"ඔබෙන් ලද ආදරය හා රැකවරණය ඉදිරියටත් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි"
"ඔබ සැමට සියළු දෙවි පිහිටයි"
පසුගිය දවස්වල ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ගැන අහන්න ලැබුනේ කණගාටුදායක දෙයක් ගැනයි.
ඒ වැල්ලවායේ පිහිටි සිය නිවසේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි.
මේ සිදුවීම ගැන සමාජ මාධ්‍ය තුළ නොයෙක් කතා පැතිරුණා.
කෙසේ වෙතත් පසුගිය 09 වනදා ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
එම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුණා..
දමිත් අසංක මෙසේ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් ඔහුට ආදරය කළ ඔහුගේ රසිකයන් සමාජ ජාල වෙබ් අඩවියන් තුළ සිය කනගාටුව සඳහන් කරමින් සටහන් පළකර තිබුණා.
මේ අතර සිදුවීම ගැන නිහඬව සිටි දමිත් අසංක ලිපියකින් සිය රසිකයන් වෙත පණිවුඩයක් එවා තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ ඉදිරි දිනකදී සිය රසිකයන් වෙනුවෙන් ගීත කිහිපයක් නිර්මාණ කිරීමට ඔහු සූදානම් වන බවයි.
තවද සියලු දෙනාගේ ආදරය නිසා ඉවසා ජීවත් වුණු ඔහුට ඉදිරියටත් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම ලිපියේ දැක්වෙනවා.