මන්ද මානසික රෝගයෙන් පෙළුණ තරුණයෙක් සැලසුම් සහගතව ඝාතනය කළේ යෑයි සැකපිට එම තරුණයාගේ මව, සුළු මව, බාල සොහොයුරා සමග තවත් දෙදෙනෙකු මස්‌කෙළිය පොලිසිය මගින් 16දා අලුයම මස්කෙළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 13දා රාත්‍රී මෙසේ ඝාතනය කර ඇත්තේ, මස්‌කෙළිය පොලිස් වසමට අයත් ස්‌ටොක්‌හෝම්, තේ වතුයායේ, ලොකු සෝලන්කන්ද කොටසේ පදිංචිව සිටි (33) හැවිරිදි නල්ලයියා රාම්කුමාර් නමැති අවිවාහක තරුණයෙක්.
මෙම තරුණයා කුඩා කල සිට මන්ද මානසික රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් පසුවූ අයෙක් බවත්, මොහුගේ මරණය සැක නොමැති බවත් නිවැසියන් පොලිසියට පවසා ඇති නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය මළ සිරුර ඉකුත් (14දා) දික්‌ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව මෙම මරණය ඝාතනයක් බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බව මස්‌කෙළිය පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සටොක්‌හෝම් හා බ්‍රන්ස්‌වික් තේවතුවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හැටන් මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මස්‌කෙළිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා.