Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
"කොළඹ ඉඳලා යද්දී බවුසරයක අපි ගිය වෑන් රථය ගැටෙනවා. මට ඇහැරිලා මම කෑ ගහපු නිසා බේරුණා..." - මේධා ජයරත්න

- "කොළඹ ඉඳලා යද්දී බවුසරයක අපි ගිය වෑන් රථය ගැටෙනවා. මට ඇහැරිලා මම කෑ ගහපු නිසා බේරුණා..." - මේධා ජයරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

156 Views
" සමහර සිදුවීම් හා මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව, කුහකකම් එළියට එන වෙලාවලුත් මම දකිනවා..."

"අපි මොනතරම් අවාසනාවන්ත ද කියලා හිතෙනවා...'

ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කළා. ඒ ඇරෙන්නට පසුගිය දවස්වල ‘මෙගා ස්ටාර්ස්’ වැඩසටහනට මම දායක වුණා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම පසුගිය දවස්වල විකාශය නිම වුණා.

ඔබේ ජීවිතේ හුඟක් කාර්යබහුලයිද?
එහෙමත් නැහැ ඉතින්. හැමදේම සමබරව කරගෙන යනවා. අපි යොදා ගන්න වැඩ කටයුතුත් එක්ක තමයි කාර්යබහුල වෙන්නේ. නැතිව සැලැස්මක් අනුව ඒ කටයුතු කර ගන්නවා නම් ජීවිතේ කාර්යබහුල වෙන්නේ නැහැ.

ඔබ ක්ෂේත්‍රයට එක් වන්නේ නිවේදිකාවක ලෙස. අද නිවේදනය ඔබෙන් මඟහැරිලාද?
ඔව්. ඇත්තටම මට හිතෙනවා මඟහැරිලා කියලා. මං දන්නේ නෑ අද අලුත් නිවේදක නිවේදිකාවෝ ඕනෑ තරම් ඉන්නවා. මොකද මම ඇත්තටම හුඟක්ම ආස නිවේදනයට නිසා.

ඇයි ඒ?
නිවේදිකාවක් කියන දෙයට හුඟක්ම ආසයි. මොකද දැන් ඉන්න අයත් එක්ක බලන කොට මඟ තොටේදී ප්‍රේක්ෂකයන් අපිට හමු වුණත් ඒ අය කියන්නේ ඔයාලගේ කාලේ අද වගේ නෙමෙයි කියලයි. එතකොට අපිට හිතෙනවා ඇයි අපි පැත්තකට වෙලා ඉන්නේ අපරදෙනෙ කියලා. දුකකුත් දැනෙනවා. ඒත් මම නිවේදනයෙන් දුරස් වෙලාම හිටියෙත් නැහැ.

චිත්‍රපට ගැන කතා කළොත්?
පසුගිය කාලයේ නම් අනුරුද්ධ ජයසිංහගේ එක දවසක අපි චිත්‍රපටයට මම දායක වුණා. එය තිරගත වුණා. කොමඩි, විහිළු, බොළඳ කතාන්දර වගේ චිත්‍රපටවලට මට ආරාධනා කොතෙකුත් ලැබුණා. මම ඒවට ඒතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. ටෙලි නාට්‍යවල ජීවත් වෙන්න මොනවා හරි දෙයක් කළාට මම හිතනවා සිනමාව වගේ දෙයක හොඳ දෙයක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

ප්‍රේක්ෂකයන් අද ටෙලි නාට්‍යවලින් දුරස් වෙලාද?
මට එහෙම හිතෙනවා. මොකද සමීක්ෂණවලින් පවා හෙළි වී තිබෙනවා රූපවාහිනී නාලිකා බලන ප්‍රතිශතය ඉතාම අඩු මට්ටමක තිබෙන බව. ඒකට එදා ඉඳන් අද වෙනකම්ම තිබෙන දේශපාලනික, සමාජීය, ආර්ථික මේ හැම කාරණාවක්ම බලපාන්නත් ඇති කියලා මට හිතෙනවා.

