සෙබළුන් 4ක් මරුටදිවි ගලවාගත් සෙබළාගේ දෙපා හා අතක් කපලාමීදුම වැඩි නිසා ගමන් මඟ අපැහැදිලි වුනාලුමිනිස්සු වළං වලට වතුර ගෙනත් ගැහුවාඑක්කෙනෙක් බඳ කඩලා එළියට ගත්තා
කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් අද (12) උදෑසන හෝකන්දර, හොරහේන ප්‍රදේශයට කඩා වැටුණා.
ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසු ගුවන් නියමුවන් පාලක මැදිරියට දැනුම් දී ඇත්තේ අධික මීදුම් තත්ත්වය හේතුවෙන් යානයේ ගමන් මඟ අපැහැදිලි බවයි. ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප්‍රකාශ කළේ ඉන් සුළු වේලාවකට පසු යානය සමඟ තිබු සබඳතා බිඳ වැටුණු බවයි.
මෙලෙස සබඳතා බිද වැටුණු ගුවන් යානය උදෑසන 6.20 ට පමණ හෝකන්දර, හොරහේන ප්‍රදේශයේ රබර් වත්තකට කඩා වැටී තිබෙනවා.
සිද්ධිය ඇසින් දුටුවන්ගේ සිඳුවීම විස්තර කල අයුරු...
‘‘ප්ලේන් එක පාත් කරනවා සද්දේ ඇහුණා. ඊට පස්සේ දඩ බඩාස් ගාලා මේ වහලේ වැදිලා අතනින් එහාට ගිනි ගොඩක් ගියේ.‘‘
‘‘ගමේ මිනිස්සු වළංවලට, තියෙන තියෙන භාජනවලට වතුර ගෙනල්ලා නිවුවා. නිවා ගන්න බැරුව ගියා. ඊට පස්සේ කඩේක තිබ්බ ගෑස් එකක් ගෙනල්ලා තමයි යන්තම් නිවා ගත්තේ. ‘‘
‘‘ෆ්ලයිට් එකේ බඳ පොඩ්ඩක් මේවා වෙලා තිබ්බේ. ඊට පස්සේ බඳ කඩලා එයාව ගත්තා. එයාට ඒ වෙනකොට සාමාන්‍යයෙන් පණ තිබුණා. ‘‘
යානය කඩා වැටීමත් සමඟ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර පසුව ගින්න නිවා දැමීමට හැකිවූයේ ගිනි නිවන හමුදාවේ සහයද ඇතිවයි. මෙම අනතුරෙන් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ එක් අයෙකු ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
පසුව වාර්තාවූ ආකාරයට සැත්කමකින් ඔහුගේ දෙපා හා අතක් ඉවත් කර ඇති බවට සඳහන් වුනා. එමෙන්ම මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් සෙබළුන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා.