Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
07
‘‘වළට දාද්දි ගෑනි මැරිලද..?නෑ සර් කෙඳිරි ගෑවා.." විකෘති කාම ආශාවකින් පෙළුණු පාපැදි ශූරයා අනියම් පෙමක් නිසා සිය බිරිඳට කල අපරාධය

- ‘‘වළට දාද්දි ගෑනි මැරිලද..?නෑ සර් කෙඳිරි ගෑවා.." විකෘති කාම ආශාවකින් පෙළුණු පාපැදි ශූරයා අනියම් පෙමක් නිසා සිය බිරිඳට කල අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
ගෙදරට හොරෙන් හෝටල් කාමර වලට ගියා 
 
පොරෝ මිටක් අතට අරන් හිසට එල්ල කළා
 
‘‘මල්ලි ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ගෑණු කෙනෙක් කෑ ගහන්නේ. නැන්දත් ගෙදර නැති එකේ කවුද කෑ ගහන්නේ...‘‘ 
 
රූපවාහිනි නැරඹිම සඳහා නැන්දාගේ නිවසට පැමිණි වැලිකුමාරගේ පුතාගෙන් එහෙම ඇහුවේ වැලිකුමාරගේ අක්කාගේ පුතා. කාලයක ඉඳන් තියෙන මවුපිය ආරවුල නිසා වැලිකුමාරගේ ගැටවර පුතා කල් ගෙවන්නේ ආච්චි අම්මගේ ගෙදර. එනම් වැලිකුමාරගේ මවුපියන් ළඟයි.

රාත්‍රීය උදා වූ විට රූපවාහිනි නැරඹිම සඳහා නැන්දාගේ ගෙදරට යන්න ඔහු පුරුදුව හිටපු අතරේ මේ නිවස පිහිටා තිබෙන්නෙත් ඒ ආසන්නයේ. නැන්දාගේ පුතාට හඳුනා ගැනීමට අපහසු වුවත් ගැහැනු කටහඬ කාගේදැයි හඳුනාගන්නට වැලිකුමාරගේ පුතාට නම් පුළුවන් වුණා. 
 
ඒ සිය අම්මාගේ කටහඬයි. 
 
‘‘අපේ අම්මා ගෙදර ඇවිත්. එයා කෑ ගහන්නේ..‘‘ ටික වෙලාවකින් කෑ ගහන එක අඩුවුණා. 
 
‘‘මල්ලි , ඔයා ගෙදරට ගිහින් බලන්න. මොකද වෙලා තියෙන්නේ කියලා...‘‘ 
 
සමගි අයියාගේ කීමට ගෙදරට යන පුතා දොරට තට්ටු කළා. 
 
‘‘අප්පච්චි, අප්පච්චි, දොර අරින්න...‘‘ 
 
ඉදිරිපස දොරට මහ හයියෙන් තඩි බෑවත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ එක්කම පියා නිවස පිටිපස්සෙන් එන වග පුතා දකිනවා. 
 
ඔහු භීතියට පත්වන්නේ පියාගේ පෙනුම දැකලයි. 
 
‘‘මොකටද මෙහේ ආවේ.. තෝ පල.. නැත්තම් මම තෝවත් මරනවා...‘‘ 
 
ආපහු එන පුතා, සමඟි අයියට විස්තරය දන්වනවා. ආයෙමත් මේ දෙන්නා පිටත් වෙන්නේ මවට මොකද්ද වුණේ කියලා හරියටම දැනගන්න අදහසින්. 
 
ඒත් පියාගෙන් ලැබෙන්නේ කලින් ලැබුණු ප්‍රතිචාරයමයි. 
 
‘‘පලයව් යන්න දෙන්නම...‘‘ 
 
ඒ අතරතුරේ පුතා තමන්ගේ පියාගේ අමුත්තක් දකිනවා. ඒ තමයි පියාගේ ඇඟ පුරාම තැනින් තැන ලේ තැවරිලා තියන විත්තිය.
 
ඥාති සහෝදරයත් මේක දකිනවා වුණත්, තර්ජනයට බියපත් වෙලා මේ දෙන්නා එතනින් පිටත් වෙනවා. 
 
‘‘මාමා නැන්දට මොනවහරි කරලා...‘‘ 
 
එලෙස පවසන සමඟි අයියා ගමේ අහළ පහළ අයත් කැඳවාගෙන වැලිකුමාරගේ නිවසට යන්නේ සිද්ධ වෙලා තියෙන දේ හරි ආකාරව දැනගන්න. මාමා පෙනනෙන්න නැහැ. සාලය පුරාම ලේ පාරවල්. 
 
ඔවුන් ඒවා දකින්නේ සාලය ආවරණය කරගන්න යොදා තිබුණු ඉටි රෙදි අතරින්. පිටිපස දොර විවෘතයි. ඉදිරිපස දොර අඟුළු දාලා. 
 
