Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
19
"මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගත වුණේ විනාඩි 15 යි. විවාහය වෙනුවෙන් වියදම් වුණේ රුපියල් 3000ක් විතරයි.."

- "මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගත වුණේ විනාඩි 15 යි. විවාහය වෙනුවෙන් වියදම් වුණේ රුපියල් 3000ක් විතරයි.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65 Views
"මේ ආර්ථික රටාවත් එක්ක ඔය දරුවෝ දෙන්නා ඇති..."

"මම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යන කතාවත් ඇත්ත..."

දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිතයකට පණ දිය හැකි අති දක්ෂ නළුවෙක්. මේ කියන නළුවාට රංගනයේදී නම් සීමා මායිම් නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයේදීත් දසුන් සීමා මායිම් තුළ කොටුවන්න කැමති කෙනෙක් ‍නෙවෙයි. ඔහු තමන්ගේ පෙම්වතිය හංසි දිසානායක සමග ජීවිතේ අලුතින් පටන් ගත්තේ අපේ රටේ පවතින සම්මත විවාහ චාරිත්‍රානුකූලවලට පටහැනිවයි.

මේ දෙන්නා දැන් මාස 8ක පුංචි දියණියකගේ මව්පියන්. පසුගියදාක හංසිගේ උපන්දිනය දවසේ දසුන් හා හංසි නීත්‍යනුකූලව විවාහ වූ පුවත දසුන්ගේ Faceboo ගිණුමේ සටහන් කරලා තිබුණා. 'විවාහය' කියන්නේ කොළ කෑල්ලක අත්සන් කිරීම නොවෙයි කියලා කියපු මේ දෙදෙනා හදිසියේ ඒ වගේ තීරණයක් ගත්තේ  මොකද කියලා අපි මේ අයගෙන් විමසන්න කල්පනා කළා.

නීත්‍යනුකූලව විවාහ නොවී මවක් වන ගැහැනියක් තමන්ගේ පෙම්වතාට විවාහ වන්නට බලපෑම් කරන එක සාමාන්‍ය දෙයක්. මෙතනදී සිදුවුණෙත් ඒ වගේ දෙයක්ද හංසි ?
නැහැ.... නැහැ මම එහෙම සාම්ප්‍රදායික විදියට හිතන කෙනෙක් ‍නෙවෙයි. විවාහය ලියාපදිංචි කරන්න හිතුවේ ලංකාවේ පවතින නීතිමය තත්ත්වය මත අපිට නීත්‍යනුකූල විවාහයක් අවශ්‍ය වූ හින්දා.

ඊට හේතුව...?
මට ස්විඩන්වල පුරවැසි භාවය තියෙනවා. දුව රට ගෙනියද්දී අවශ්‍ය නීතිමය පසුබිම තුළ අපේ විවාහ සහතිකය අවශ්‍ය වෙනවා. ඒ හින්දයි අපි විවාහ වුණේ.

කොහොම හරි ඉතින් දසුන් හංසි දැන් විවාහ වෙලානේ. විවාහය සිදුකළේ කොහොමද?
අපි දෙන්නයි, සාක්ෂිකාරයෝ දෙන්නයි විතරයි එම අවස්ථාවට සහභාගි වුණේ.

ඒ කියන්නෙ උත්සවයක් ගත්තේ නැහැ....?
කිසිම උත්සවයක් ගත්තේ නැහැ. දසුන් ඒ වගේ දේවල්වලට කැමතිත් නැහැ.

මංගල්‍ය දා ලස්සන මනාලියක විදිහට සැරසෙන එක ගොඩක් කාන්තාවන්ගේ හීනයක්. ඔබට ඒවගේ හීනයක් තිබුණේ නැද්ද?
මම නම් විවාහය ලියාපදිංචි කරන දවසේ ඇන්දෙත් සාමාන්‍ය ගවුමක්. දසුනුත් වෙනදා අඳින විදියට ඩෙනිමකුයි, ටී ෂර්ට් එකකුයි ඇන්දා. නීතිමය පසුබිම අනුව සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඕනනේ. ඒ හින්දා දසුන්ගේ යාළුවෝ දෙන්නෙක් (තිසර හා ඉල්ගාමි) ඒකට සහභාගි වුණා. එදා දවසත් සාමාන්‍ය දවසක් විදියට ගත වුණා.

ඔය අතරේ දසුන් හංසි කැදැල්ලට තවත් අමුත්තෙක් එන්න සූදානම්. එහෙම නේද?
ඔව්, තව මාස තුනකින් අපේ දෙවැනි දරුවා ලැබෙනවා.

වැඩිමල් දියණියට මාස 8 ක් වෙද්දී දෙවැනි දරුවකු ගැන හිතුවේ ඇයි....?
දරුවා ලැබුණම මම ටිකක් මහත් වුණා. කෙට්ටු වෙලා ආයෙම කාලෙකින් දරුවෙකු ලබනවට වඩා දරුවන් ලබලාම ඊට පස්සේ කෙට්ටු වෙන එක හොඳයි කියලා හිතුවා

එහෙනම් දසුන් හංසි දෙදෙනා දරු සම්පතට ජීවිතයේ ලොකු ඉඩක් වෙන් කරන්නයි කල්පනාව....
මට නම් දරු දෙන්නෙක් ඇති.
 
ලංකාවේ නීතිය අනුව දරුවාගේ ඉදිරි කටයුතුවලට අපි දෙන්නාගේ විවාහ සහතිකය නැතිවීම ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි මේ තීරණය ගත්තේ.
එදා දවසේ මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගත වුණේ විනාඩි 15 යි. විවාහය වෙනුවෙන් වියදම් වුණේ රුපියල් 3000ක් විතරයි. මම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යන කතාවත් ඇත්ත. දරුවෝ දහයක් විතර හිටියනම් හොඳයි. ඒත් මේ ආර්ථික රටාවත් එක්ක ඔය දරුවෝ දෙන්නා ඇති....


ආරියවංශ කුලතිලක




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top