Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
23
"මිනිස් ශරීරයේ සම්පූර්ණ අභ්‍යන්තරය මට පෙනෙන්නට පටන් ගන්නවා.." - මිනිස් සිරුර විනිවිද දුටු දැරියගේ අපුරූ කතාව

- "මිනිස් ශරීරයේ සම්පූර්ණ අභ්‍යන්තරය මට පෙනෙන්නට පටන් ගන්නවා.." - මිනිස් සිරුර විනිවිද දුටු දැරියගේ අපුරූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
"හිසේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂ කිරීමට ගත වන්නේ මිනිත්තු කිහිපයයි.."

"සිය දහස් ගණනක් රෝගීන් මාව හොයාගෙන ආවා රෝග ගැන පරික්ෂා කර ගන්න.."

‘මම වැඩි තැකීමක් නොකළත් එක්ස් කිරණ ආකාරයෙන් දර්ශනය ඇත්තෙන් ම සුපිරි බලයක්’ මා කියන්නේ එය අනභිභවනීය සුපිරි බලයක්්’ ඉතින් මට වෙන කිසිවක් වැදගත් වෙන්නේ නැහැ’ මොකද කියනවා නම් එය කාලය නාස්ති කිරීමක්’ මෙය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වගෙයි’ නමුත් ඇත්ත වශයෙන් ම එක්ස් කිරණ දෘෂ්ටියක් සහිත ගැහැනුුු ළමයෙක් සිටිනවා’’

1987 නොවැම්බර් 01 වැනි දින රුසියාවේ සරාන්ස්ක් නගරයේ උපන් නතල්යා නිකොලයෙව්නා ඩෙම්කිනා (නටාෂා) ට මෙවන් සුපිරි බලයක් ඇති බැව් මුලින් ම හඳුනා ගනු ලබන්නේ ඇයට වයස අවුරුදු දහයේ දී යි’ එතෙක් සාමාන්‍ය දරුවකු සේ වැඩුණු ඇයගේ ජීවිතය එක් දිනක සම්පූර්ණයෙන් ම වෙනස් විය’ ”එක දවසක් මා මගේ මව සමග නිවසේ සිටිනවිට මට හදිසියේ ම අම්මාගේ ශරීර අභ්‍යන්තරය පෙනෙන්නට ගත්තා’ ඉන්පසු මා ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පිළිබඳව ඇයට කිව්වා.."

නටාෂා පැවසුවාය’ එතැන් සිට කටින් කට පැතිර ගිය මේ පුවත නිසා නගරයේ වැසියෝ රෝග විනිශ්ච පතා ඇගේ දොරකඩ පොදි කන්නට වූහ’ 2003 වනවිට මේ පුවත රුසියානු පුවත්පත්වල පළ වූ අතර රූපවාහිනී නාළිකා ද ඊට එක් වූහ’ මේ පිළිබඳ දැනගත් සරාන්ස්ක් ප්‍රාදේශීය ළමා රෝහලේ වෛද්‍යවරු ඇය කැඳවා පරීක්‍ෂණයක් පැවැත්වූහ’ නොයකුත් රෝග නිසා රෝහලේ නේවාසිකව සිටි ළමයින්ගේ රෝග නිශ්චිතව පැවසීමට එහිදී ඇයට හැකි විය’ එපමණක් නොව පිළිකාවක් ලෙස හඳුනාගෙන සිටි රෝගියකු අසලට ගිය ඇය ඔහු දෙස මොහොතක් බලා සිට ඔහුට ඇත්තේ අභ්‍යන්තර ඉන්ද්‍රියක අනවශ්‍ය වැඞීමක් පමණක් බවත් එය ගණන් ගතයුතු දෙයක් නොවන බවත් පැවසුවාය’ රෝගියා නැවත පරීක්‍ෂණයට ලක් කිරීමේදී හෙළි වූයේ ඇය පැවසූ දෙය සියයට සියයක් නිවැරදි බවය’