සමඟි පුතා පොලීසියට යන්නේ ඊට පස්සේ. පසුගිය විසිපස්වැනිදා රාත්‍රී හත හමාරට විතර අනුරාධපුර මූලස්ථාන පොලීසිය මෙතනට පැමිණෙනවා. 
 
පොලීසිය එදින තිබුණු වර්ෂාවත් බාධාවක් නොකරගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. 
 
නිවසට ගිය පොලිස් කණ්ඩායමට මුලුතැන්ගෙයි දොර අසළ එළියේ ගුලි වූ කළු පැහැ යට සායක් දකින්න ලැබෙනවා. 
 
ඒ අසලම ලේ පැල්ලම් බොහෝමයක් තියනවා. ඒ පැලලම් මිදිලා තිබුණු බව පොලිස් නිලධාරින්ට පෙණුනා. 
 
ළිඳ අසළ අලුත කපල ලද වළක් දකින්න ලැබෙන්නේ ඔය අතරෙ. ඒ උඩින් ටකරමක් දාලා වහලා තිබුණා. 
 
ලේ පැල්ලම් අවසන් වෙන්නේ එතනින්. මේ සියලු සාක්ෂි එක්ක පොලීසිය අවසානයේ එන නිගමනය, වැලිකුමාර බිරිය මරා වළලන්න ඇති කියලයි. 
 
ඔය අතරේ පොලීසියට ලැබුණූ තවත් ඇමතුමකින් කියවුණේ වැලිකුමාර ත්‍රී රෝද රථයකින් ප්‍රදේශයෙන් පලා යනවා කියලයි. තොරතුර දුන්නු කෙනා රථයේ අංකයත් දීලි තිබුණා. පැය දෙක තුනකට පස්සේ අනුරාධපුරය කඩදොළක ප්‍රදේශයේදි සැකකරුව අත්අඩංගුවට ගන්න පොලීසියට පුළුවන් වෙනවා. 
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වැලිකුමාර සියල්ලම හෙළි කරනවා. 
 
නිල්කුමාර නොහොත් වැලිකුමාර වන මොහුගේ වයස අවුරුදු හතළිස් හතරක්. 
 
ඔහුගේ බිරිය ඉරේෂා මල්කාන්ති කුමාරිහාමි හතළිස් එක් හැවිරිදියි. නීල් කුමාර කාලයක් අනුරාධපුරය හොල්ලගෙන හිටපු පුද්ගලයෙක්. ඒ ඔහු බයිසිකල් රේස් පදින්න හපනෙකු වුනු නිසා. ඔහුගේ දියණියත් බයිසිකල් ශූරියක්. 
 
විවාහයෙන් පස්සේ මල්කාන්තිත් වැලිකුමාරත් පදිංචි වුණේ වැලිකුමාරගේ මහගෙවල් අසළ පුංචි නිවෙසක් තනාගෙනයි. මේ දෙදෙනා අතර නිතර නිතර ආරවුල් සහ අඩදබර ඇතිවුණු අතර ඒ සියල්ලටම හේතුව වුණේ සැකය. බිරියට අනියම් සැමියෙක් ඉන්න බවත්, ඔහු ත්‍රීරෝද රියදුරෙක් බවත් කියමින් වැලිකුමාර ඇයට නිතරම අඩත්තෙට්ටම් කරන්න පුරුදු වෙලා හිටියා. 
 
මේ නිසාම ළමයින් පවා කල් ගෙව්වේ කළකිරීමෙන්. 
 
වැලිකුමාර අසම්මත ලිංගික ආශාවන් වලට පෙළඹි හිටපු කෙනෙක් වගේම දැඩි කාමාශවකින් පෙළීමත් නිසා බිරියට මේ හිරිහැර ඔරොත්තු දුන්නේ නැහැ. 
 
මේ නිසාම ටික දිනකින් ඇය දරුවන් දෙදෙනා සමඟ මවුපිය නිවසට යන්නේ වැලිකුමාර එපා කියන ගමන්. සමඟි සාමාදාන වෙන්න උත්සහ කළා වුණත් මවුපිය පර්ශවයෙන් වැලිකුමාරට එල්ල වුණේ විරෝධයක්. 
 
ඒ අතරේ බිරිඳ ගැන ඔහුට ඇතිවුණේ වෛරයක්. ඇගෙන් පළිගන්න තරම් චේතනාවක්. ඒ වෙලාවේ තමයි ඔහුට හිතෙන්නේ ඇයව මරාදාන්න. 
 
සැලැස්මේ කොටසක් විදිහට වැලිකුමාර කාටත් රහසින් ඈ එක්ක කතා කරලා ලිංගික සම්බන්ධතා හොර රහසින් පවත්වන්න මඟ පාදගත්තා. 
 
