Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
ලොව වටා සිටින ෆේස් බුක් භාවිතා කරන්නන්ට ෆේස් බුක් ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

- ලොව වටා සිටින ෆේස් බුක් භාවිතා කරන්නන්ට ෆේස් බුක් ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
මෑතක එල්ල වූ සයිබර් ප්‍රහාරයක් නිසා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්තයන්ට ආරක්ෂාවක් සැලසීමට හැකියාවක් නැතැයි ෆේස්බුක් සමාගම පවසනවා. එම සමාගම පසුගිය සිකුරාදා අනාවරණය කළේ, ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවයි.

එම සොරා ගත් තොරතුරු අතර, සෙවුම් තොරතුරු (search history), ස්ථානීය දත්ත (location data), සබැඳියන් පිළිබඳ දත්ත (relationships), ආගමික තොරතුරු සහ තවත් තොරතුරුද ඇතුළත් වන බව සඳහන්. 
 
මෙවැනි සයිබර් ප්‍රහාරයකදී වෙනත් ආයතන සිය සේවාදායකයින් ආරක්ෂා කිරීමට පියවර ගත්ත ද, ෆේස්බුක් සමාගම පවසන්නේ, සයිබර් ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් ආරක්ෂණ වැඩපිළිවෙළක් සැපයීමට සැලසුම් කර නොමැති බවයි. දත්ත විශ්ලේෂකයින් පවසන්නේ, ෆේස්බුක් සමාගමේ මෙම ප්‍රකාශය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවයි. 
 
මෙම දත්ත සොරා ගැනීම හරහා සමාජ ජාල හරහා විවිධ වංචාසහගත වැඩසටහන් නිර්මාණය කිරීමට ප්‍රහාරකයින්ට හැකියාව ලැබෙනවා සේම දත්ත සොරා ගැනීමට ලක් වූවන් එහි ගොදුරක් විය හැකි බවත් විශ්ලේෂකයින් පවසනවා. 
 
කෙසේ වෙතත් ෆේස් බුක් සමාගම පවසන පරිදි සයිබර් ප්‍රහාරයේ ගොදුරක් බවට පත්ව සිටින මිලියන 14ක පිරිසගේ සොරාගෙන ඇති දත්ත මේවාය. 
 
"username, ස්ක්‍රී පුරුෂ භාවය, රට සහ භාෂාව, සබැඳියන් පිළිබඳ විස්තර, ආගමික තොරතුරු, උපන් ප්‍රදේශය, පදිංචි ප්‍රදේශය, උපන් දිනය, ෆේස්බුක් වෙත පිවිසෙන උපාංගය (device), අධ්‍යාපන මට්ටම, රැකියාව, අවසන් වරට ගිය ස්ථාන 10, tag කිරීම්, follow කරන ෆේස්බුක් පිටු හා පුද්ගලයින් මෙන් ම අවසන් වරට කළ සෙවුම් 15 යන තොරතුරු සොරා ගැනීමට ලක්ව තිබෙනවා‘‘ 
 
මීට පෙර මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ Target, Playstation Network සහ Equifax වැනි සමාගම් දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා. 
 
"අපේ help section එක හරහා අපි කරන්නෙ සැකසහිත ඊ-මේල්, වෙනත් පණිවුඩ හෝ ඇමතුම්වලින් සිය දත්ත ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි" 
 
ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාවක් කියනවා. කෙසේ වෙතත්, මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව ෆේස්බුක් උපකාර පිටු යාවත්කාලීන කර තිබේ ද යන්න පිළිබඳව ඇය අදහස් පළ කළේ නැත. 
 
"කුඩා පරිමාණයේ සයිබර් ප්‍රහාරයන් අපි බැහැර කර නැහැ. අපි ඒ පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කරනවා" 
 
ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන කළමනාකරණ ප්‍රධානී ගයි රෝසන් සඳහන් කරනවා. මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන තාක්ෂණවේදී ජෝසෆ් ලොරෙන්සෝ පැවසුවේ, සොරාගෙන ඇති දත්ත සයිබර් ප්‍රහාරකයින්ට බෙහෙවින් වැදගත් වනු ඇති බවයි. 
 
"මේ සොරා ගැනුණු දත්ත හරහා වෙනත් ෆේස්බුක් ගිණුම්වලට ත් පිවිසීමට සයිබර් ප්‍රහාරකයින්ට හැකියාව පවතිනවා" "මේ සොරාගෙන ඇති දත්ත පිළිබඳව අවධානය යොමු කළොත්, ඒවා මූල්‍යමය දත්ත නෙවෙයි. මේ දත්ත වෙනත් ව්‍යාජ ගිණුම් සැකසීමට යොදා ගත හැකියි" 
 
ඔහු ප්‍රකාශ කළේ, අවම වශයෙන් password ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින මෘදුකාංගයක් හෝ නොමිලේ සිය සේවාදායකයින්ට ලබා දීමට ෆේස්බුක් සමාගම පියවර ගත යුතු බවයි. යුරෝපය තුළ සයිබර් ප්‍රහාරයකට ලක් වුවහොත් ෆේස්බුක් සමාගම ස්ටර්ලිං පවුම් බිලියන 1.25ක දඩයකට යටත් වනු ඇත. එය එම සමාගමේ වාර්ෂික ආදායමෙන් 4%ක ප්‍රතිශතයක්. 
 
පසුගිය මැයි මාසයේ සිට බලපැවැත්වෙන පොදු දත්ත ආරක්ෂණ නියාමනය (General Data Protection Regulation) ක්‍රියාත්මක වීමෙන් පසු වාර්තා වූ බරපතළම සයිබර් ප්‍රහාරයත් මෙයයි. මේ අතර, ට්විටර් පණිවුඩයක් මගින් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම පවසා ඇත්තේ,"සිය සේවාදායකයින් මිලියන ගණනකගේ දත්ත සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවට සිකුරාදා ෆේස්බුක් සමාගම කළ තහවුරු කර තිබීම සුවිශේෂි සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් පොදු දත්ත ආරක්ෂණ නියාමනය යටතේ විමර්ශනයක් අඛණ්ඩව පවත්වනවා" යනුවෙන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top