Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
එළිමහනේ පෙම් සුව විඳිමින් අඩනිරුවත්ව සිටි තරුණ තරුණියන් රත්නපුර දුරේකන්ද බංගලාවේ නටපු නැටුම් සියල්ල එළියට එයි - Video

- එළිමහනේ පෙම් සුව විඳිමින් අඩනිරුවත්ව සිටි තරුණ තරුණියන් රත්නපුර දුරේකන්ද බංගලාවේ නටපු නැටුම් සියල්ල එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
"මචං ඒක මාර බංගලාවක්. පට්ට පාළු තැනක තියෙන්නේ. පේන තෙක් මානෙක කවුරුත් නැහැ"
සියල්ලෝම හැසිරුණේ සිහිය විකල් වූ උන්මන්තකයන් ලෙසින්

රත්නපුර - මල්වල - දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 43 දෙනෙකු පසුගියදා පොලිස් භාරයට ගෙන තිබුණා.

පසුගිය (13) රාත්‍රියේ ආරම්භ කෙරුණු මෙම සාදය පසුදින (14) රාත්‍රිය දක්වා පැවති අතර, මොවුන් අයිස් නැමති මත්ද්‍රව්‍යයද භාවිත කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.

මේ සාදය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් සති අන්ත පුවත්පතක පළවී තිබුණා. එම සටහන පහතින් දැක්වේ.
චතුරංග වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු අන්තර්ජාලයේ නිරතුරුවම සැරිසරයි. එම නිසා විශාල ෆේස් බුක් මිතුරන් පිරිසක් ද ඔහුට සිටී. දිනක් ඔහු තම මිතුරකුට අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ වර්තමානයේ රැල්ලක් බවට පත්වී තිබෙන ෆේස් බුක් සාදයක් සංවිධානය කිරීමටයි. එම මිතුරා ද එක පයින් එයට කැමති විය. එවැනි සාදයක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වුණේ් මූලික කරුණු දෙකක් පදනම් කරගෙනයි. ඒ මුදල් ඉපයීම සහ විනෝදවීම සඳහා ය.
 
කොළඹ අවට ප්‍රදේශයක චතුරංග තම පළමු ෆේස් බුක් සාදය සංවිධානය කළේය. එම පළමු සාදය ඔහු සිතුවාටත් වඩා සාර්ථක විය. එතැන් සිට ඔහු ෆේස් බුක් සාද සංවිධානය කරන්නෙක් බවට පත්විය.
 
රත්නපුර දුරේකන්ද ප්‍රදේශයේ සංචාරක බංගලාවක් තිබේ. එය පිහිටා ඇත්තේ රත්නපුර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් 4 1/2 ක් පමණ ඇතුළට වන්නයි. වනාන්තරයක් මැද පිහිටා ඇති මෙම බංගලාව ඉතා පාළු එකකි. චතුරංගට මෙම බංගලාව ගැන තොරතුරු දැන ගන්නට ලැබුණේ මිතුරෙකුගේ මාර්ගයෙනි.
 
චතුරංග දිනක් මිතුරන් කිහිපදෙනෙක් සමඟ එම බංගලාව නැරඹීමට ගියහ. ඒ සඳහා මඟ පෙන්වූයේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ෆේස් බුක් මිතුරෙකි. පාළු ස්ථානයක පිහිටි එම බංගලාව නැරඹූ ඔහු එහි ෆේස් බුක් සාදයක් පැවැත්වීමට තීරණය කළේය.
 
 චතුරංග තම සගයන් කීපදෙනෙක් සමග රත්නපුරයේ පවත්වනු ලබන ෆේස්බුක් සාදය ගැන සාකච්ඡා කළහ. ඒ මෙලෙසින්ය.
 
 ‘‘මචං මේ පාර නියම පාර්ටි එකක් අපි ඕගනයිස් කරන්න ඕනෑ. මම ඒ තැන ගිහිල්ල බැලූවා. අපිට කියාපු තැන.’’
 
 ‘‘‘ඇත්තද බං කොහොමද හොයා ගත්තේ.’’
 
