Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
20
ලොවක් කැළඹු සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදහන්වීම ඝාතනයක්ද? සියල්ල හෙළි වූ හැටි මෙන්න - Photos

- ලොවක් කැළඹු සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදහන්වීම ඝාතනයක්ද? සියල්ල හෙළි වූ හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගීගේ අතුරුදන් වීම, ලොව කාගේත් අවදානයට ලක්වුණු කරුණකි. ඊට හේතුව සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඇමෙරිකන් පුරවැසියකු වීමත්, ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය​ට සම්බන්ධ මාධ්‍යවේදියකු වීමත්ය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කාශෝගී ගැන කනස්සල්ල පළ කරන්න වූයේ මේ නිසාය.
  
සති දෙකකට පමණ පෙර තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වුණු ජමාල් කාශෝගී සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සෞදිය තරයේ කියා සිටී. කාශෝගීගේ අතුරුදන්වීම මුල්කොට ගනිමින් සෞදිය සහ බටහිර රටවල් අතර හොඳ හිත ‘අර්බුදයකට’ ලක් වී ඇත.

සති දෙකකට පමණ පෙර තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වුණු ජමාල් කාශෝගී සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සෞදිය තරයේ කියා සිටී. කාශෝගීගේ අතුරුදන්වීම මුල්කොට ගනිමින් සෞදිය සහ බටහිර රටවල් අතර හොඳ හිත ‘අර්බුදයකට’ ලක් වී ඇත.
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවා දිගින් දිගටම සෞදියට බල කර ඇත්තේ ජමාල් කශෝගීට සිදුවුණේ කුමක්දැයි වහා ලොවට හෙළි කරන ලෙසය.
 
සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් මෙන්ම සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දී ඇත. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සමීපතම මිතුරා පමණක් නොව, ඔවුන්ගේ ප්‍රධාන තෙල් සැපැයුම්කරු වන්නේ ද සෞදියයි.  ඊට අමතරව ඩොලර් බිලියන ගණනින් සෞදිය සහ බටහිර රටවල් අතර ගනුදෙනු සිදුවෙයි.  එහෙයින්, කශෝගී සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සෞදියට සම්බාධක පැනැවීමක් හෝ වෙනත් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ ගැනීමෙන් වළකිනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
 
ජමාල් කශෝගීට සිදුවුණේ කුමක්දැයි විමසා බැලීමට, ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සෞදිය බලා පිටත් කර යැවීය. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හමුවී කා​ශෝගී සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. කාශෝගීගේ අතුරුදන්වීමට තමන්ගේ හෝ සෞදියේ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව කුමරු තරයේ පවසා ඇත. සෞදි බලධාරීන්‍ හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, රාජ්‍ය ලේකම් පොම්පේඕ තුර්කියට ගොස් තුර්කි බලධාරීන් හමුවීමට නියමිතව සිටියේය.
 
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදී, ඔහු එනකල් ඝාතකයන් කණ්ඩායමක් සූදානමින් සිටි බවත් ඔවුන්, කශෝගී කොන්සල් කාර්යාලයට ගොස් කොන්සල් ජනරාල්වරයා හමුවෙද්දී, ඔවුන් ඔහු අල්ලාගෙන කොන්සල් කාර්යාලයේ දීම, වධබන්දනයට ලක් කරමින් ප්‍රශ්න කළ බවත් එසේ ප්‍රශ්න කරද්දී කාශෝගී මියගිය බවත් ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය  (16) වාර්තා කළේය.
 
කෙසේ නමුත් මිඩ්ල්ඊස්ට් අයි පුවත් සේවය සිදුවුණේ කුමක්දැයි මෙලෙස අනාවරණය කර තිබේ. එය සිත් කලඹන විස්තරයකි. මිඩ්ල්ඊස්ට් අයි පුවත් සේවයට අනුව, කශෝගීට අත්වුණු ඉරණම ඛේදවාදකයකි. මිඩ්ල්ඊස්ට් අයි පුවත් සේවය මෙලෙස කරුණු කාරණා පුවත් සේවා හෙළි වී ඇත්තේ ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට යෑමට අවසර හිමිවුණු තුර්කි බලධාරීන් කළ පරීක්ෂණවලිනි. ජමාල් කශෝගී ප්‍රශ්න කිරීමට ලක් නොකළ බවත්, සල්මාන් කුමරුන්ගේ උපදෙස් පරිදි ඔහු කෙළින්ම වධ බන්ධනයට ලක් කොට අමු අමුවේ මරා දමා ඇති බවත් මිඩ්ල්ඊස්ට් අයි වාර්තා කර තිබේ.
 