ඒ සියල්ලම ඔවුන් කරන්නේ මවුපියන්ට හොරෙන්. 
 
‘අපි දෙන්නා හෝටල්වලට ගිහින් කාමර අරගෙන එකට හිටියා. එයා ආපහු ගෙදර පදිංචියට එන්න කැමති වුණේ නෑ. එයාගේ අනියම් සම්බන්දේ ගැන මම රණ්ඩු කරපුවා වටේම අය දැනගෙන හිටපු නිසා එයා එන්න කැමති වුණේ නෑ. එයාට ගමේ ඉන්න ලැජ්ජයි කිව්වා..‘‘ 
 
‘‘එයා කිව්වා මේ ගේ විකුණලා වෙනත් පැත්තකින් ගෙයක් අරගෙන පදිංචි වෙමු කියලා. ඔය අතරතුරෙ මම මගේ සැලසුමට අනුව ළිදට ටිකක් එහායින් වළක් කපන්න පටන් ගත්තා. කපන පස් සේදිලා යයි කියන බයට කුස්සියේ අගුළු දැම්මා. ගෙදර හිටියේ මම විතරයි. ඒ නිසා වළ කපන එක කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඊයේ මම එයාට කෝල් කරලා කිව්වා ආමි එකේ ඉන්න දුව බලන්න හෙට යමු ගල්කුලමේ ඉඳලා පාන්දර යන්න අමාරුයි, ඔයා එන්න. අපි රෑට අපේ ගෙදර ඉඳලා උදෙන්ම දුවව බලන්න යමු කියලා.මම එයාව ගන්න අනුරාධපුර ස්ටෑන්ඩ් එකට ගියා. එයා හිටියා. අපි ටවුමේ කඩේකින් රෑට කන්න රයිස් එකකුත් අරගෙන ත්‍රීවිල් එකකින් ගෙදර ගියා..‘‘ 
 
නිවෙසට ගිය වහාම ඔවුන් කළේ ලිංගිකව හැසිරෙන එක. තිබුණු හදිසියට ඇඳුම් දමන්නෙත් සාලයේ වුණු පා පැදිය මතට. ඇය ළඟ ඉතුරු වෙන්නේ කළු පැහැති යට සාය විතරයි. ඇඟපත හෝදගෙන ගෙට ගොඩවෙන වැලිකුමාර පුරුදු විදිහට ඇය එක්ක රංඩු වෙන්න පටන් ගත්තා. 
 
ඒ අදත් පරක්කු උනේ අනියම් සැමියා එක්ක රෝන්දේ ගියාද අසමින්. 
 
‘‘උඹ දැන්මම රංඩුව ඇදගත්තා. මම යනවා ගෙදර...‘‘ 
 
එහෙම කියපු ඇය ඇඳෙන් නැගිටිවත් එක්කම පොරෝ මිටක් අතට ගන්න වැලිකුමාර ඇයගේ හිසට එල්ල කරනවා. 
 
විසිරෙන ලේ ඔලුව පුපුරගෙන මේට්ට මත වැටෙද්දි ඇය දුවන්න තනන්නේ ඔහුගෙන් බේරෙන අදිටනින්. ඒත් ඇයව ලුහුබඳින ඔහු අත වූ පොල්ලෙන් නැවතත් ඇයට ගැහුවා. 
 
ඇය උදව් ඉල්ලලා කෑ ගහන්නේ ඒ අතරේ. ඔහු ඇයට ඔසවාගන්නවා. තරබාරු නිසාම ඇයව ඔසවාගන්න එක ඔහුට ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. 
 
ඒ විදිහට බිම දිගේ ඇදගෙන යද්දි ඇගේ සිරුරෙ තිබුණු එකම ඇඳුම වූ යට සාය ගැලවී මුළුතැන්ගෙයි වැටෙනවා. 
 
තමන් විසින් හාරපු වළට ඇයව දාන ඔහු, හංඟපු උදැල්ලක් අරගෙන ඒ කටයුත්ත අවසන් කරනවා. 
 
ඔහුගේ පුතා ඇවිත් යන්නෙත් ඔහු මේ කටයුත්ත කරන අතරවාරයේ. 
 
‘‘වළට දාද්දි ගෑනි මැරිලද...?‘‘ 
 
‘‘නෑ සර් කෙඳිරි ගෑවා...‘‘ 
 
මිය යාමට පෙර තම බිරිඳව වළ දැමු ආකාරය ඔහු හෙළි කළේ ඒ ආකාරයෙන්. 
 
නිවෙස පරීක්ෂාවේදී දියණියට ගෙන යාමට ගෙන ආ කෙසෙල් ඇවරියක් ඇතුළු කෑම වර්ගද ඇඳුම්ද හමු වී තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top