 ‘‘බොලා දන්නවනේ මගේ සම්බන්ධකම්. ෆේස් බුක් තියෙනකම් මොනවද කරන්න බැරි’’
 
 ‘‘ඔව්.. ඔව්. උඹ කියන කතාව හරි. ඒ අතින් උඹ තරම් අපි දක්‍ෂ නැහැනේ.’’
 
 ‘‘මේ ඒ වල් පල් වලින් වැඩක් නැහැ. යාළු මම කියන දේ අහපංකෝ’’
 
 ‘‘ඉතින් කියහන්’’
 
 ‘‘මචං ඒක මාර බංගලාවක්. පට්ට පාළු තැනක තියෙන්නේ. පේන තෙක් මානෙක කවුරුත් නැහැ. අපට නිදහසේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මොකද කියන්නේ යාළුවනේ.’’
 
 ‘‘මොනව කියන්නද එහෙනං. තවත් පාර්ටි එකක් ඕගනයිස් කරමු.’’
 
 ‘‘අන්න හරි. ඔය උඹලටත් තේරෙන්නේ. දැන් ටික ටික. මචං මම මෙහෙම කල්පනා කළා. අපි මේ පාර දවස් දෙකක් පාර්ටි එක තියමු. එතකොට හොඳ ගාණක් හොයා ගන්නත් පුළුවන්.’’
 
 ‘‘දවස් දෙකක් අමාරු නැද්ද බං’’
 
 ‘‘මොන අමාරුවක්ද කරලා බලමු.’’
 
 ‘‘උඹේ කැමැත්තක්’’
 
 ‘‘මේකනේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඕන විනෝද වෙන්නනේ ඒක අපි උපරිමයෙන් ම දෙමු. එතකොට උන් පහසුකම් ඉල්ලන්නේ නැහැ.
 
 ‘‘උඹගේ කතාවත් හරි. එහෙනම් මේ පාර වැඩිපුර ටැබ්ලට් වගේ දේවල් දෙමු.’’
 
 ‘‘ ඔව් ඔව්. අයිස් ටිකක් වැඩිපුර දෙමු.’’
 
(අයිස් යනු වර්තමානයේ වෙළෙඳපොළේ ඇති භයානකම මත් පෙත්තකි. එය පානය කළ පසු එක දිගට දින කිහිපයක් වුව ද නිදිවැරිය හැකි බව පැවසේ. එලෙසම ඉතා කෙටි කලක් තුළදී එය පානය කරන අයගේ ස්නායු ආදිය විනාශ වන බව ද පැවසේ.)
 
‘‘මේ බංගලාව එහෙම පාර්ටි එකකට දෙයිද?’
 
‘‘ඒක මම කරගන්නම්. සල්ලි ටිකක් පෙන්නුවහම කවුද බං ඇඹරෙන්නේ නැත්තේ අද කාලේ. ඒ ටික මම බලලා තියෙන්නේ. ඒක නොවෙයි අදම දින වෙන්කර ගමු පාර්ටි එකට. කල් දාන්න බැහැ.’’
 
 ‘‘හරි උඹගේ කැමැත්තක්. සති අන්තයේ දාගත්තොත් හොඳයි නේද?’’
 
 ‘‘ඔව් ඔව්. අනිවාර්යයෙන් ම සති අන්තයේ තමයි දාගන්න ඕනි, අපිට සති තුනක් කල් තිබුණා නම් ඇති සේරම සංවිධානය කරගන්න’’
 
 ‘‘ඔව්.. ඔව්. දැන් මේවා කරලම අපිට එක්ස්පීරියන්ස් තියෙනවානේ’’
 
 ‘‘මම හිතන් හිටියේ ඔක්තෝබර් මාසේ 13 සහ 14 යන දිනවල මේක සංවිධානය කරන්න.’’
 
 ‘‘ඔයාගේ කැමැත්තක් චතූ. අපි ඉතින් ඕනම දේකට රෙඩිනේ.’’
 