’මට දෘෂ්ටීන් දෙකක් තිබෙනවා’ පුද්ගලයකුගේ අභ්‍යන්තරය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූ විට මට කිසිදු ආයාසයකින් තොරව මිනිත්තුවක් ඇතුළතදී මගේ එක්ස් කිරණ දෘෂ්ටිය අවදි කරගත හැකියි” නටාෂා සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය’ ‘මට එයට එළැඹීමට කිසිම අපහසුවක් නැහැ’ මට තිබෙන්නේ ඒ ගැන සිතීමට පමණයි’ මිනිස් ශරීරයේ සම්පූර්ණ අභ්‍යන්තරය මට පෙනෙන්නට පටන් ගන්නවා’ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පිහිටා ඇති ආකාරය” ඒවායේ ක්‍රියාකාරීත්වය හා එහි හානියක් ඇත්නම් ඒවා මට පෙනෙනවා’ තවදුරටත් නටාෂා පැවසුවේ ඇගේ එක්ස් කිරණ දෘෂ්ටිය පවතින්නේ දිවා කාලයේ පමණක් බවයි’ එමෙන්ම තම සිරුර එක්ස් කිරණ දෘෂ්ටියෙන් දැකීමට ඇයට නොහැකියි’ ඇගේ ‘රෝගීන්’ හා මාධ්‍ය පවසන අන්දමට සමහර අවස්ථාවල ඇගේ රෝග විනිශ්චයන් වෛද්‍ය විශේඥයනට හා නවීන උපකරණ ආධාරයෙන් කරන රෝග විනිශ්චයන්ට වඩා නිවැරදි වන බවයි’ ඇය හමුවට එන සමහර පුද්ගලයන් තමනට එවැනි රෝගී තත්ත්වයක් ඇති බව පළමු වරට දැන ගන්නේ ඇගෙන් බව වාර්තා වී තිබේ’ මුලින් ඇගේ හැකියාවන් රුසියාවේ මාධ්‍ය අතරට පමණක් සීමා වී තිබුණත් ලෝකයේ විවිධ මාධ්‍ය ආයතනයන්හි අවධානය ඇය වෙත යොමු වන්නට පටන් ගත්තේ ඩිස්කවරි චැනලය ඇය පිළිබඳ අධ්‍යයනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි’

නටාෂා සහ ඇගේ මව පැවසුවේ ඇයට මිනිස් සිරුරේ ඕනෑම අසාමාන්‍යතාවයක් සියයට සියයක් නිවැරදිව කිව හැකි බවයි’ හිසේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂ කිරීමට ඇයට ගතවන්නේ මිනිත්තු කිහිපයක් බවත් ඔවුන් ප්‍රකාශ කරන ලදි’ 2004 මාර්තු මාසයේදී අසාමාන්‍ය හැකියාවන් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ කමිටුව (CSICOP) ඖෂධ විද්‍යා හා මානසික සෞඛ්‍ය කොමිසම (CSMMH) හා එක්ව ඩිස්කවරි චැනලය විසින් නටාෂාගේ එක්ස් කිරණ දෘෂ්ටියේ රහස අනාවරණය කරගනු පිණිස සරල පරීක්‍ෂණයක් සූදානම් කරන ලද්දේය’ මෙම පරීක්‍ෂණය ආක්‍රමණශීලී නොවන හා ඉතා පහසු එකක් විය’ නටාෂා කළයුතු වූයේ පුද්ගලයන් සත් දෙනකු පරීක්‍ෂාවට භාජනය කිරීමයි’ ඉන් සය දෙනකු කිසියම් රෝගී තත්ත්වයන්ගෙන් හෝ අසාමාන්‍යතාවයන්ගෙන් යුතු වූ අතර එක් අයකු සම්පූර්ණ නීිරෝගි පුද්ගලයකු විය’ පරීක්‍ෂණය වූයේ එක් එක් පුද්ගලයාගේ රෝගාබාධයන් හෝ අසාමාන්‍යතාවයන් රුසියන් හා ඉංග්‍රීසි භාෂාවලින් කාඞ්පතක සඳහන් කොට භාරදීමයි’ පර්යේෂකයන් ගේ නිගමනය වූයේ ඉදිරිපත් කරනා පුද්ගලයන්ගෙන් සත් දෙනාගෙන් අඩු තරමින් හතර දෙනකුගේවත් ශරීරාබාධ හෝ අසාමාන්‍ය තත්ත්වයන් නටාෂා විසින් හඳුනාගත යුතු බවයි’

