ලොව ජනප්‍රියම මාධ්‍ය ජාලයක් වන YOUTUBE මීට පැය කිහිපයකට පෙර බිඳ වැටීමකට ලක්වුණා. නමුත් එය මේ වන විට යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු කර තිබෙනවා. YOUTUBE අක්‍රිය වීම පිළිබඳව ලොව පුරා ජනතාවගේ වැඩි අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ YOUTUBE ආයතනයද නිල ප්‍රකාශයක් සිදු කළේ නැහැ.
ඇතැම් වාර්තා අනුව පෙන්වා දී ඇත්තේ YOUTUBE බිඳවැටීම හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි.
කෙසේ වෙතත් YOUTUBE ආයතනය මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඔවුන් ඉතා ඉක්මනින් එය නැවත යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු කර තිබුණු අතර එසේ යථා තත්ත්වයට පත් වූ වහාම “ඔබේ ඉවසීම වෙනුවෙන් ස්තුතියි. අපි නැවතත් පැමිණියා..“ යැයි YOUTUBE කණ්ඩායම පවසා තිබෙනවා.