Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
23
‘‘මගේ අම්මා, තාත්තා ලබාදුන් ඒ නිදහසින් මම උපරිම ප්‍රයෝජන ගත්තා.‘‘ බැරක් ඔබාමාගෙන් Star Award දිනාගත් යකඩ ගැහැණියගේ කතාව - Photos

- ‘‘මගේ අම්මා, තාත්තා ලබාදුන් ඒ නිදහසින් මම උපරිම ප්‍රයෝජන ගත්තා.‘‘ බැරක් ඔබාමාගෙන් Star Award දිනාගත් යකඩ ගැහැණියගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
උඩුගුවනේ පැරෂුට්වලින් කරණම් ගහනවා 
 
විටෙක මේස පන්දු ක්‍රීඩිකාවක්, තවත් විටෙක හොකී ක්‍රීඩිකාවක් 
 
පෙනුමෙන් ස්ත්‍රී රූපකායකට හිමිකම් කියනු ලැබුවද වැඩවලින් නම් ඇය නියම පිරිමියෙකි. පිරිමින්ගේ පිරිමිකමටත් අභියෝග කළ හැකි පන්නයේ එකියකි. සටන් කලාව පිළිබඳව සඳහන් කළද එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 24ක් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ බලපත්‍ර හිමිකරගත් ඇය කවුද කියා එකවර හඳුන්වාදීමම මහත් අභියෝගයකි. බහුවිධ හැකියාවන්ගෙන් පිරිපුන් (Multi Talented) ඇය නමින් ක්‍රිස්ටීන් වින්ස්ය. පදිංචිය ඇතුල්කෝට්ටේය. තවමත් තුරුණුවියේ පසුවන ඇය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගෙන් පවා සම්මාන ලද අපේම එකියකි.

සාමාන්‍යයෙන් අපේ රටේ කාන්තාවකට තබා පිරිමියෙකුටවත් කළ නොහැකි කාර්යයන් රැසක් එකවර සිදුකළ ඇයවන් පිරිමියෙක් බටහිර රටකවත් ඇත්දැයි දැන් දැන් සැක සිතේ. ඇයගේ කතාව එතරම්ම වෙනස්ය. 
 
ක්‍රිස්ටීන් විටෙක ත්‍රාසය, වීරත්වය, පුදුමය, අපේක්ෂාව, දුක හා සතුට මේ සියල්ලේ ප්‍රතිමුර්තියක් බඳුය. 
 
ළමා කාලයේදී ක්‍රිස්ටීන් වැඩිපුරම හැදී වැඩුණේ ඇයගේ සීයාගේ හා ආච්චිගේ ඇසුරේය. එයට හේතුව වූයේ ඇයගේ අම්මා සහ තාත්තා රැකියාවට ගිය පසු උදේ සිට සවස් වනතුරු ඇයගේ කල දවස ගෙවුණේ සීයලාගේ නිවසේ වූ බැවිණි. 
 
පාසල් යාමටත් පෙර සිටම කොල්ලෙකු මෙන් හැදී වැඩීමට, දුවන්න පනින්න, ගස් නගින්න ඇය දැක්වූයේ අසීමිත ආසාවකි. විශේෂ බළකායේ සේවයේ නියුතු ක්‍රිස්ටීන්ගෙ බාප්පා තමයි පුංචි කාලයේ ඉඳන්ම ඇයගේ වීරයා වෙන්නේ. 
 
මේ උතුරු නැගෙනහිර යුද්ධයේ දරුණුම සමයකි. සම්පූර්ණයෙන්ම මුහුණ වැහෙන්න රැවුල වවාගෙන, ට්‍රේල් බයික් එකේ එන බාප්පා දකින්න ඇය නොඉවසිල්ලෙන් බලා සිටියේ වරක් දෙවරක් නම් නොවේ. ඒ අන්කිසිවක් නිසා නොව ඔහුගේ පුහුණුවීම් සඳහාම සකස්කර තිබූ බිම් කොටසේ බාප්පා පුහුණුවීම් කරනු බැලීමටය. එපමණක් නොව බාප්පාගේ ගුරුහරුකම් යටතේ ඒවා ඉගෙනගන්නටය. 
 
පාසල් යන්නත් පෙර වයස අවුරුදු 4,5 විතර වෙද්දී ඇය අනිත් බොහෝ දරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නෙත් මේ බාප්පාගේ ඇසුර නිසාමයි. මේ සියල්ලේදී ඇයගේ තනි නොතනියට හිටි එකම සගයා වූයේ සුරතල් බලු පැටියෙකි. බලු පැටියාද ක්‍රිස්ටීන් සමග ගස් නැග්ගේය, ගල් උඩ ඇවිද්දේය. ඒ සියල්ලම කළේය. සිය බාප්පාගේ පුහුණුවීම් භූමිය තුළ විවිධ අත්හදාබැලීම් කිරීමට ඇයට කිසිදු බාධාවක් නොවීය. 
 
