් සදහන්.
රූපලාවන්‍ය ශිල්පිනිය හා පෙමින් බැඳුණු පාදුක්කේම ව්‍යාපාරිකයකු ඇයට රිසිසේ වියදම් කර ඇය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුද සිය බිරිඳගෙන් වෙන්ව තිබෙනවා. කෙසේ වුවද කෙමෙන් තම අනියම් බිරිඳ වෙනස්වී යනු තේරුම් ගත් බොහෝ අවස්ථාවල එම ගැටුම් පාදුක්ක පොලිස් ස්ථානයේ නතර වී ඇති අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. පී. ගුණරත්න මහතා මීට දින 4 ට පෙර ද මෙම දෙපාර්ශ්වයට අවවාද කර පැමිණිල්ල සමථයට පත් කර තිබෙන බවත් සදහන්.
කෙසේ වුවද පාදුක්ක රජයේ රෝහල අසලින් තම රූපලාවන්‍යාගාරය ඉවත් කළ ඇය හොරණ පාරේ ස්ථාපිත කර ඇත්තේ අනියම් සැමියාගෙන් මිදීමට බවත් පැවසේ.
පාදුක්ක අවන්හලට ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථය එහි දමා පාදුක්ක ත්‍රිරෝද රථ ගාලෙන් ත්‍රිරෝද රථයක් ගෙන සති පොළට ගොස් එහි මාළු වෙළෙඳසැලක තිබූ පිහියක් ගෙන ඉහතකී සැලුන් එකට ගොස් රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලා ගොස් තිබේනවා. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන පාදුක්ක පොලිස් ස්ථානාධිපති එච්. පී. ගුණරත්න මහතා ඇතුළු පිරිස ත්‍රිරෝද රථය පැදවූ "මැක්කා" යන අන්වර්ථ නාමයන් හැඳින්වූ පුද්ගලයා ද මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට සැකකරන රූපලාවන්‍ය ශිල්පිනියගේ අනියම් පුරුෂයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර තුවාලකරුවන් හෝමාගම රෝහලට ඇතුල් කර තිබෙනවා.