භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් සහ උමාරියා සින්හවංශ කියන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම දක්ෂ කලාකරුවන් තිදෙනෙක්. ලංකාවේ සංගීතය විදේශීය රැගෙන යන්න නිරන්තරයෙන්ම උත්සහ දරන කලාකරුවන් තිදෙනෙක්.
මේ තුන්දෙනා එක්ව පසුගියදා අපුරූ ගීතයක් ගායනා කර තිබෙනවා. ඒ ඉන්දියාව වෙනුවෙන්. ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධි හෙවත් මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධිගේ 149 වෙනි ජන්ම දින සැමරුම පසුගිය 2වෙනිදාට යෙදී තිබු අතර එතැන් සිට 150 වැනි ජන්ම දින සැමරුම ආරම්භ වුණා.
එම සැමරුම සදහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ගේ සංකල්පයකට අනුව නිර්මාණය වුනු මහත්මා ගාන්ධි 150 වන සැමරුම් ගීතයකට උමාරියා සහ භාතිය සංතුෂ් සිය දායකත්වය ලබා දී තිබෙනවා.
එම දායකත්වය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ට්විට්ටර් පණිවිඩයක් මගින් ඔවුන් තිදෙනාට ප්‍රශංසාව පල කර තිබෙනවා. ඒ මෙලෙසින්,
"1927 ගාන්ධි තුමාගේ ශ්‍රීලංකා සංචාරයට පෙර "සැබවින්ම නිදහස් ඉන්දියාව තම අසල්වාසීන්ට උපකාර කිරීමට බැඳී සිටියි” යනුවෙන් පවසන ලදී. කලාශිල්පීන් වන @BNSMusic @Umariaofficial විසින් නිදහස් චතුරශ්‍රයේදී ගායනා කරන ලදභජන් ගීතය “වෛෂ්ණව් ජාන තෝ” ජනාධිපතිතුමා @MaithripalaS විසින් එළිදක්වන ලදී"
ඒ ආරාධනාවට දායක වීමට ලැබීම මහත් ගෞරවයක් කියලා භාතිය සංතුෂ් කියනවා.