ජීවිතය ජයගන්න දුප්පත්කම නැතිබැරිකම් බලපාන්නේ නැහැ. Hisamuddin Khan කියන්නේ බංගලාදේශයේ Dhakaවල ජිවත් වෙන තරුණයෙක්. ඔහුගේ rickshaw රථ රියදුරෙක්. මව රැකියාවක් කරන්නේ නැහැ. ඔහු Dhaka විශ්වවිද්‍යාලයෙන් සිය ඉංජිනේරු උපාධිය ලබා ගත්තේ මිට ටික කලකට පෙර. ඔහු සිය උපාධි ප්‍රධාන උත්සවය දවසේ දෙමාපියන් එක්ක ඊට සහභාගී වෙනවා.
ලෝගුව ඇගට දාගෙන හිසපලදනව හිසේ තබාගෙන දෙමාපියන් ලගට එන ඔහු ලෝගුව ගලවා පියාට හැදගන්නට දී හිස පලදනාව මවගේ හිසේ රදවා ඒ දෙදෙනා එක්කම ගෙදර එන්නේ පියාගේ rickshaw රථයේ නැගලා. " මගේ අම්මගේ කිරුල තමයි මගේ ජිවිතේ, ඒ නිසයි උපාධි උත්සවයේ කැප් එක අම්මට දුන්නේ. මගේ ජිවිතේ ශක්තිමත් කළේ තාත්තගේ අත්වාරුවෙන්. ඒ නිසයි ඔවුන් මට වටින්නේ.." ඔහු එහෙම කියනවා. මොහුගේ අදහස හා ජායා රූපය ඔහු ෆේස් බුක් හි පළකරන්නේ සතුටින්. එය සාමාජ මාධ්‍ය ජාලාවල බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබෙනවා.