Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
"ඕන තරම් කෙල්ලො ඇසුරු කළා. මගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න විතරයි.." - මතට ලොල් වූ තරුණයෙකුගේ සංවේදී කතාව

- "ඕන තරම් කෙල්ලො ඇසුරු කළා. මගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න විතරයි.." - මතට ලොල් වූ තරුණයෙකුගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,898 Views
"බිස්නස් එක සරු වෙනකොට කුඩුත් විකුණන්න පටන් ගත්තා.."

"පංති යද්දි නිතර මත් වෙලා අන්තිමේදී නතර වුණේ කුඩු මුදලාලි කෙනෙක් වෙලා..."

 ‘‘අපේ තාත්තා තොග බඩු ව්‍යාපාරිකයෙක්. වෙළෙඳසල් කිහිපයක්ම තිබුණා. අම්මත් ඒ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ගිණුම් කටයුතු පරීක්‍ෂා කළා. අයියලා දෙන්නගෙන් ලොකු අයියා ඉගෙනගත්තේ සාමාන්‍ය පෙළට විතරයි. පොඩි අයියා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වෙලා දැන් පෞද්ගලික බැංකුවක උසස් තනතුරක් දරනවා. මමත් පාසල් ගියේ කොළඹ ජනප්‍රියතම පාසලකට. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම පාස් වුණා. ඒත් උසස් පෙළ කරන්න පටන් ගෙන ඉස්කෝලේ ගියේ මාසයක් විතරයි. යාළුවො නැති නිසා පාසල් ගමන මට එපා වුණා. ඒ වෙනකොට මම මත්ද්‍රව්‍යයට වගේම මිතුරු ඇසුරටත් ඇඩික් වෙලා හිටියේ...’’
 ‘‘මම හරියටම සමාජයට ගියේ දහය වසර පන්තියේ ඉගෙන ගන්න කාලේ. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන පන්ති යන්න පටන් ගත්තට පස්සෙයි. විවිධ යාළුවො ඇසුරු කරන්න ලැබුණා. ඒ අය අතරින් වැඩි ප්‍රමාණයක් හිටියේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යාළුවො. ඒ අය එක්ක ඉන්න ඕන නිසා මමත් සිගරට් බිව්වා. යාළුවො සෙට් එක ගංජා බොනකොට උගුරක්, දෙකක් බිව්වා. ගංජා, සිගරට් බිව්වට පස්සෙ මට දැනුණේ මතටත් වඩා හිතට ජවයක්. සබකෝලය නැති වෙලා සමාජයට හොඳට මුහුවෙන්න පුළුවන් වුණා. එහෙම කරන්න පුළුවන් වුණේ ඇඟ ඇතුළේ මත් රකුසා හිටපු නිසා. පන්ති යන්න කියලා ගෙදරින් ඇවිත් වැඩිපුර හිටියේ බීච් එකේ. නැති නම් යාළුවන්ගේ ගෙවල්වල. පන්ති ෆීස් සේරම වියදම් කළේ මත්ද්‍රව්‍යවලට. සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන්න කියලා යාළුවකුගේ ගෙදර නතර වුණා. අපි යාළුවො තුන්දෙනෙක් සෙට් වෙලා හිටියා. පාඩම් කරන්න කියලා හවසට යාළුවගේ ගෙදරට ගියේ ගංජා, පෙති, පැණි, සිගරට් තොග පිටින් අරගෙන. සමහර දවස්වලට ඒවා බීලා පාඩම් කරන්නේ නැතුව මියුසිකල් බලන්න ගියා. නයිට් කල්බ් ගියා. හිතට කිසිම බයක් දැනුණේම නෑ. අම්මා තාත්තා මතක් වුණේම නෑ. හොඳ හැටි මත් වෙලා සිංහ වෙස් අරගෙන සමාජයේ පොරක් වෙන්න ගියා. දන්නේම නැතුව මත් රකුසා මගේ ජීවිතය ටිකෙන්, ටික බිලිගත්තා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එනකොට මම හොඳටම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. ඉස්කෝලෙ යන්නේ නැතිව ගෙදර නතර වුණාට පස්සේ ගමේ යාළුවොත් එක්ක සෙට් වෙලා රස්තියාදුවටම වැටුණා...‘’
 