ඇය විසින් හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කළ පුද්ගලයන්ගේ අසාමාන්‍යතා මෙසේ විය’ උණ්ඩුක පුච්ඡය ඉවත් කළ අයෙක්” ශල්‍යකර්මයකින් පසු ලෝහ ඇමිණුම් දෙකක් අතපසු වීමකින් හදවත තුළ ඉතිරි වූ අයෙක්” අන්නස්‍රෝතයෙන් කොටසක් ඉවත් කළ අයෙක්” පෙනහල්ලක වම් ඉහළ කොටසක් ඉවත් කළ අයෙක්” හිස් කබලෙහි කොටසක් ඉවත් කොට ඒ වෙනුවට ලෝහ තහඩුවක් සවි කළ අයෙක්” කෘත්‍රිම උකුල් ඇටයක් බද්ධ කළ අයෙක්” හා සම්පූර්ණ නිරෝගී අයෙක් වශයෙනි’ නටාෂා විසින් සමහර තත්ත්වයන් නිවැරදිව හඳුනා ගත්ත ද ඇයගේ ලොකු ම වැරදී ම වූයේ හිසෙහි ලෝහ තහඩුව සවි කළ තැනැත්තා උණ්ඩුකපුච්ඡය ඉවත් කළ අය ලෙසත් උණ්ඩුකපුච්ඡය ඉවත් කළ තැනැත්තා හිසෙහි ලෝහ තහඩුව සවි කළ අය ලෙස හඳුනා ගැනීමත්ය’ මේ හේතුවෙන් පර්යේෂකයන් ඇය පිළිබඳව සැක කළ බව පෙනෙන්නට තිබුණි’ මේ හැරත් වෙනත් විචල්‍යයන් කිහිපයක් නිසා පර්යේෂණය සතුටුදායක ප්‍රථිඵල නොපෙන්වූ බවට නිගමනය කරන ලදි’ එක් අයකු නිරීක්‍ෂණය කිරීම සඳහා තමනට ගත වන්නේ මිනිත්තුවක කාලයක් බව නටාෂා විසින් පැවසුව ද සම්පූර්ණ පරීක්‍ෂණය සඳහා ඇය පැය 4 ක් වැය කොට තිබිණි’ පර්යේෂණයේ මූලික එකඟතා කිහිපයක් ද ඇය විසින් කඩකොට ඇති බව ද හෙළි විය’

නටාෂාගේ ඉල්ලීම පරිදි ඇගේ මව හා මිතුරියක් නිරීක්‍ෂකයන් හා පහසුකම් සපයන්නන් ලෙස පරීක්‍ෂණ ශාලාවට ඇතුළු කරගත් අතර පර්යේෂණය අතරතුර ඇගේ මිතුරිය තම ජංගම දුරකතනයට නිරන්තරයෙන් කෙටි පණිවුඩ ගෙන්වා හා යවා තිබුණු බව සොයා ගන්නා ලද්දේය’ නටාෂා එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පරීක්‍ෂණාගාරයේ පරිසරය ඝෝෂාකාරී වූ බැවින් ඇයට නිවැරදි නිරීක්‍ෂණ ලබාගත නොහැකිවූ බව පැවසුවාය’ ඇය ගේ නිරීක්‍ෂණ බොහෝ දුරට නිවැරදි වුවද ඇයට එසේ වැරදුණු අවස්ථා කිහිපයක් ද විය’ වරෙක රූපවාහිනී නිවේදකයකු නිරීක්‍ෂණය කළ ඇය පවසා තිබුණේ ඔහු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවය’ ඔහු ගේ වකුගඩුවල ගල් ඇති බව ද පිත්තාශයේ ආබාධයක් ද හා ඔහුගේ අක්මාව හා අග්න්‍යාශය ඉදිමුමකට ලක්ව ඇති බව ද ඇයගේ නිරීක්‍ෂණ විය’ නමුත් පසුව වෛද්‍යවරුන් විසින් ඔහු පරීක්‍ෂා කළ අතර ඇය කියූ ආකාරයේ කිසිදු රෝගයකින් නොපෙළෙන නීරෝ ගි පුද්ගලයකු බව අනාවරණය විය’ කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත් පත විසින් තම මාධ්‍යවේදියකු සම්බන්ධ කොටගෙන නටාෂා පිළිබඳව අධ්‍යයනයක් කර ඇත්තේය’ මේ සඳහා සහභාගී වූ බ්‍රයනි වෝඞ්න් මාධ්‍යවේදිනිය මෝටර් රථ අනතුරකින් පාදයක අස්ථි බිඳීයෑම නිසා ලෝහ පතුරු සවිකොට කරන ප්‍රතිකාරය කිරීමට සූදානම්ව සිටි අයෙක් විය’