චතුරංග ඇතුළු පිරිස කතා කරගත් පරිදි ඔක්තෝබර් 13 සහ 14 යන දෙදින තුළ ෆේස් බුක් සාදය පැවැත්වීමට තීරණය කළහ. දින කිහිපයක් ඇතුළත ඔවුහු ලහි ලහියේ එයට සූදානම් වූහ. එම පාටිය පිළිබඳව ෆේස් බුක් හරහා පුළුල් ප්‍රචාරයක් දීමට චතුරංග ඇතුළු පිරිස සමත් වූහ. ඒ අනුව රටේ නන් දෙසින් තරුණ තරුණියෝ එම ෆේස් බුක් සාදයට සහභාගි වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබුණහ. කල් වේලා ඇතිව රුපියල් 25,000 ක් ගෙවා චතුරංග එම බංගලාව වෙන් කර ගෙන තිබුණි.
 
නියමිත දිනය උදා විය. කොළඹ, රත්මලාන, කළුතර, දෙහිවල, ගල්කිස්ස, රත්නපුර, වත්තල සහ මීගමුව ආදී ප්‍රදේශ ගණනාවකින් තරුණ තරුණියෝ 150 ක් පමණ එම ෆේස් බුක් සාදයට සහභාගි වීම සඳහා පැමිණ සිටියහ.
 
සාදය පැවැත්වෙන බංගලාව පිහිටා තිබුණේ වනාන්තරයක් මැදය. එම නිසා එන තරුණ තරුණියන් සාදය පැවැත්වෙන ස්ථානයට ඇරලවීම සඳහා වෙනම ලොරි රථයක් ද තිබිණි.
 
නියමිත පිරිස පැමිණ සිටියහ. චතුරංගගේ මූලිකත්වයෙන් ෆේස් බුක් සාදය පටන් ගැනුණි. පළමුව තරුණ තරුණියෝ ඞී. ජේ. සංගීතයට සවන් දෙමින් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කළහ. අයිස්, කේරළ ගංජා, ඩාන්සින් ටැබ්ලට් සහ හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ඇති තරම් එහි තිබිණි. එයට අමතරව දේශීය සහ විදේශීය මත්පැන් ද බහුලව එහි දකින්නට ලැබිණි. පැමිණ සිටි සියලූම තරුණ තරුණියෝ ඒවා භාවිත කළහ.
 
ගතවූයේ පැය කිහිපයකි. සියල්ලෝම හැසිරුණේ සිහිය විකල් වූ උන්මන්තකයන් ලෙසින් ය. එක් පසෙක තරුණ තරුණියෝ උණුසුම් ලෙස සිප වැළඳ ගනිති. තවත් තැතක තරුණයෝ දෙකට කැපූ පණුවන් සේ දඟලති. තවත් පිරිසක් උන්මත්තකයන් සේ හැසිරෙති. එයට අමතරව තරුණියන් දෙදෙනෙක් එකිනෙකට ඉතා සමීපව වැළඳ ගනිමින් කතා බස් කළහ. පියවි සිහියෙන් ඔබ්බට ගොස් සිටි එම තරුණ තරුණියෝ හැසිරුණේ ඒ ආකාරයෙන් ය.
 
හිරු අවරට ගොස් තිබුණි. එහෙත් එම තරුණ තරුණියන්ට එහි වගක් නොවුණි. ඔවුන්ට වුවමනා වූයේ තව තවත් මත් වීමටයි. චතුරංග ඇතුළු පිරිස ඒ සඳහා අවශ්‍ය සියලූ දෑ මුදල්වලට ලබා දුන්හ.
 
රාත්‍රි නමයට පමණ බමන මතින් හොඳටම මත්ව සිටි තරුණයන් පිරිසක් ඇඳුම් උනා දමමින් ඞී. ජේ. සංගීතයට අනුව ශරීරය සෙලවූහ. ගත වූයේ නිමේෂයකි. එය බලා සිටි තරුණියන් කිහිපදෙනෙක් ද යට ඇඳුම්වලින් පමණක් සැරසී ඔවුන්ට එක්වූහ. ඉන් පසු බමන මතින් අන්තයටම ගොස් සිටි එම තරුණ තරුණියෝ සිප වැළඳ ගත්තේ බලා සිටි අයව උන්මාදයට පත් කිරීම සඳහාය.
 