‘‘එතකොට මගේ එකම සිහිනය වෙලා තිබුණේ ගමේ මර්සි පොරක් වෙන්න. ගමේ කොල්ලො මගේ ළඟට ඇවිත් පදිරේ වෙනවා දකින්න. මාස තුන, හතර යනකොට මම ඒ පසුබිම හදාගත්තා. ඒත් මම කරපු චාටර් වැඩ නිසා අපේ පවුලේ නම්බුවත් කැත වුණා. අපේ තාත්තා ගමේ විතරක් නෙමෙයි පළාතේම හොඳ නමක් හදාගෙන තිබුණේ. මම ඒ සේරම දේවල් නැති කළා. රෑට රෑට ගමේ ගෙවල්වල පරෙයි කූඩු කඩලා විකිණුවා. ඒත් මම ඒ ගෙවල්වලට බැස්සේ නෑ. මම හදාගත්ත සෙට් එකේ කොල්ලන්ව තමයි යැව්වේ. ඒ සල්ලි සේරම වියදම් කළේ මත්ද්‍රව්‍යවලටයි. ඇල්කොහොල්වලටයි. ගෙදරින් සල්ලි ගත්තේ නෑ. ඒ නිසා මම කරන වැඩ ගැන ගෙදරටත් හොයාගන්න බැරි වුණා. ඒ වගේම මම කවුරුවත් කියන දෙයක් ඇහුවේත් නෑ. අම්මට, තාත්තාට ඇර මගේ හිතේ කාටවත් ආදරයක් තිබුණෙත් නෑ. ඕන තරම් කෙල්ලො ඇසුරු කළා. ඒ ආදරණීය බැඳීමකට නෙමෙයි. මගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න විතරයි. වැඩියෙන්ම ඇසුරු කළේ ඥාති පවුල්වල අක්කලා, නංගිලා...’’
 
 ‘‘මම ඇසුරු කරපු සමහර කෙල්ලො මට දුවලා වෙනවා. ඒත් අවශ්‍යතාව ඉටුකරගැනීමේදී මම ඥාතිකම් බැලූවේ නෑ. අපිට ළඟම ඥාති වෙන අයියා කෙනෙකුගේ වයිෆ් එක්කත් මම සම්බන්ධයක් ඇති කරගෙන හිටියා. ඒ අක්කට ළමයි දෙන්නෙක් හිටියා. ඒ සිද්ධියේදී නම් අක්කා තමයි බලෙන්ම මගේ ඇඟට ආවේ. එයා දැනගෙන හිටියා මම මත්ද්‍රව්‍ය ගන්න විත්තිය. එයත් එක්ක තනි වෙන හැමදාම මම හිටියේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒකෙන් එයා හොඳ ෆීලින් එකක් ගත්තා. අක්කා ඒක මට කිව්වා. ටික දවසක් යනකොට ‘ඔයා බොන දෙයක් බොන්න’ කියලා අක්කා මට සල්ලිත් දුන්නා. දවස ගානේ මට එන්න කියලා කරදර කළා. ‘ටැක්සියක් අරගෙන එන්න’ මම සල්ලි දෙන්නම් කියනවා. මමත් ජොබ් එකක් නොකර ගමේ චාටර් වෙවී ඉන්න එකේ උදේ 9 ට විතර අක්කලාගේ ගෙදරට රිංගුවම එළියට ආවේ හවස. දවසක් මම එයාටත් මත් පෙති පෙව්වා. ඊට පස්සෙ එයාගෙන් බේරිල්ලක්ම නැති වුණා පෙති ඉල්ලූවා. මාස  ගානක් මම එයාගේ සල්ලිවලින් මත්පෙති බිව්වා. අයියා හොඳ ජොබ් එකක් කළේ. හොඳ පඩියක් ගත්තා. අක්කා ඒ සල්ලි ආතල්වලට ලෝස් නැතිව වියදම් කළා...’’
 
 ‘‘මුලදි, මුලදී අක්කලාගේ ගෙදර යන එන එක ගැන කවුරුවත් සැක හිතුවේ නෑ. හැමදාම යන්න ගන්නකොට වට, පිටේ අයට අමුත්තක් දැනුණා. වට පිටේ ඉන්න සේරම අපේ ඥාති. ඒත් මත්ද්‍රව්‍ය ගත්ත ගමන් මට අක්කාවම ඕනා වුණා. කොහොමහරි කොටු පැන, පැන ඉන්නකොට පාතාල උණත් මට සැරටම වැළඳුණා. ඊට පස්සේ කොළඹ හොල්ලගෙන හිටිය පාතල ටීම් එකක මම දන්න දෙන්නෙක් ළඟින්ම ඇසුරු කරන්න පටන් ගත්තා. ඒ කොල්ලොත් එක්ක එහේ, මෙහේ යන, එනකොට ගමේ කොල්ලො තවත් මට පදිරේ වුණා. ඊට පස්සෙ මම කොල්ලෙක් දම්මලා ගමේ ගංජා, පෙති බිස්නස් කරන්න පටන් ගත්තා. බිස්නස් එක සරු වෙනකොට කුඩුත් විකුණන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් මම කුඩු බීලා නෑ. මම වැඩිපුර ඇබ්බැහි වෙලා හිටියේ මත් පෙතිවලට...’’
 