ඝාතකයන් කණ්ඩායම කාශෝගී රැගෙන ගොස් ඇත්තේ කොන්සල් ජනරාල්වරයාගේ කාමරය අසල පිහිටි කාමරයටය. එහි මේසයක ඔහු දිගා කර සිරුර කපා කොටස් කර ඇත. ඒ, කාශෝගී පණ පිටින් මරලතෝනි දෙද්දීය. කශෝගී කෑ ගසන හඬ ඇසුණු කොන්සල් කාර්යාලයේ සේවකයන් සිටින බව ද පුවත් සේවය වාර්තා කර තිබේ. කාශෝගීගේ සිරුර කපා කොටස් කර ඇත්තේ සෞදි ජාතික අධිකරණ වෛද්‍ය සාල් අල් ටුබයිකී නමැත්තාය. විනාඩි 7 ක් ඇතුළත ඔහු ඝාතනය සිදු කර ඇත. අධිකරණ වෛද්‍යවරයා සිරුර කොටස් කරද්දී ඝාතනයට හවුල් වුණු සෙසු පිරිස ගීතවලට සවන් දී ඇති බව ද වාර්තා වේ.
 
කශෝගී මර හඬ දෙද්දී, අවසානයේ දී ඔහුගේ සිරුරට කිසියම් විස රසායන දියරයක් එන්නත් කර ඇති බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවා පරීක්ෂක වාර්තා පාදක කර ගනිමින් මාධ්‍ය හමුවේ පවසා ඇත. කාශෝගී අතුරුදන් වී දින හතරකට පසු සෞදි බලධාරීන්ගේ විශේෂ අවසරය මත තමන් කොන්සල් කාර්යාලයට යද්දී, සියලු සාක්ෂි ඉවත් කිරීමට සෞදි කොන්සල් කාර්යාල බලධාරීන් පියවර ගෙන තිබුණැයි ද කුර්ති බලධාරීහු කියති. එහෙයින්, කාශෝගීගේ සිරුරට එන්නත් කළ එම රසායනික දියරය කුමක්දැයි තහවුරු කිරීමට තමන්ට නොහැකි වුණු බව තුර්කි පරීක්ෂකයෝ කියති.
 
කාශෝගී තානාපති කාර්යයාලයට පිවිසෙද්දී, ඝාතකයන් කළු පැහැති වෑන් රියකින් පැමිණ කොන්සල් කාර්යාලය ඉදිරිපිට රැකගෙන සිටිනු ආරක්ෂක කැමරා දසුන්වල පවා පටිගත වී ඇත. ඔවුන් කොන්සල් කාර්යාලයට පිවිසෙන අයුරුත් පැය කීපයකට පසු කළු පැහැති බෑග් අතැතිව වෑන් රියට ගොඩවී පිටවී යන අයුරුත් ආරක්ෂක කැමරා දසුන්වල පටිගත වී ඇත. බෑග්වලින් ගෙන ගොස් ඇත්තේ කශෝගීගේ කැබැලි කරන ලද සිරුරු කොටස් බව ද පැවැසෙයි.
 
කාශෝගී පැලඳ සිට ඇත්තේ ඇපල් ඔරලෝසුවකි. කොන්සල් කාර්යාලයේ සිදුවුණු සියලු හඬ පට එහි පටිගත වී ඇති අතර, අන්තර් ජාලය ඔස්සේ කාශෝගීගේ ගිනුම හරහා එම හඬ පට ලබා ගැනීමට තුර්කි පරීක්ෂකයන්ට හැකිවී ඇත. කශෝගී ඝාතනය වූ බව එයින් ද තහවුරු විය.
 
