Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
06
අනියම් බිරින්දැවරු 40ක් ආශ්‍රය කළ නුවර සම්පත් කළ සියලු කෙළි එළියට එයි

- අනියම් බිරින්දැවරු 40ක් ආශ්‍රය කළ නුවර සම්පත් කළ සියලු කෙළි එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,314 Views
බිරින්දෑවරු 40කගෙන් නම් මතක 30 දෙනෙක්ගේ විතරයිලු 
 
ගණිකා ඇසුරට තදින් ඇබ්බැහි වූවෙක් 
 
අබේකෝන් මුදියන්සේලාගේ සුධර්මා සෙනෙවිරත්න විශ්‍රාමික පෙර පාසල් ගුරුවරියක්. ඇය පදිංචිව සිටියේ මාරගස්සහ බෝගහපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක පමණ වත්තක පිහිටි වලව්වකයි. ඇය මේ නිවසේ සිටියේ තනිවමයි. 
 
ඇගේ තනියට සිටි එකම කෙනා වූයේ වේලූ පමණයි. වේලූ නැවතිලා හිටියේ ඇගේ වලව්වට යාබදව ඇය විසින්ම තනා දුන්නු කුඩා නිවෙසකයි. ඔහු හැටපස් හැවිරිදි කෙනෙක්.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ උදෑසන වලව්වේ දොර ජනල් විවර වෙලා තියනවා දැකපු වේලූ කලබල වුණා. මොකද මීට කලින් එහෙම දෙයක් සිද්ධ වෙලා නැති නිසා. 
 
තමන්ගේ ස්වාමිදුවට කතා කළා වුණත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා වේලූට සැක හිතුණා. 
 
ඊළඟට ඇතුළට ගිය වේලූට දකින්න ලැබුණේ ඇඳ මතා සුධර්මා මරා දමා තිබෙන අයුරු. වේලූ හැකි ඉක්මනින් මේ ගැන තලාතුඔය පොලීසියට දැනුම් දීමක් කළා. 
 
පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලීසිය ඒ සඳහා පොලිස් සුනඛයින් පවා යොදා ගනු ලැබුවා. ඒ වුණත් කිසිම හෝඩුවාවක් නොවීම ගැටලු සහගත දෙයක් වුණා. ඔය අතරෙ තමයි සුධර්මාගේ නැගණියක් සිද්ධියට අදාළව යම් දෙයක් තලාතුඔය පොලීසියට දැනුම් දෙන්නේ. 
 
ඒ තමයි මිය ගිය ගුරුවරිය තමන්ට දින කිහිපයකට කලින් යමක් කිව්වා කියන කාරණාව. 
 
‘‘අක්කේ, මම ගෙදර ඉන්නකොට කවුදෝ මිනිහෙක් ආවා. එයා මගෙන් ඇහුවා සුරංග අයියගේ ගෙවල් කොහෙද කියලා, මම කිව්වා අර පැත්තේ කියලා. පස්සෙ මිනිහා මගෙන් අහනවා ඔයාට ළමයි ඉන්නවද කියලා. මම කිව්වා නෑ කියලා. ඌ මට කියනවා මගෙන් දරුවෙක් හදාගන්න කැමති නැද්ද කියලා. ඒ මිනිහා අතේ සිල්වර් පාට මුදු හතරක් විතර තිබුණා...‘‘ 
 
සුධර්මා මේ සුරංග හොයාගෙන ආපු අමුත්තා ගැන, සුරංගගෙන් පවා අහලා තිබුණා. සිල්වර් පාට මුදු හතරක් පළඳගෙන ඉන්න හිතවතෙක් තමන්ට නෑ කියලා සුරංග එකහෙළාම කිව්වා. 
 
නමුත් ඒ වෙනකොටත් ඒ කියන පුද්ගලයා හිටියේ සුරංගගේ නිවස ඇතළේ. මේ ගැන සුධර්මා දැනගෙන හිටියේ නැහැ. 
 