 ‘‘පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා තමයි මම මත්කුඩු පාවිච්චි කරන්න පටන් ගත්තේ. එදා ? පාටිය දැම්මේ මගේ යාළුවකුගේ ගෙදර. ඒ පාටියේ හැම මත්ද්‍රව්‍යයක්ම තිබුණා. පෙති දෙක, තුනක් බීලා ෆුල් ෆන් එකේ ඉන්නකොට එක යාළුවෙක් සයිඞ් වෙලා කුඩු චුට්ටක් බොනකොට මටත් උගුරක් බොන්න ආස හිතුණා. ඉල්ලන සුනංගුවට යාළුවත් ඊයම් කොළය මගේ දිහාට දික් කළා. කුඩු උරන ක්‍රමය සේරම මම හොඳට දැනගෙන හිටියේ. එක හුස්මට ඊයම් කොළයේ තිබුණු සේරම කුඩු නහට ඇද්දා. මම දන්නේ කොල්ලො සින්දු කියන තැනට ගිහින් වාඩි වෙනවා විතරයි. ඊට පස්සේ මම ඇහැරුණේ පළවෙනිදා උදේ. එදා ? වමනේ දාලා, මම මැරුණා වගේ වුණාලූ. අන්තිමේ යාළුවොත් බය වෙලා. උදේ පාන්දර
 
 ගෙදර ගිහින් ආයෙමත් පාරට ආවේ දෙවැනිදා උදේ. එළියට බැස්ස ගමන් මම ගියේ 31 ? කුඩු බිව්ව යාළුවාගේ ගෙදරට. එයත් එක්ක සෙට් වෙලා පොට් එකකට ගිහින් කුඩු කෑලි දෙකක් අරගෙන එදත් බිව්වා. එදත් කුඩු බීපු ගමන් මට වමනය ගියා...’’
 
 ‘තව දවසක් දෙකක් බොනකොට ඕක හරි යයි බණ්චියා. පෙත්තට වඩා ආතල් නේ...’ යාළුවා මට කුඩුවල අමුතු ෆීලින් එකක් පෙන්නුවා. මමත් ඒකට වහ වැටුණා. දවස ගානේ කුඩු බිව්වා. මුල් දවස්වල කුඩු පැකට් එකයි බිව්වේ. ටික දවසක් යනකොට පැකට් දෙක වුණා. තුන වුණා. හතර වුණා. ඉවරයක් නෑ. කුඩු ලොරියක් ගෙනත් දුන්නත් බීලා ඉවර කරන තත්ත්වයට මම පත් වුණා. අන්තිමේ මත්ද්‍රව්‍ය බිස්නස් එකත් නතර කරලා මගේ ජීවිතය කුඩුවලටම වෙන් වුණා. අතේ සල්ලි නැති වෙනකොට අපේ කඬේ සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා. බෝල ගෙඩිය වගේ හිටිය මම දවසට, දෙකට දිරන්න පටන් ගත්තා...’’
 
 ‘‘අම්මයි, තාත්තයි එක්ක කඬේ ඉන්නකොට ගමේ මිනිස්සු මගේ දිහා බලලා අහනවා ‘මුදලාලි පුතා දවසට දෙකට ඇඳිලා ගිහිල්ලා. ලස්සනට හිටිය කොල්ලා. මොකක්වත් ලෙඩක්වත්ද...’ ඒ වෙලාවට තාත්තා හිනා වෙලා ‘මෙයාගෙන්ම තමයි අහන්න ඕනා’ කියලා මගේ දිහාට ප්‍රශ්නය මාරු කරනවා. ඒ වෙනකොට මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා තාත්තටත් ආරංචි වෙලා තිබුණා. ඒත් මම කුඩු බොන විත්තියක් තාත්තා දැනගෙන හිටියේ නෑ. මම කුඩු බොනවා කියලා දැනගත්තට පස්සේ අම්මයි, තාත්තයි හරියට දුක් වුණා. ඒත් මට මුලදි බැන්නේ නෑ. වෙනදාටත් වඩා ආදරයෙන් කතා කරලා කුඩු එපා වෙන්න මට බෙහෙත් අරගෙන දුන්නා. ඒත් මට කුඩු එපා වුණේ නෑ. මම හොරෙන් පැනලා ගිහිල්ලා කුඩු බීලා එනවා. අපේ ගෙදරට සල්ලි තියෙන නිසා යාළුවන්ට කියන සුනංගුවට කුඩු පැකට් එකක් අරගෙන එනවා...’’
 
