Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
15
"පළමු පෙම බිදිලා හිතෙන් විදවමින් ඉන්න කාලේ රාජගිරියේ පන්සලක කාලයක් හිටියා.." - - බුද්ධික රඹුක්වැල්ල

- "පළමු පෙම බිදිලා හිතෙන් විදවමින් ඉන්න කාලේ රාජගිරියේ පන්සලක කාලයක් හිටියා.." - - බුද්ධික රඹුක්වැල්ලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
"මට ආදර හැගීමක් ඇති වුණත් කෙල්ලක් කැමැති වෙන්න එපැයි ආදර කතාවක් පටන් ගන්න..."

"අපේ අම්මා විස්තර ටික අහගත්තේ හෙට විවාහය කරල දෙන්න වගෙයි..."

බුද්ධික රඹුක්වැල්ල කියන්නේ සිනමාව වගේම පුංචි තිරයෙනුත් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. විවිධ අත්හදා බැලීම් නිසාත් බුද්ධික කතාබහට ලක් වුණා. මේ ඔහු ආදරේ ගැන කියන කතාවයි.

ඉස්කෝලෙ යන කාලෙ බුද්ධිකගේ හිත ගත් ආදර මතකය අවදි කළොත් ?
පාසැල් කාලෙ කෙල්ලො මට සෙට් වෙන්නෙම නැහැ. උඩුදුම්බර කනිෂ්ඨ විද්‍යාලයත් උඩුදුම්බර මහා විද්‍යාලයත් මං ගැන හොදටම දන්නවා. මගේ දඩබ්බරකම් නිසා කිහිප වාරයක් පන්ති තහනම් වෙලා තියෙනවා. මට ආදර හැගීමක් ඇති වුණත් කෙල්ලක් කැමැති වෙන්න එපැයි ආදර කතාවක් පටන් ගන්න. මගේ දඩබ්බරකම් නිසාම එක කෙල්ලෙක්වත් මට ආදරය කරන්න කැමැති වුණේ නැහැ. අන්තිමට ඉස්කෝලේදී මගේ ජොබ් එක වුණේ පාසලේ කෙල්ලො කොල්ලන්ගේ පෙම් සබදතා ඉස්කොලෙ ගුරුවරුන්ට අල්ලලා දෙන චරපුරුෂ සේවයයි.
 
පාසැල් කාලෙ නිමාවෙන තුරුම මේ දඩබ්බරකම් නිසා බුද්ධිකට පෙම්වතෙක් වෙන්න බැරි වුණාද ?
උඩුදුම්බර මහා විද්‍යාලයෙදි තමයි මගේ දඩබ්බරකම් වැඩියෙන්ම මතුවුණේ. පස්සේ මම උසස්පෙළට නුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයට එනවා. ඒ වෙද්දි දඩබ්බරකම් නම් අඩුවෙලා තිබුණා. අපේ ඉස්කෝලෙ ගැහැනු ළමයි නැහැනේ” අපිට ගැහැනු ළමයි හමුවෙන්නේ ටියුෂන් පන්තිවලදී. එතැනදීත් කෙල්ලො යාළු වෙන්නේ නැහැ” පිස්සු වැඩනේ කරන්නේ. හැබැයි ඉස්කොලෙ ටියුෂන් පන්තිවල මම ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. මම ඒ වෙනකොටත් ටෙලි නාට්‍යවල රඟපෑවා.
 
හා හා පුරා කියලා බුද්ධික පෙම්වතෙක් වෙන්නේ ?
පාසැලෙන් පස්සේ මම පෞද්ගලික ආයතනයක වැඩකළා. එතැනදී මට කෙනෙක් ගැන ආදරයක් ඇතිවුණා. ඒක වෙන්නේ 2001 අවුරුද්දේ විතර. ආදරය පටන් ගත්ත ගමන්ම මම ලොකුවට ගෙදරට ගිහින් අම්මට කිව්වා මේ ගැන. අපේ අම්මා විස්තර ටික අහගත්තේ හෙට විවාහය කරල දෙන්න වගෙයි. හැබැයි විස්තර ටික අහගෙන ඉවර වෙලා අම්මයි අප්පච්චියි මේකට බලවත් ලෙස විරුද්ධ වෙනවා.
 
පළමු පෙම උපන්ගෙයිම මියැදෙන්න දෙනවාද ?
ඒක මට හරිම වේදනාවක් වුණා. අම්මලා විරුද්ධ වුණාට පස්සේ මට එයා එක්ක කතා කරන්නත් බැහැ. මම හිටියේ කලකිරීමෙන්. මම ගෙදර අතහැරලා එනවා. 2002 දී විතර මම කරපු දේවල් එක්ක මම ප්‍රසිද්ධ වෙද්දි  වෙළෙද දැන්වීමකට මාව ගත්තා. ඒ වෙළෙද දැන්වීම ජනප්‍රිය වෙන්න ගත්තා. ඒ දවස්වල මම රැකියාවක් නැතිව බත්තරමුල්ල ප්‍රදේශයේ හිටියේ. ඒ ඉන්නකොට එක දවසක මට කතා කළා මගේ පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා” වෙලා හිටිය බුද්ධික අයියා. එයත් බුද්ධික. මමත් බුද්ධික. ඔය නම් සමානකම නිසා මම හරියට ටොපි කාලා තියෙනවා. සුමංගලයේ බුද්ධික කිව්වම බුද්ධික අයියා කරන වැඩ වලට මාවමයි අහුවෙන්නේ. මේ කාරණාව නිසා අපි අතර යාළුකමක් ගොඩනැගිලා තිබුණා. එයා මාව බත්තරමුල්ලෙදී දකිනවා. එයා වැඩ කරපු කම්පැනියේ මීඩියා පැත්ත කරන්න කියලා මට කතා කරනවා. එතැන හිටිය එකවුන්ටන් තමයි වරුණි අංජුලා. පස්සේ කාලෙක මගේ බිරිය වෙන්නෙ එයා තමයි.
 