නිෂ්පාදිකාවක ලෙස කටයුතු කිරීම පහසුද?
හරිම අසීරු කර්තව්‍යයක් එය. කලාවට තිබෙන ආශාව නිසාම මේ කාර්යයේ නියැළුණාට හරිම අමාරුයි. මොකද අපිට ලැබෙන ගාණට ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම අපහසුයි.

ඔබ කාලයක් විදෙස් ගත වී සිටියා. ඒ අත්දැකීම් හා අද මෙහෙ ගෙවෙන ජීවිතය මොන වගේද?
එංගලන්තයේ ලද අත්දැකීම් ගැන කතා කළොත් දවසක් වුණත් කතා කරන්න පුළුවන්. ඇත්තටම රටවල් එක්ක ගත්තම අපි මොනතරම් අවාසනාවන්ත ද කියලා හිතෙනවා. ඒ කියන්නේ රටේ වැරැද්ද නෙමෙයි මේ සමාජයේ නිසා ඇති වැරැද්ද. ඒ රටවල්වල ජීවත් වෙන්න හරිම පහසුයි. ජීවත් වෙන්න හරිම හොඳයි. ඒවත් එක්ක සමහරු අහනවා ඇයි ආවේ කියලා. අපි ජීවත් වෙන්නේ, හුස්ම ගන්නේ අපේ රටේනෙ. ඒ රටට අපි ආගන්තුකයිනේ. ඒ නිසා අපි අපේ රට හොයාගෙන එනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර?
හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ලංකාවට ආවට පස්සේ හුඟක් නිර්මාණවලට දායක වුණා. ‘මෙගා ස්ටාර්ස්’ වගේ නර්තනමය රියැලිටිවලට දායක වුණා. මොකද මම නර්තනයේ යෙදෙනවා මගේ ප්‍රේක්ෂකයින් දැකලා නැහැ. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම වෙනස් වෙනස් චරිත රඟපාන්න ලැබුණා.

අද සමාජයේ නළු නිළියන්ට ඇති කැමැත්ත ඔබට දැනෙන්නේ කොහොමද?
අද සමාජයේ මිනිසුන්ගේ කැමැත්තකුත් ලොකු ආදරයකුත් නළු නිළියන් කෙරෙහි පවතිනවා. ඒ අතරෙදි සමහර සිදුවීම් හා මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව, කුහකකම් එළියට එන වෙලාවලුත් මම දකිනවා. ෆෙස්බුක්, ගොසිප්වල නළු නිළියන්ට මඩ ගහන ඒවත් තියෙනවා. ඒ වගේම ආදරයකුත් තිබෙනවා.

නව පරපුර ගැන මොකද හිතෙන්නේ?
නව පරපුර ගැන මම දකින එකම දේ තමයි අපේ ක්ෂේත්‍රයේ හැදෑරීමක් නැහැ. සාමාන්‍ය දැනීමක්වත් ලැබෙන්න තරම් අධ්‍යාපනයක් නැහැ. ලස්සන විතරයි තිබෙන්නේ. විශේෂයෙන් ගැහැනු ළමයින්ට. ඒ නිසා පොඩ්ඩක් ජනප්‍රිය වූ ගමන් ඒ අයට ඒක දරාගන්න බැහැ. ඉස්සර අපි නම් අපි අඳුරන්නේ නැති වුණත් අපේ ප්‍රවීණයන් දුටු විට අපි ළඟට ගිහින් කතා කරනවා. මේ අය දැක්කත් හොඳට දන්නවා වුණත් ළඟට ඇවිත් කතා කරන්නේ නැහැ. තමන්ට වාසියක් තියෙනවා නම් විතරක් ඇවිත් කතා කරනවා.

මොනවද මේ කාලයේදී ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම්?
මතකයේ තිබෙන්නේ නාට්‍යයක් රූගත කිරීම්වලට යන විට හැප්පෙන්න ගිහිල්ලා දෙසැරයක්ම ජීවිතය බේරුණු එක තමයි. පොළොන්නරුවේ ෂූටින් නිසා රෑ වෙලා යන්නේ එහේ. එතකොට කොළඹ ඉඳලා යන කොට තව නුලෙන් බවුසරයක අපි ගිය වෑන් රථය ගැටෙනවා. මට ඇහැරිලා මම කෑ ගහපු නිසා බේරුණා.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top