ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනා කතා කරන්න ගත්ත කාලයක, දැන් දැන් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ දෙනා කතා කරන්නේ අප්‍රසාදයෙන්. එහෙම කතා කරන අය තමන්ගේ විවේචනයන් කරන්න ෆේස් බුක්, ටිවිටර් වගේ සමාජ ජාලා තෝරගෙන තියනවා. ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාව ගැන විවිධ අනාවැකි පළ කරන අයට ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයින් විවිධ අවස්ථාවල උත්තර දීලා තිබුණා.
ඔවුන් කියන්නේ ‘‘මේ හැමෝම ක්‍රිකට් ගැන නොදැන බණ කියනවා“ කියලයි. පහුගිය දවසක ඇන්ජලෝ මැතිව් නායකත්වයෙන් ඉවත් වීමත් එක්කම මේ සටන දැඩි වුණා. හුඟක් අය කිව්වේ ‘‘මැතිව් අයින් කළාට ප්‍රශ්න විසඳෙන්නෙ නෑ‘‘ කියලයි. තවත් පිරිසක් කිව්වේ ‘‘මොන දේ කළත් දැන් ක්‍රිකට් ගොඩ ගන්න බෑ‘‘ කියලයි.
නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයත් සමාජ ජාලා හරහා ක්‍රිකට් විස්තර ප්‍රචාරනයේ යෙදෙන පිරිස හාස්‍යයට ලක් කරමින් පහුගිය දවසක තමන්ගේ ගිණුමට සටනහක් එකතු කරලා තිබුණා.
ඒ වගේම ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් තමන්ගේ ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් කියලා තිබුණේ ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුසුකම් ඇතැයි කියලා හිතන සියලු දෙනා ක්‍රිකට් ආයතනයට අයදුම් පත්‍ර යොමු කරන්න කියලයි.
ඔහු කියන්නේ රූපවාහිනියෙන් තරඟ නරඹන බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් නැති අයවුන් කියලයි.
සමාජජාලා ක්‍රියාකාරිකයෙක් වන ඩැනියෙල් ඇලෙක්සැන්ඩර්ගේ සටහනකට පිළිතුරු දෙමිනුයි ආර්නෝල්ඩ් එහෙම කියලා තිබුණේ.