දූපතටම එක වැසිකිළියයි
ගණිකා මඩම් බොහෝමයයි
පාපන්දු පිටියකින් බාගයක් තරම්වත් විශාලත්වයක් නැති මිගින්ගෝ දිවයින දරාගත නොහැකි තරම් මිනිසුන්ගෙන් පිරි අතිශයින් කුඩා දුපතක්. කෙන්යාව හා උගන්ඩාවට අතරමැදි කොට පිහිටි මෙහි සිටින පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 500කට අධිකයි.
ගැටලූව වන්නේ එහි භූමිය වර්ග මීටර් 2000ක් තරම් කුඩා වීමයි.
හරිහැටි පානීය ජලයවත් නොමැති මෙම දුපතේ තැබෑරුම් 4ක් ඇති අතර ඒවා ඇතැම් විට බාබර් සාප්පු ලෙස ද කටයුතු කරයි.
ගණිකා නිවාස කිහිපයක්ම මෙහි පිහිටි අතර මෙය ධීවරයින්ගේ දිවයිනක් ලෙස ප්‍රකටය.
වික්ටෝරියා වැව් මායිමක පිහිටි මෙම දුපතට ඇත්තේ එකම එක වැසිකිළියක් වන අතර පදිංචිකරුවන් තම තමන්ට කැමති පරිදි සනීපාරක්ෂක බැහැර කිරීම් සිදුකරන බව ද සඳහන් ය.
අප්‍රිකාවේ කුඩාම යුද්ධය ලෙස සැළකෙන කෙන්යාව හා උගන්ඩාව අතර මෙම භූමියේ අයිතිය සම්බන්ධයෙන් නොනැවතුණු අර්බුදයක් පවතින බව ද ඇතැම් වාර්තාවල පළවේ.