බාල වයස්කාර සිසුවියක් මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 52 හැවිරිදි විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසනවා. ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි පැවසෙන සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල්ගත කර තිබෙනවා.
හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ මව සහ පියා පවුල් ආරවුලක් මත වෙන්වී වෙන වෙනම ජීවත් වන නිසා ඇය ජිවත් වෙන්නෙ ආච්ිගේ සහ සීයගේ නිවසෙයි.
මෙම සිසුවිය ඉගෙනුම ලබන විදුහලේ සිසුන්ට මුහුණ පෑමට සිදුවී ඇති ඕනෑම කරදරයක් හෝ ගැටලුවක් නිර්නාමිකව කඩදාසි කැබැල්ලක ලියා එය දැමීම සඳහා පැමිණිලි පෙට්ටියක් තබා ඇති බවත් ගුරු මණ්ඩලය විසින් එය විවෘත කර බැලීමේ දී “ගෙරදට එන අසල්වැසි මාමා කෙනෙක් ඉන්නවා. එයා මුළු ජීවිත කාලයටම හිරේ යවන්න. එතකොට මට කරදයක් නැතිව ඉන්න පුළුවන්” යැයි ලියා තිබු කඩදාසි කැබැල්ලක් හමුවී ඇති බව සඳහන් වෙනවා.
ගුරුවරියන් කීප දෙනෙකු මෙම සටහන ලියූ සිසුවිය හඳුනාගෙන ගුරු මණ්ඩලය සමග සාකච්ඡාකර මේ පිළිබඳව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සිවිල් ඇඳුමින් සැරසුණු කාන්තා පොලිස් නිලධාරිනියක් පාසලට යවා ඇති අතර ඇය එම සිසුවිය හමුවී කාරුණික ලෙස තොරතුරු විමසීමේ දී තමාගේ සීයාගේ හිතවතකු නිවසට පැමිණෙන බවත් ඔහු තමාට ලිංගික හිරිහැර කරන බවත් සිසුවිය පොලිස් නිලධාරීණියට පවසා තිබෙනවා.
මොහුගෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි ලිපියක් ලියා පැමිණිලි පෙට්ටියට දැමූ බව ද සිසුවිය කියනවා. බාල වයස්කාර සිසුවිය හෙළි කළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා හෙට්ටිපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු මාස 10 ක පමණ කාලයක සිට වරින් වර නිවසට පැමිණ කිසිවකු නොමැති අවස්ථාවල දී සිසුවිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවා. සැකකරු බාලවයස්කාර සිසුවියගේ සීයාගේ කිට්ටුම හිතවතෙක් බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.