රාත්‍රිය එලෙස ගත විය. අලූයම් කාලය වන විට බොහෝ පිරිසක් තැන් තැන්වල වැටී නිදා සිටියහ. ඒ අතරින් සමහරු සිටියේ උපන් ඇඳුම පිටින්ය. අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිත කළ තවත් පිරිසක් නොනිදා කාලය ගත කළහ. තවත් තරුණ තරුණියන් පිරිසක් එම බංගලාව අවට එළිමහනේ පෙම් සුව වින්දහ. එදින රාත්‍රිය එම තරුණ තරුණියෝ ගත කළේ එලෙසින්ය.
 
පසුදින එළිවිය. බමන මත අඩුව සිටි බොහෝ පිරිසක් අවදි වූහ. එහෙත් තවත් පිරිසක් වැටී සිටි තැන්වම සිටියහ. අඩ නිරුවතින් සිටි සමහර තරුණියෝ ලැජ්ජාවෙන් යුතුම තම ඇඳුම් සකසා ගත්හ. උදෑසන දහයට පමණ යළි එම තරුණ තරුණියෝ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පෙර දින සේම පිස්සු නැටූහ.
 
පසුදින ගම්වැසියන්ද මෙම ෆේස්බුක් සාදය ගැන දැන ගත්හ. එහෙත් ඔවුහු මෙම තරුණ තරුණියන්ට කිසිදු හිරිහැරයක් නොකළහ.
 
එදින පස්වරු තුනට පමණ ෆේස්බුක් සාදය සඳහා සහභාගි වූ සමහර තරුණ තරුණියෝ නිවෙස් බලා යෑමට සැරසුණහ. පස්වරු පහට පමණ තවත් පිරිසක්් වාහනයක නැගී නිවෙස් බලා යෑමට පිටත් වූහ. ඔවුහු සිටියේ අධික බීමතින්ය. ඉතා වේගයෙන් පැමිණි එම වාහනය වේවැල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටිණි.
 
වරද සාදයේ සිට බීමතින් වාහනයේ පැමිණි අයගේය. එහෙත් ඔවුහු වරද පිළිගැනීමට අකමැති විය. ත්‍රිරෝද රථයේ පැමිණි පිිරිස ඔවුන්ට බැණ වැදුණේය. එම ත්‍රිරෝද රථයේ සිටියේ ගම්වාසීන්ය නොකළ වරදකට බැණවැදීම නිසා ඔවුන්ගේ රතු කට්ට පැන්නේය. ඔවුන්ද එම බීමතින් සිටි පිරිසට බැණ වැදුණේය. එන්න එන්නම දෙපිරිසේ කෑගැසීම වැඩි වූහ. එම කෑගැසීම ඇසුණු තවත් ගම්වැසියන් පිරිසක්ද එතැනට පැමිණියහ. අවසානයේ ගම්වාසීහු එම සාදයේ සිට පැමිණි තරුණයන්ට පහර දුන්හ. පහරදී පොලිසියටද භාර දුන්හ.
 
ඒ අතර තවත් පිරිසක් එම ෆේස්බුක් සාදය ගැන රත්නපුර පොලිසිය දැනුවත් කළහ. ඒ අනුව පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ සාදය පැවැත්වූ එම බංගලාව වැටලූහ. ඒ වන විටත් බොහෝ තරුණ තරුණියන් පිරිසක් එතැනින් පැන ගත්හ. අවසානයේ තරුණයෝ 20 දෙනෙක් සහ තරුණියන් 23 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත්හ. ඔවුන් අතර සිටි සිව් දෙනෙක් අතර විවිධ වර්ගයේ භයානක මත්ද්‍රව්‍යයද තිබී ඇත. පසුව අත්අඩංගුවට ගත් තරුණ තරුණියෝ 43 දෙනා අතරින් 39 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත. මත්ද්‍රව්‍ය ළග තබාගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කළහ.
 
වර්තමානය වන විට ෆේස්බුක් සාද රැල්ලක් බවට පත්වී තිබේ. අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් රැසකගේ ජීවිත ඒ හරහා නිස්කාරණයේ විනාශ වෙමින් පවතී. නීති වෙනස්කර හෝ මේ සඳහා කඩිනම් පිළියමක් යෙදිිය යුතුය. එසේ නොවුණහොත් අනාගතයේදී ඉතිරි වන්නේ මනස අවුල්වී ජීවිතය නන්නත්තාර කරගත් තරුණ තරුණියන් පිරිසකි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top