‘‘මගේ චාටර් ජීවිතය ගැන ගමේ අය කයිකතන්දර කියනකොට දවසක් තාත්තා ‘උඹ පුංචි කාලේම මැරිලා ගියා නම් හොඳයි පුතේ...’ කියලා ඇඬුවා. තාත්තා එහෙම කිව්වේ පුංචි කාලේ මට ලෙඩක් තිබිලා තියෙන නිසයි. තාත්තා විශාල මුදලක් වියදම් කරලා තමයි ඒ ලෙඬේ සනීප කරගෙන තියෙන්නේ. තාත්තා, අම්මා කොච්චර දුක් වුණත් ඒ එයලාගේ දුක, වේදනාව මට තේරුණේ නෑ. මම කුඩු නිසා පිස්සු වැටිලා හිටියේ. අන්තිමේ තාත්තා මාත් එක්ක කතා කරන්නේ නැතුව ගියා. කඬේටවත් මාව වද්ද ගත්තේ නෑ. මාව දැක්කම අම්මා කම්මුලට අත තියාගෙන මගේ ඇඟ දිහා බලාගෙන හීල්ලූවා. සමහර වෙලාවට අම්මා දන්නෙත් නැතිව ඇස්වලින් කඳුළු බේරුණා...’’
 
 ‘‘මගේ අයියලා දෙන්නා පාටියකදීවත් අරක්කු සිගරට් බොන්නේ නෑ. තාත්තා බොන්නෙත් අරක්කු ෂොට් එකක් දෙකක් විතරයි. සිගරට් නම් ළඟටවත් ගන්නේ නෑ. අපේ පවුලේ මම තමයි ඔය හැම දෙයක්ම තුරුළු කර ගත්තේ. නරක වැඩ කළේ. මම මත්ද්‍රව්‍ය ගන්න එක විතරක් නෙමෙයි, අක්කගෙයි මගෙයි හුටපටෙත් ගෙදරින් දැනගෙන හිටියා. මම කරපු දේවල් නිසා අම්මා, තාත්තා නොසෑහෙන්න දුක් වින්දා. අම්මටයි, තාත්තාටයි දුන්නු වේදනාව මතක් වෙනකොට දැන් මම මැරි, මැරී ඉපදෙනවා. දැන් මට ඕනා මම කරපු වැරැදිවලට අම්මාගෙයි, තාත්තාගෙයි කකුල් දෙක අලල්ලා වැඳලා සමාව ගන්න. ආයෙමත් ජීවිතේ කිසිදු දවසක මගෙන් එවැනි වැරැදි නම් සිදු වෙන්නෙ නෑ...’’
 
 ‘‘මම මේ පන්සලට ආවේ මේ අවුරුද්දේ මැයි මාසෙ 12 වැනිදා. දැන් තමයි මම පියවි සිහියට ඇවිත් ඉන්නේ. මට වයස අවුරුදු දහඅටයි. මේ පන්සලෙන් ගිය දවසකට තාත්තාගේ ව්‍යාපාරවලට හවුල් වෙලා තාත්තා වගේ ව්‍යාපාරිකයෙක් වෙන්න උපරිම උත්සාහ කරනවා. අනිවාර්යෙන්ම සමාජයේ යහපත් චරිතයක් නම් වෙනවා. නැවත මගේ ජීවිතයට මත්ද්‍රව්‍ය සහ යාළුවො කිසිදු දවසක හමු වෙන්නෙ නෑ. ඒක විශ්වාසයි. මත්ද්‍රව්‍යයටත් වඩා යාළුවො තමයි නරක. අද කාලේ සැබෑ මිත්‍රයො නෑ. සේරම ඉන්නේ සල්ලි තියෙනකම් විතරයි. යාළුවොත් මාව හොඳට පාවිච්චි කළා. මෝරා කළා. මගේ සල්ලිවලින් ගොඩ ගිය යාළුවො ඉන්නවා. ඒත් අන්තිමේ ඒ අය කළේ මාව වළට තල්ලූ කරපු එක. ඒත් මම හිතාගෙන හිටියේ මම තමයි පොර කියලා. හැම දෙයක්ම තේරුණේ මේ පන්සලට ඇවිත් මිතුරු මිතුරෝ පවුලේ අයත් එක්ක දුක සැප බෙදාහදාගෙන ජීවත් වෙනකොට තමයි...’’
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,837 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,210 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,224 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,935 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,753 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,033 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,611 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,454 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top