Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
23
"මම අදින ඇදුමක් තව කෙනෙක් ඇදගෙන ඉන්නවට වැඩිය කැමැති නැහැ. මම සොයන විදියේ ඇදුම් ලංකාවේ අඩුයි..." - ටීනා ෂනෙල්

- "මම අදින ඇදුමක් තව කෙනෙක් ඇදගෙන ඉන්නවට වැඩිය කැමැති නැහැ. මම සොයන විදියේ ඇදුම් ලංකාවේ අඩුයි..." - ටීනා ෂනෙල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

163 Views
"එහෙම කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා.."

"මම කොට ගවුම් අදින්න තමයි ගොඩක් ආස.."

ටීනා ෂනෙල් කියන්නේ නිතරම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාම කටකතාවලට ලක් වෙන ටීනා එයා කැමතිම විලාසිතා ගැන මේ විදිහට කතා කරනවා. මේ ඒ ගැනයි.

 



ටීනා Fashion ගැන මොකද හිතන්නේ ?
Fashion කියන්නේ හැම වෙලාවෙම වෙනස් වන දෙයක්. කාලයෙන් කාලයට වෙනස් වන කාට වුණත් කරන්න පුළුවන් දෙයක්. ඕනෑම කෙනෙකුට Fashion කරන්න හිතෙනවා. ඒවගේම ඒකට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා.

ඔබ Fashion කරද්දි කවුරු හරි අනුකරණය කරනවාද?
ඇත්තනේම මම Fashion කරද්දි ලංකාවේ කවුරුවත් අනුකරණය කරන්නේ නැහැ. international feald එකේ ෆැෂන් ඩිෂයිනර්ස්ලා දෙතුන්දෙනෙක් අනුකරණය කරනවා. ඒත් විශේෂයෙන්ම කියලා නෑ. මට ගැලපෙන දෙයක් කියලා මට හිතුනොත් මම කරනවා.

පුරුද්දක් විදියට saloon යනවාද?
පුරුද්දක් විදියට නම් නොවේ. ඇත්තටම saloon යන එක පුරුද්දක් වෙලා. programme එකකට හරි ivent එකකට හරි යද්දි අනිවාර්්‍යයෙන් යන්නම ඕනෑ.

Hair style වලට මාසයකට කීයක් විතර වියදම් කරනවාද?
විවිධ programme වලට යද්දි ඉතිං එක එක hair style කරනවානේ. මගේ පෞද්ගලික මේකප් ආර්ටිස්ට් ලා ඉන්නවා. මෙහෙමයි කියලා හරියටම ගානක්නම් කියන්න අමාරුයි.

කැමැතිම hair style එක කිව්වොත් ?
එකක් කියන්න බෑ. දෙකක් තුනක් තියෙනවා. ඉදිරිපත්වෙන function එක අනුව,ඇදුම, mecup එක අනුව hair style එක කරන්න තමා කැමැති.

යන්න ආස සැලෝන් එකක් තියෙනවාද?
සැලෝන් දෙක තුනකට යනවා. අවස්ථාවෙන් අවස්ථාවට ගැලපෙන ෆැෂන් වලට බියුටීෂියන්ස්ලා ඉන්නවා.

ඔරලෝසු බදින්නේ ෆැෂන් කරන්නද වෙලාව බලන්නද?
ඇත්තටම මම ඔරලෝසුවක් බදිනවානම් බදින්නේ ෆැෂන් එකට. මොකද වෙලාව බලන්න මගේ මොබයිල් එකෙන් පුළුවන් නිසා.

ඇදුමට අනුවද ඔරලෝසු ගළපන්නේ ?
ඇත්තටම ඔරලෝසු පිළිබද වැඩි ආසාවක් නෑ. ඔරලෝසු පස්සේ පන්නනවා අඩුයි. ඒත් ඔරලෝසුවක් බැන්දොත් ඇදුමට ගැලපෙන්න තමා බදින්නේ.

ඔරලෝසු විතරක් නෙමෙයි hand bag එකත් වැදගත්ද?
ඔව්. ඇත්තෙන්ම hand bag එක අවශ්‍යයයි.

සෑම ගමනකදීම පුරුද්දක් විදියට hand bag එකක් අරන් යනවාද ?
ඔව්. ඒකේ මට අවශ්‍ය වන සියළුම භාණ්ඩ දමාගෙන යන්න ඕනෑ නිසා පුරුද්දක් විදියටම අරන් යනවා.

වැඩියෙන්ම ෆැෂන් කරන්නේ shopping කරලද internet එකෙන්ද?
ඇත්තෙන්ම මම ලංකාවේ ඇදුම් ගන්නවා අඩුයි. මම අදින ඇදුමක් තව කෙනෙක් ඇදගෙන ඉන්නවට වැඩිය කැමැති නැහැ. මම සොයන විදියේ ඇදුම් ලංකාවේ අඩුයි. මම ගොඩක් අදින්නේ පිටරට ඇදුම්. ඒ නිසා මම ෆැෂන් කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා. මම ගොඩක් වෙනස් විදියට අදින්න කැමති කෙනෙක්.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ ආසාවක්ද?
ඇත්තෙන්ම එක එක සෙරෙප්පු වර්ග 10ක් විතරම මා ළග තියෙනවා. ඇදුමට අනුව සෙරෙප්පු මාරු කරනවා.

මොනවගේ සෙරෙප්පු වලටද කැමැති ?
අදින ඇදුමට අනුව සෙරෙප්පු මාරුකරන්නේ. හීල්ස් වලටත් කැමැතියි. සාමාන්‍ය සෙරෙප්පු වලටත් කැමැතියි.

ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුම කිව්වොත් ?
Tv programme එකකට වගේනම් ඇත්තටම කොට ගවුමක් අදින්න තමා කැමැති. ට්‍රව්සර් වලට වඩා ගවුම් වලට ආසයි. කොට ට්‍රව්සර් වලටත් ආසයි.

මොනවගේ ගවුම් වලටද කැමැති ?
කොට ගවුම් වලට තමා කැමැති. මම ගවුමක් අදින්නේ programme එකට ගැලපෙන විදිහටයි.

ආසම වාහන වර්ගයක් තියෙනවාද?
මම ඇත්තටම ගොඩක් කැමැති ජීප් වලටයි. දැනට නම් වාහනයක් නෑ.

ජුවලරි ගැන කිව්වොත් ?
ජුවලරි වලටනම් වැඩි කැමැත්තක් නෑ. රත්තරං පළදින්න නම් කොහොමත්ම කැමැති නෑ. කරාඹු දෙකක්වත් පොඩි කාලේ දැම්මට දාලා නෑ. පොඩි chain එකක් වගේනම් දාන්න කැමැතියි.

ෆැෂන් කරද්දි gym යන්නම ඕනෑද?
මෙහෙමයි කෑම වලින් පාලනයක් නැතිනම් ඇදුම් එල්ලෙනවානම් gym යන්නම ඕනෑ. එහෙම නැත්නම් ඕන නෑ. තමන්ට සුදුසු ආකාරයෙන් තමා.

නදීමාලි ආරියරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top