‘ආදරේ පැනලා යයි කියන බයෙන් කඩදාසි කොලයක ලියලා හිර කරගන්න එකටලු කසාදේ කියන්නේ’ FB එකේ ඉන්න ආදර ඔස්තාර්ලගෙන් ඇහුවොත් කසාදෙට දෙන නිර්වචනේ ඕකයි. ඒත් කසාදේ කියන්නේ ඇත්තටම එකද? ඉස්සර යස අපූරුවට තිබුණ කසාදේ කියන දේට අද ඇයි මේ කණ කොකා හඬලා.
ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, ලස්සන මල් දම් වලින් සරසලා, සුවඳ දුම් අල්ලලා, සුදු පිරුවටයක් උඩ තියලා දුන්නත් අපේ මිනිස්සුන්ට එකම දෙයකින් සැනසෙන්න තියෙන අමාරුවයි. සල්ලි කියන දේත් ඕකට කොහෙන් හරි බලපානවා.
හැබැයි මෙහෙම කසාදය සෙල්ලමට ගන්නේ ඉන්දියාව වගේ රටවල් විතරයි. මං කියන්නේ එක්කෝ ඩිවෝස් වෙන්න ඕනා. එහෙමත් නොකර ගෙදර කෙනයි, ගෙදර එන ගමන් කෙනයි තියන් ඉන්න මේ ජීවිතේ නං තේරුමක් නෑ.
මේවගේ කතා ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුවත් කැමති නෑ. මොකද කොන් වෙන්න හැමෝම බයයි. ඒත් ඔන්න අපි මේ කතාව බය නැතුව ඔබට කියනවා. අඩුම ගානේ ඔබවත් මෙහෙම නොකරයි කියන බලාපොරොත්තුවෙන්.
ඇයට අපි ස්වේතා කියමු. මධ්‍යම පාංතික තරුණියක්, කල වයස එළඹුනාම ගෙදරින් ඇයව කසාද බන්දලා දෙනවා. ඔහු වරුන්, ආණ්ඩුවෙ රස්සාවක් කරන්නේ. කසාද බැදපු අලුත බලන්න එපැයි, දෙන්නාට දෙන්නා නැතුව බත් කටක්වත් ගිලෙන්නේ නෑ. ඒත් සති මාස ගතවෙද්දි දෙන්නගේ ආදරේ කාගෙවත් ඇස්වහක් නොවැදිම පස්සෙ දොරෙන් පැනලා ගිහින්.
ස්වේතා තරම් ලස්සන නැතත් වරුන්ගෙන් ලැබෙන දේවල්ම සල්ලි වලට දෙන මීනා ගාවටත් ගිහිල්ලයි දැන් වරුන් ගෙදර එන්නේ. සල්ලි දීලා තමන්ට ඕන කරන දේවල් ගන්න ගියත් වරුන්ට සිද්ධවෙන්නේ අතේ තියෙන තුට්ටු දෙක මීනාට පුදලා, ඇති වෙන්න බැනුමකුත් අහලා, කට පියාගෙන විනාඩියෙන් දෙකෙන් අනියම් ඇඳෙන් බහින්නයි.
මීනා ලග පටන් අරං අතර මඟ නවත්තපු දේ වරුන් ගෙදර ඇවිත් ස්වේතාගෙන් ඉවර කරනවා හරියට සිංහයෙක් වගේ. හැබැයි ස්වේතාට කවදාවත් සල්ලි නං දෙන්නේ නෑ. දවසම ගෙදර වැඩ කරලා මහන්සිවෙලා ? කෑම හදන ගමන් හිටියත් ස්වේතාට සැමියාගේ ආශාවන් ඉෂ්ධ කරන්න වෙනවා. හැබැයි වචනයක් වත් කියන්න තහනම්. බිරිඳගේ ඕන එපාකම් ගැන කිසිම වගක් නැතත් වරුන් තමන්ගේ රාජකාරය නම් කරගන්නවා. ඊට පස්සේ ආයිත් යකෙක් වගේ ස්වේතාට බනින්නේ ‘බඩගිනියි ? කෑම හදනවා‘ කියලයි.
ඇත්තටම බැලූවොත් මේ ස්වේතාගෙ කතාව විතරක්ම නෙවෙයි. බිත්ති හතරකට කොටුවෙලා සැමියාගේ ආශාවන් ඉෂ්ට කරන හිත් පිත් ඇති බිරින්දෑවරුන්ගේ කතාව. හැබැයි කවමදාවත් මේ කතා එළියට එන්නේ නෑ. මොකද ඒ බිරින්දෑවරු ගෙයි ගිනි පිටට පෙන්නන්නේ නෑනේ.
ඒ හින්දම ඉන්දියාවෙ කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පීන් පිරිසක් මේ පොදු කතාව රූපවලින් ප්‍රතිනිර්මාණය කරේ. ඒ උත්සාහය කොයිතරම් සාර්ථකද කියලා බලන ගමන් මේ තිත්ත ඇත්ත ගැනත් හිතලා බලන්න.