2 වැනිදා
 
60 හැවිරිදි ජමාල් කශෝගී තුර්කි ජාතික කාන්තාවක වන හැටීමස් සෙන්ගිස් නමැත්තිය සමඟ විවාහ වීමට සූදානමින් සිටියේය. ඊට අදාල ලියකියවිලි ලබා ගැනීමටත්, පෙර විවාහයේ දික්කසාද ලියකියවිලි ලබා ගැනීමටත් අවශ්‍ය හෙයින් කශෝගී ඔක්තෝබර් 2 වැනිදා එරට වේලාවෙන් දහවල් 1.14 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු විය. කශෝගී කොන්සල් කාර්යාලයට පැමිණ ඇත්තේ කොන්සියුලර් ජනරාල් හමුවීමට වේලාව වෙන් කර ගනිමිනි. කොන්සල් කාර්යාලයට ඇතුළු වෙද්දී, කාර්යාලයේ සිටි නිලධාරීහු ​කශෝගී පිළිගෙන ඔහු​ කොන්සියුලර් ජනරාල් කාමරයට යොමු කළහ.
 
හැටීමස්
 
කාශෝගී කොන්සල් කාර්යාලයට පැමිණියේ තනිවම නොවේ. විවාහ වීමට නියමිත හැටීමස් සෙන්ගිස් ද ඔහු සමඟ සිටි අතර, ඇය කොන්සල් කාර්යාලය පිටත රැඳී සිටියාය. ඒ, කාශෝගීය අයත් වුණු ජංගම දුරකතන දෙක ද අතැතිවය. කාශෝගී තානාපති කාර්යාලයට ඇතුළු වූයේ ජංගම දුරකතන නොමැතිවය.
ආවේ නෑ
 
පැය කිහිපයක් ගත වුවත්, කාශෝගී කොන්සල් කාර්යාලයෙන් පිටතට පැමිණියේ නැත. කශෝගී ළඟ ජංගම දුරකතනයක් නැති හෙයින් කශෝගීට ඇමතුමක් දීමට ඇයට නොහැකි විය. කශෝගී ගැන කනස්සල්ලටත් බියටත් පත්වුණු හැටීමස් සෙන්ගිස් තුර්කි පොලිසියට කාරණාව පැවැසුවාය. කශෝගීගේ ජීවිතයට අනතුරක් වුණා විය හැකි යැයි ඇය පොලිස් නිලධාරීන්ට පවසා ඇත. හැටීමස් සෙන්ගිස් සවස 5.33 ට ඉස්තාන්බුල් පොලිස් නිලධාරීන්ට ඇමතුමක් ගන්නා අයුරු, කොන්සල් කාර්යාලයේ පිටත ඇති ආරක්ෂක කැමරා දසුන්වල සටහන් වී ඇත.
 
අතුරුදන්
 
ඔක්තෝබර් 3 වැනිදා, සෞදි රජය නිල නිවේදනයක් නිකුත් කළේය. ඒ, සෞදි මාධ්‍යාවේදී ජමාල් කශෝගී අතුරුදන් කියමිනි. සෞසි රජය නිකුත් කළ එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වූයේ කාශෝගී කොන්සල් කාර්යාලයේ කටයුතු අවසන් කර එයින් පිටව ගිය බවය.
 
කෝ ජමාල් ?
 
සෞදි රජය කියන්නේ බොරුවක් බවත්, කාශෝගී කොන්සල් කාර්යාලයෙන් යළි පිටතට පැමිණියේ නැති බවත් හැටීමස් තරයේ කියා සිටී. ​රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් හැටීමස්ගෙන් අදහස් විමසා සිටිද්දී ඒ බව පැහැදිලි ක​ළාය. ‘සෞදිය කියන්නේ ඇත්තක් නම්, ඔහු කෝ ? ඔහුට මොකද වුණේ ? ඔහු ගෙදර ගියා කියනවා. මම ගිහින් ඔහු හෙව්වා. ඔහු කොහෙවත් නැහැ. කෝ ජමාල්’ ඇය විමසා සිටී.
 