ඩිස්කවරි චැනලය කළ පර්යේෂණය මෙන් නොව ‘ද සන්’ මාධ්‍යය පැවැත්වූ මේ අධ්‍යයනයෙන් අවසානයේ නිගමනය වූයේ නටාෂා සැබැවින් ම විශේෂිත හැකියාවකින් හෙබි අයකු බවය’ ”මගේ උකුල් අස්ථිය අසමමිතිකව ඇති බව හා එහි දකුණු කොටසෙහි බිඳීම් කිහිපයක් ඇති බව ඇය පැවසුවා’ තවදුරටත් ඇය පැවසුවේ මගේ පාද අස්ථියක ලෝහ ඇණ හා රිවට් ඇණ කිහිපයක සළකුණු ඇති බව තමන් දකිනා බවයි’ සති දෙකකට පෙර මගේ පාදයේ ලෝහ තහඩු සවි කිරීම සඳහා අස්ථිය විද ඇණ සවි කිරීමට ස්ථාන ලකුණු කළ බව අඩු තරමේ කැලැලක්වත් නොදැක ඇය දන්නේ කෙසේදැයි මාධ්‍යවේදිනී බ්‍ර‍්‍රයනි වෝඞ්න් පර්යේෂණයෙන් පසුව පැවසුවාය’

දියණියගේ හැකියාවන් මෙසේ හෙළිදරව් වෙත්දී මව වූ තත්යානා ඩෙම්කීනා” නටාෂාව සමාජයෙන් වසංකොට තැබීමට උත්හාස කළත් කටකතා දස දෙස පැතිරිණි’ රුසියාවේ ඔවුන්ගේ කුඩා නිවාසය රෝගීන්ගෙන් හා අපූරු බලාසිටින්නන්ගෙන් පිරී යන්නට විය’ ”අපේ දියණියට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ග අපි දිගු කාලයක් රහසක්ව සඟවා ගෙන සිටියා’ නමුත් වාර්තාකරුවන් අපි වටා නිතර ගැවසෙනවා’ බොහෝ මාධ්‍ය ඇය ගැන වාර්තා පළකොට තිබෙනවා’ ඒවායින් බොහොමයක් අපේ සිත් රිදවන ඒවායි” නටාෂාගේ පියා වූ නිකොලායි ඩෙම්කින් පවසයි’

නටාෂා හමුවට පැමිණෙන රෝගීන් තමන් පරීක්‍ෂා කරවා ගැනීමට ඇයට ඩොලර් 13 ක් බැගින් ගෙවන්නෝය’ මෙය එතරම් විශාල මුදලක් නොවුණත් රුසියාවේ මෙම පෙදෙසෙහි වාසය කරන අඩු ආදායම්ලාභී ජනතාවට එය ලොකු මුදලකි’ නටාෂා ගේ පවුල විශ්වාස කරන්නේ මෙම විශේෂිත හැකියාව” වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ඇති ඇගේ සිහිනය සැබෑ කිරීමට ලැබුණු අවස්ථාවක් බවය’ 2004 දී Semashko State stomatological University, Moscow හි සිය පාසල් අධ්‍යාපනය අවසන් කළ නටාෂා 2008 දී මොස්කව්හි විශේෂිත මානව රෝග පර්යේෂණායතනයේ (TSSD) සේවයට එක්වී තිබේ’ ඇය එහිදී සුව කිරීම් කටයුතු කරන්නේ අසාමාන්‍ය ආවේශයන් ඇති පුද්ගලයන්” රෝග සුව කරන ග්‍රාම්‍ය පුද්ගලයන් හා පාරම්පරික වෛද්‍යවරයන් සමග සහයෝගයෙන්ය’ විද්‍යාත්මක පර්යේෂණවලටවත් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූ ඇගේ එක්ස් කිරණ දෘෂ්ටිය ඇත්තක් හෝ බොරුවක් වුවද එහි අභිරහස අපේ ජීවිත කාලය තුළ විසඳා ගැනීමට නොහැකිවන බව නම් පැහැදිලිය’

නිමල් ෆ්‍රැන්සිස්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top