අංජුලා බුද්ධිකගේ දගකාරකම්වලටද පෙම් කරන්නේ ?
නැහැනේ” මගේ අහිංසකකමට. ඒ දවස්වල පළමු පෙම බිදිලා හිතෙන් විදවමින්. රාජගිරියේ පන්සලේ ටික කාලයක් හිටියා. පන්සලේ අපිට ඕනෑ පහසුකම් නැහැනේ. දුෂ්කර ජීවිතයක් තමයි ගෙවුණේ. ඒ වකවානුවේ මගේ නාට්‍ය ප්‍රචාරය වෙනවා. වෙළෙද දැන්වීම ජනප්‍රියයි. ඒවා මට දැනෙන්නේ නැහැ. ආදර වියෝගයෙන් තැවි තැවී තමයි හිටියේ. ඒ දුක්බර මුහුණ අංජුලා මාව දකින්නේ මම හරි අහිංසක කෙනෙක් විදිහටයි. මම කල්පනාකරනවා පව් කියලයි ඇයට දැනිලා තියෙන්නේ. ඇත්තටම මං ලොකු අහිංසක කෙනෙක් නෙවෙයිනේ. මොකක් හරි අසරණකමක් එයා මගේ දැකලා තියෙනවා” ඒක නිසයි මේ බැදීම ඇතිවෙන්නේ.
 
ආපහු මව්පිය නෑදෑ පරපුරෙන් විරෝධතා ආවේ නැතිද ?
අපි නුවරනේ. මම දිසානායක මුදියන්සේලාගේ රඹුක්වැල්ල වලව්වේ බුද්ධික සුධාර බණ්ඩාර රඹුක්වැල්ල. අපේ ගෙදරට කියන්නෙත් දෙගොඩලේ වලව්ව. ඉතින් කොළඹින් බදිනවා කිව්වම ප්‍රශ්න තියෙනවා. මම ඕවා ගන්න ගන්නේ නැහැ. ඒවා කාලයක් තිබුණා” දැන් ඒවා ඉවරනේ. ගෙදරින් දැනගත්තට පස්සේ එයාලගෙ ගෙවල් දොරවල් බලන තැනට එනකම් ප්‍රශ්න තිබුණා. ගෙවල් දොරවල් එයාගේ ගෙදර තොරතුරු දැනගත්තට පස්සේ තමයි කැමති වුණේ.
 
අද අංජුලා එදා දැක්ක අහිංසක බුද්ධිකවමද දරාගෙන ඉන්නේ ?
දැන් එයාට මාව පෙනෙන්නේ හරිම බැරුම් චරිතයක් විදිහට. මොකද ගෙදරත් මම කලා කටයුතු කරනවා. සංගීත සංදර්ශන කටයුතු සම්බන්ධීකරණය කරලා දෙනවා. මම ගෙදර කාර්ය බහුලයි. මා එක්ක කතා කරන්නත් එයාට වෙලාවක් කලින් ඉල්ල ගන්න වෙන තරම්. හැබැයි මැසිවිලි නැහැ. එයා දන්නවා මගේ ජීවන රටාවේ ස්වභාවය. ඒකට මැසිවිලි කිව්වොත් ජීවත් වෙන්නේ කොහොමද?
 
රසිකාවියන්ගේ ආදර ප්‍රතිචාර ඉදිරියේ බුද්ධික මොන විදිහටද ප්‍රතිචාර දක්වන්නේ ?
එයාලා කතාබහ කරනවා. මමත් පුළුවන් විදිහට කතාබහ කරනවා. මගේ බිරිදත් හොද තේරුම් ගැනීමක ඉන්නේ. ඒ නිසා ඒ ප්‍රතිචාර අපේ ආදර කතාවේදී ප්‍රශ්න නෙවෙයි.
 
බුද්ධික සංවේදීව ආදරය කරන චරිතයක්ද ?
 අපි යන එන තැන් ෆේස්බුක් එකට දාන්නේ නැහැ. තවත් පිරිසකගේ හිත් රිදෙන නිසා. මොකද අපි කන බොන යන එන ගමන් බිමග් ගැන උදම් අනන්න ගියහම ඒවා ලබාගන්න බැරි අයගේ හිත් රිදෙනවානේ. අපේ ආදර කතාවේදී මම හොදට යුතුකම් ඉටුකරන හැමදේම සමබරව තියාගන්න දන්න කෙනෙක්. මම එයාව එක්කගෙන රට යනවා. එයාගේ උපන්දින සාද ඉහළ පෙළේ හෝටල්වල පවත්වනවා. ඒවගේ දේවල් මම කරන්නෙ එයාගේ ආදරය වෙනුවෙන් කරනවා.
 
 
 ධම්මිකා සරංජි පතිරණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top