සොයා බලනවා
 
කශෝගී ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු නිසාත්, ඔහු ඇමෙරිකන් පුරවැසියකු නිසාත්, ජාත්‍යන්තර මාධ්‍ය ඔහුගේ ‘අතුරුදන්වීම’ ගැන හාරඅවුස්සන්න පටන් ගත් නිසාත්, තුර්කි රජය අර්බුදයට මැදිහත් විය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රකාශකයෙක් ඉස්තාන්බුල් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්කමින් සිටි ජගත් මාධ්‍යවේදීන් හමුවට ගොස් මෙසේ පැවැසීය. ‘තුර්කි රජයේ බලධාරීන්, සෞදි රජයේ බලධාරීන් සහ කොන්සල් කාර්යාලයේ බලධාරීන් සමඟ එක් වී, සිදුවුණේ කුමක්දැයි සොයා බලනවා. ඇත්ත නැත්ත ඉක්මනින් දැනගන්න ලැබේවි’
 
4 වැනිදා
 
තුර්කි රජයේ උපදෙස් පරිදි, විදේශ කටුයතු අමත්‍යාංශය, එරට අන්කාරා නුවර සිටින සෞදි තානාපති කැඳවා, කාශෝගීගේ ‘අතුරුදන්වීම’ සම්බන්ධයෙන් විමසීමක් කළේය. කාශෝගී ඇමෙරිකාවේ ​පුරවැසියකු සේම, ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට සම්බන්ධ මාධ්‍යවේදියකු ද වෙයි.
 
බියක්
 
කශෝගීගේ ‘අතුරුදන්වීම’ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පුවත් පළ කරමින් ඒ ගැන ​ලොව කාගේත් ලොකු උනන්දුවක් ඇති කළේ වොෂින්ටන් පෝස්ට් පුවත් පුවත්පතය. පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ් හියාත්, කශෝගි ගැන කනස්සල්ලට පත් වී සිටියේය. ඒ, කාශෝගී නිරන්තරයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ කිරීමත්, කාශෝගීට මරණීය තර්ජන එල්ලවීමත් හේතුවෙනි. ‘අප හැමෝගෙන්ම උදවු ඉල්ලනවා. ඇමෙරිකන්, තුර්කි සහ සෞදි ඕනෑම කෙනකුගෙන් අපි උදවු ඉල්ලනවා. ජමාල් කශෝගී ගැන හෝඩුවාවක් තිබෙනවා නම් අපට දන්වන්න. ඔහු ආරක්ෂිතව සොයා ගන්න ඕනෑ.’ වොෂින්ටන් පෝස්ට් කර්තෘවරයා ඉල්ලීමක් ද කළේය.
 
පස් වැනිදා
 
කශෝගී ගැන කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර, ඔහු සෞදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය කෙරුණු බවත්, ඝාතනය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමාර​යාගේ අනුදැනුම මත කියාත් පුවත් පළ වන්න විය. සෞදියට දිගින් දිගටම පීඩනයක් එල්ල වන්න පටන් ගත්තේය. එම පීඩනය හමුවේ සෞදිය කියා සිටියේ කොන්සල් කාර්යාලයට ඇතුළු වී, පරීක්ෂණයක් පැවැත්වීමට තුර්කි බලධාරීන්ට තමන් අවසර දෙන බවය.
 
හංගන්න දෙයක් නෑ
 
‘සෞදි කොන්සල් කාර්යාලය අයත් වන්නේ සෞදියට. ඒත් එල්ල වන චෝදනා හමුවේ තුර්කි බලධාරීන්ට ඊට ඇතුළු වීමට විශේෂ අවසරයක් අප ලබා දෙනවා. ඔහුට ඕනෑම ආකාරයක​ට පරීක්ෂණ පවත්වන්න අවසර දෙනවා. අපට හංගන්න දෙයක් නැහැ’ යැයි සෞදි කුමරා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන් වෙයි. අවසානයේදී, කශෝගීගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පරීක්ෂණ පැවැත්වූ තුර්කි බලධාරීහු ඔවුන් විසින් එක් රැස් කරගනු ලැබූ සාක්ෂි අනුව, කාශෝගී ඝාතනය කෙරුණු බව අනාවරණය කර ගත්හ.
 
විදෙස් පුවත් සේවා ඇසුරිනි
 




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top