සුධර්මා මරා දැමු ඝාතකයා ඇගේ වටිනාම කියන ජංගම දුරකථනයත් පැහැර අරන් තිබුණේ. 
 
ඊට අමතරව ඇගේ ගෙල බඳින රන් මාලයත් කරාබු ජෝඩුවත් ඝාතකයා අරන් ගිහින් තිබුණා. 
 
සුධර්මාට ඒ කියන වටිනා කියන දුරකථනය ලබා දීලා තිබුණේ ඇමරිකාවේ ඉන්න ඇගේ ඥාති පුත්‍ර යෙක්. ඔහු පොලීසියට අධිතාක්ෂණික උපක්‍රම කිහිපයකින් මඟින් දුරකථනය තියෙන තැන හොයාගන්න උපකාර කරනවා. 
 
ඒ විදිහට තමයි පොලීසිය දුරකථනය පසුපස ලුහුබඳින්න පටන් ගන්නේ. අවසානයේ දුරකථනය කොන්දොස්තරවරයෙක් ගාව තිබිලා පොලීසියට හම්බවෙනවා. ඒත් දුරකථනය තමන්ගේ නොවෙයි කියලත්, ඒක බිම තිබිලා අහුලගත්තා කියලත් ඔහු පොලීසියට කියනවා. 
 
ගූගල් යොදාගනිමින්, දුරකථනය රැගෙන ගිය තැන් හොයන වැඩේ ඊළඟට පටන් ගත්තා. සුධර්මා මැරුම් කන්නේ ඔක්තොම්බර් හතරවැනිදා රාත්‍රී හෝ පස්වෙනිදා අලුයම. 
 
ඒ අනුව එම දිනයන්හි දුරකථනය රා තිප්පොළවල්වල තිබී ඇති බව “ගූගල්“ මඟින් හොයාගන්න පොලීසියට පුළුවන් වුණා. 
 
ඉන්පසු දහවල් එකොළහට එම දුරකථනය එක්තරා රන් භාණ්ඩ අලෙවි කරන සාප්පුවක තිබූ බව ගූගල් මඟින් පෙන්නුම් කරනවා. ඉන් අනතුරුව පොලීසියේ නිලධාරින් අදාළ සාප්පුවට ගොස් එහි තිබු සිසිටීවි කැමරා පරීක්ෂා කිරීම ඇරඹුවා. 
 
එහිදි ඔවුන්ට දකින්නට ලැබුණෞ දවල් 11ට විතර තරුණයෙක් සාප්පුවට ඇතුල් වෙලා ඔහු විසින් ගෙන එන ලද රන් බඩු කිහිපයක් අලෙවි කිරීමට උත්සහ ගන්න බවයි. පසුව එම දර්ශන විශාල කරලා බලනකොට දකින්න ලැබුණේ තරුණයාගේ අතේ ඇඟිලි කිහිපයක රිදී මුදුත් තියන බවයි. 
 
රන් භාණ්ඩ අලෙවි සලේ හිමිකරුගේ සහයෙන් අදාළ පුද්ගලයා ගෙන ආ රන්භාණ්ඩ පිරික්සිමේදි ඒ සුධර්මා සතු රන්භාණ්ඩ බව හෙළිවුණා. 
 
පොලිස් නිලධාරින් අදාළ සාක්ෂි සටහන් කර ගනිමින් ඊළඟට ගියේ ගූගල් විසින් පෙන්නුම් කරපු තවත් ස්ථාන කිහිපයකටයි. 
 
ඒ අනුව ඔවුන් ඊළඟට යන්නේ මහනුවර බස් නැවතුම්පොළට. බස් නැවතුමේ හිටපු ගණිකාවන් කිහිප දෙනෙක් සිද්ධියට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විස්තරයක් කියනවා. 
 