ක්‍රිස්ටීන් මෙරටදී පාසල් ගමන ආරම්භ කරන්නේ ජාත්‍යන්තර පාසලකිනි. ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ එහිදීය. ඉන් අනතුරුව ඇය ඇමෙරිකාව බලා පියාසර කරන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහාය. එහිදී ඇයට උදව් උපකාර කරනුයේ එහි වාසය කරන ඇයගේ බාප්පා කෙනෙකි. උසස් අධ්‍යාපනය හදාරන කාලයේ වුවද අධ්‍යාපනයට වඩා ක්‍රිස්ටීන්ගේ හිත ගියේ බාහිර දේවල්වලටය. 
 
උඩුගුවනේ පැරෂුට්වලින් ගොස් කරණම් ගැසීමට, මුහුදු පත්ලේ කිමිදීමට ඇය කෙතරම් ආසා කළේද යත් අධ්‍යාපන කටයුතු කරන අතරතුර ඒ සියල්ලමත් කළාය. විටෙක මේස පන්දු ක්‍රීඩිකාවක වූ ඇය තවත් විටෙක් හොකී ක්‍රීඩිකාවකි. මලල ක්‍රීඩාවෙන්ද පාසල් ක්‍රීඩා තරගවලදී ජයග්‍රහණ ලැබූ ඇය වඩා දක්ෂ කුමන ක්‍රීඩාවටදැයි පැවසීම ඉතා අපහසුය. 
 
ඇමෙරිකාවේදී මනෝ උපදේශනයට සහතික ලත් ඇය එහිදී දරුවෙකුට බලපෑම් නොකොට හදා වඩා ගත යුතු ආකාරය මැනවින් ඉගෙනගත්තාය. ඇයගේ ආච්චියි, සීයයි ඇයට කුඩා කාලයේදී ලබාදුන් අසීමිත නිදහස නිසාම ඇය හැදී වැඩී තිබුණෙත් එවන් පරිසරයකදිමය. 
 
“මට ඔබාමාගෙන් පදක්කමක් ගන්න තැනට පදනම හැදුණේ එතැනින්. මගේ අම්මා, තාත්තා ලබාදුන් ඒ නිදහසින් මම උපරිම ප්‍රයෝජන ගත්තා.” කුඩා කාලයේදී ලද පන්නරය පිළිබඳ ක්‍රිස්ටීන් සිය හඬ අවදි කළේ එලෙසය. 
 
ඇයට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගෙන් Star Award හිමිවන්නේ 2012 දීය. යළිත් අතීතයට ඇවිද යන ක්‍රිස්ටීන් පවසන්නේ ඇය මුලින්ම ඉගෙන ගන්නේ කරාටේ බවය. ඇයගේ බාප්පා කරාටේ කළු පටි ශූරයෙකි. ඒ නිසාවෙන් කුඩා කාලයේදීම එම දැනුම ඇයට ලබාගැනීමට හැකිවිය. එවකට ඇය පෙරපාසල් පවා නොයන බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඇයගේ පිරිමි හිත මේ සියල්ලට කැමති වී ඇත්තේ එතරම් කුඩා අවදියේදීය. 
 
තරමක් ළාබාල අවධියේදිම ක්‍රිස්ටීන් ඇදුම රෝගයට භාජනය වන අතර, එයට පිළියමක් වශයෙන් ඇය පිහිනීම සඳහා පිහිනුම් තටාකයට බහින්නේ එය තමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන බව නොදැනය. 
 
එලෙස අහම්බයෙන් පිහිනීම ආරම්භ කළ ඇය අද ජීවිත ආරක්ෂකවරියකි (Life Guard). මේ වනවිට ඇය එලෙස ජීවිත 21ක් බේරාගෙන ඇති තැනත්තියකි. ඊට අමතරව ක්‍රිස්ටීන් අද වනවිට පිහිනුම් උපදේශිකාවකි. මේ සියල්ල කරන අතරතුර ඇයට ඉන්දියානු යෝගා ආචාර්යවරයෙක් වන ‘ගුරුජී ජේනා’ මුණගැසෙන අතර, ඔහුගෙන්ද ඇය උගත් දෑ බොහෝය. ඒ ලබාගත් දැනුමෙන් ඇය අද තව බොහෝපිරිසකට යෝගා ආචාර්යවරියක් බවට පත්ව ඇත. 
 
මීට අමතරව කලා අංශයෙන්ද ඇය දස්කම් පාන්නියකි. සංගීත භාණ්ඩ කිහිපයක්ම ඉතා හොඳින් වාදනය කිරීමට ඇය දක්වන්නේ පුදුමාකාර දක්ෂතාවකි. නැටුම්වලටද ඇය හරි හරියට දස්කම් පාන්නීය. ඇමෙරිකාවේ සහ අපේ රටේ දරුවන්ගේ වෙනස ඇය හරි අපූරුවට පැහැදිලි කළේ මෙලෙසය. 
 
“එයාලගේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගන්නේ කුඩා කාලයේ ඉඳලාමයි. පොඩි ළමයිව හදනවා Talentවලට. අපි ඔලිම්පික් යන්න සැලසුම් කරන්නේ තරගාවලියට අවුරුදු කීපයකට කලින්නේ. හැබැයි එහෙ එහෙම නෙවෙයි. කුඩා කාලයේදීම හඳුනාගන්නව මෙයාට තියෙන්නේ මෙහෙම talent එකක් කියලා. ඊට පස්සේ එයාව පුරුදු කරන්නේ ඒකට. අනික තමයි මෙහෙ විශ්වවිද්‍යාලවල ක්‍රීඩා උපාධි තියෙන අය ඉන්නවා. හැබැයි එයාලගේ Performance නැහැ. ඒ වගේම තමයි එයාලට යන්න path එකක් නැහැ. ඕකනේ අපේ අයට වෙලා තියෙන්නේ” 
 
තරමක කලකිරීමෙන් ඇය සඳහන් කළාය. මෙවන් දක්ෂතා රැසකින් හෙබි ක්‍රිස්ටීන්ට තිබෙන හැකියාවන්, සම්මාන සිංහල භාෂාවෙන් විස්තර කිරීම පවා මට අභියෝගයක් වන්නේ ඇයගේ කතාවට සවන්දුන් පසුවය. 
 
අද වනවිට ඇය එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවලින් හිමිකරගෙන ඇති බලපත්‍ර වර්ග මෙලස පෙළගැස්විය හැකිය. First aid Pistel Shooting Suffering Fitness training Wushu Counselling Dog training Snowboard training Group fitness training Nutrition Rifle training Life guard Water crafting Paragliding Month guide Body building Boat training Sea driving OBT Physiotherapy Kaniyong රාවණා යුගයේ සිට අපේ රටේ තිබූ, අද වනවිට අපෙන් ගිලිහී යන විශිෂ්ට සටන් කලා ශිල්පයක් වන අංගම් පොර කලාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඇය දක්වන සහයෝගයද සුවිශේෂීය. 
 
පාරම්පරිකව මෙම ශාස්ත්‍රය රැකගෙන එන අවිස්සාවේල්ලේ විමලසේන අදුරුතුමාගෙන් අංගම්පොර ඉගෙනගන්නා ක්‍රිස්ටීන් අද වනවිට එය ඉදිරියට පවත්වාගෙන යාමට භාරගෙන ඇති එකම ක්‍රීඩිකාවය. එකම ඇදුරුතුමියය. 
 
ඊට අමතරව මෙය ඉදිරියට පවත්වාගෙන යාමට සිටින්නේ එකම පුද්ගලයෙක් පමණි. මේ දෙදෙනා විමලසේන ගුරුපියාගේ ජ්‍යෙෂ්ඨ ගෝලයන් දෙදෙනාය. ඒ වෙනුවෙන්ම බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේදී සටන් කලා පාසලක්ද ඇය විසින් පවත්වාගෙන යනු ලබයි. 
 
මෙරට දැරූ දැරියන්, විවිධ රෝගාබාධවලට ලක්වූ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේම පිහිට වන්නට ඇය සූදානම්ය. ඇයගේ විශේෂත්වය වන්නේ එයය. බෞද්ධ දර්ශනය, කිතු දහම, හින්දු දර්ශනය ඇතුළු ආගම් කිහිපයක්, භාෂා කිහිපයක් ඉගෙන ගෙන ඇති ඇයගේ දැනුම් පරාසයට සාමාන්‍ය අයෙකුට ළංවීමටවත් නොහැකිය. 
 
ඒ සියල්ලෙන්ම ඇය උගත් දෑ හරි අපූරුවට පිළිවෙළකට ලක් දූ පුතුන්ට ලබාදීමට ඇය මැළිවන්නේද නැත. ඇය වැන්නවුන්ගෙන් රටට දැයට ලබාගත හැකි සේවය ලබාගැනීම අදාළ බලධාරීන්ගේ කාර්යයකි. පාඨක ඔබ වෙනුවෙන් ඇය පිළිබඳව රටට හෙළිදරව් කිරීම අපගේ යුතුකමකි. සමුගන්නා මොහොතේදී ස්තුති කළ යුතු අය රැසක් සිටියද අත්‍යවශ්‍ය නම් කිහිපයක් පමණක් මතක කළේ මෙලෙසිනි. 
 
විශේෂයෙන්ම ඇයගේ දර්ශනයට උපකාරී කළ “රියෝහොන්ද ඔකාවා’, ‘ප්‍රේම්රාමන්’ හා ‘ඕෂෝ’ වැන්නවුන් සිහිපත් කළේ භක්තියකිනි. 
 
සචිත් යාපා
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top