‘‘සර් මේ මනුස්සයා එදා මෙතනට ඇවිත් රුපියල් දෙදහක් දීලා ගෑනියෙක් ගන්න හැදුවා. අපි කවුරුත් කැමති වුණේ නැහැ. ඉන් පස්සේ පිටින් ආපු ගෑනියෙක් දාගෙන ත්‍රීවිල් එකක ගියා..‘‘ 
 
සිසිටීවි දර්ශන බැලු ඇය අදාළ පුද්ගලයාව අඳුන ගන්නවා 
 
‘‘ඔව් සර්... මෙයා තමයි...‘‘ ගණිකාව සමඟ විශ්වාසය ගොඩ නඟාගත් නිලධාරින්, ඇයට විධානයක් දුන්නා. 
 
‘‘මේ මනුස්සයා ආපහු එන්න පුළුවන්. ආපු ගමන් අපිට කියන්න..‘‘ 
 
ගූගල් ඊළඟට පෙන්වන්නෙ අවන්හලක්. අවන්හලේ හිමිකරු සිසීටිවි දර්ශනවල හිටපු පුද්ගලයාව අඳුනගන්නවා. 
 
‘‘සර් මෙයාගේ නම සම්පත්, නෝනාක්කගේ පුතා. එදා මිනිහා මෙහේ ඇවිත් පොඩි ඩ්‍රින්ක් එකකුත් දාලා ගියේ. අපිටත් ගානක් දුන්නා...‘‘ 
 
අන්තිමට පොලිස් නිලධාරින් නතර වෙන්නේ සම්පත්ගේ බිරිඳයි කියලා කියන කාන්තාවක් ළඟ. 
 
‘‘මම තමයි සර් එයාව බැඳලා හිටියේ. එයා මට වද දුන්නා. එයාට හැම තැනම ගෑනු හිටියා. දෙසැම්බර් මාසේ එයා ගියා ගියාමයි, මම ඇහැට දැක්කේ නෑ. මම එයාට දික්කසාඳ නඩුත් දාලයි තියෙන්නේ...‘‘ 
 
ඔක්තොම්බර් මාසේ 20 වැනිදා පොලීසියට ඇමතුමක් ලැබෙනවා. ඒ එදා බස් නැවතුමේ හිටපු ගණිකාවගෙන්. 
 
‘‘සර්. අර කොල්ලා ගෑනියෙක් එක්ක ඇවිත් ඉන්නවා. අපි කතාවට අල්ලන් ඉන්නේ. ඉක්මනට එන්න...‘‘ 
 
ඒ අනුව සම්පත් අත්අඩංගුවට පත් වෙනවා. ඔහුගෙන් කරපු දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ සුධර්මා මැරුවේ තමන් කියලා ඔහු පිළිගන්නවා. 
 
‘‘එදා මම සුරංග අයියගේ ගෙදර ආපු එක ඇත්ත. පස්සේ මම එහේ ගියා සර්..‘‘
 
‘‘ඇයි උඹ ඒ ගෙදරට ගියේ..‘‘ 
 
එතනදි තමයි සියල්ලම හෙළි වුණේ. සුරංගගේ දියණියක් සමඟ ඔහු වසර තුනකට පෙර සම්බන්ධයක් තිබිලා. ඇයට ඔහුගෙන් දරුවෙකුත් ඉන්නවා. විරසකයක් නිසා පලා ගිය ඈව හොයාගෙන තමයි එදා ඔහු ඇවිත් තියෙන්නේ. ඒ ඇවිත් සාමාදාන වෙන ඔහු දවස් දෙක තුනක් එහි ගත කරනවා. 
 
සුරංගගේ දියණියගෙන් රුපියල් ලක්ෂයක් උවමනායි කියලා සම්පත් ඉල්ලන්නේ ඔය අතරෙ. ඒත් දියණිය ඒක ප්‍රතික්ෂේප කරනවා. 
 
‘‘හරි උඹලට දෙන්න බැරි නම් මම සුධර්මා නෝනගේ ගේ කඩනවා...‘‘ 
 
‘‘ඒක කරන්න ගියොත් පුංචි අයියා අතඅරින එකක් නෑ..‘‘ 
 
සුරංග එහෙම කිව්වේ සුධර්මගේ පවුලේ උසස් පොලිස් නිලධාරින් ඉන්නවා කියලා දැනගෙනයි. සම්පත් අදහස අත්අරින්න කැමති වුණේ නැහැ. ඊට දින දෙක තුනකින් ආපහු එන සම්පත්, සුධර්මාගේ කාමරයට හොරෙන් ඇතුල් වෙනවා. 
 
ඒ වෙනකොට සුධර්මා හිටියේ ඇගේ දුරකථනයෙන් යමක් නරඹමින්. සුබ නින්දකට යන්න සුදානමින් මදුරු දැල් දාගෙන සුධර්මා නින්දට යන්න හැදුවත්, ඒ වෙද්දි ආපු සම්පත් ඇගේ හිසට අලවංගු පහරක් එල්ල කරනවා. 
 
කිසිම ශබ්දයක් නඟන්නේ නැතුව සුධර්මා අවසන් ගමන යන්නේ එහෙමයි. සම්පත් ඇගේ සියල්ලම සොරාගෙන එතනින් පැනලා එනවා. 
 
ඒ ඇවිත් හිතවත් ගණිකාවක් එක්ක ත්‍රී රෝද රියකින් පලා යනවා. වෙරිමරගාතේ යන එන අතරෙ තමයි බස් රථයකදි ඔහු අතින් දුරකථනය අත ඇරෙන්නේ. 
 
පොලීසිය දිගින් දිගටම කරනු ලැබු පරීක්ෂණවලින් බොහෝ දේ අනාවරණය වුණා. 
 
ඒ පරීක්ෂණ අනුව සම්පත් කියන්නේ කාන්තා ඇසුරට බොහෝ සෙයින් ඇබ්බැහි උනු කෙනෙක්. 
 
ඔහුගේ නිත්‍යානූකුල බිරිඳ දාව ඔහුට දරුවන් දෙදෙනෙක් වන අතර අනියම් බිරියන් 40 දෙනාගෙන් කිහිප දෙනෙකුටම දරුවන් සිටින බව අනාවරණය වුණා. මේ වන විට ඔහු ඇසුරු කළ කාන්තාවන් 30 දෙනෙකුගේ නම් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඉතිරි නම් ඔහුට මතකයේ නැහැ. 
 
මේ වන විට 37 හැවිරිදි මෙම ඝාතකයා 16 වන වියේදී දැරියක් පැහැරගෙන ගොස් අතවර කරන ලද සිද්ධියක් සම්බන්ධයෙන්ද වරදකරුවෙක් වූ අයෙක්. 
 
එමෙන්ම ඝාතකයාගේ පළමු ඝාතනයද මෙය නොවේ. අඹු සැමි ඇසුරක් පවත්වමින් එක්තරා කාන්තාවක් හා එක්ව ඇගේ මව මරා රුපියල් ලක්ෂයක් ගැනීමද මේ අපරාධකරුවා මින් පෙර කරන ලද දේ බව පොලිසිය අනාවරණය කරගත්තා. 
 
සුධර්මාගේ ඝාතනය අනාවරණය වීම හරහා අදාළ අපරාධය සුලමුල හෙළි කරගන්නට පොලීසියට හැකිවුණා. 
 
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරායා සඳහන් කළේ පොලිස් සුනඛයා විසින් සුලමුල සොයාගත් වග බොහෝ දෙනෙක් වාර්තා කළත් සත්‍ය වශයෙන්ම මේ ක්‍රියාන්විතයට තමා මෙන්ම නිලධාරින් බොහෝ සෙයින් කැපවුණු බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  38 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top