Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
එකට සිටි මිතුරා ඝාතනය කළ අඹේපුස්ස කඳවුරේ ඛේදවාචකය

- එකට සිටි මිතුරා ඝාතනය කළ අඹේපුස්ස කඳවුරේ ඛේදවාචකයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,582 Views
‘‘හමුදාවෙ කොල්ලව මරලා වෙපන් එක ගත්තේ මම....‘‘ 
 
‘‘නිපුනව මරන්න පාවිච්චි කරපු පිහිය ගෙදර ළිඳට දැම්මා....‘‘
 
 මීරිගම අඹේපුස්ස ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණි පල්සර් වර්ගයේ යතුරුපැදිය අඹේපුස්ස දුම්රියපළ අසලින් වමට හරවා සිංහ රෙජිමේන්තු කඳවුර දෙසට ධාවනය කෙරිණි. යතුරුපැදියේ සිටියේ චාමින්ද කුලසිංහය. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ කෝප්‍රල් නිලයේ රාජකාරි කළ චාමින්ද පසුගිය 19 වැනිදා උදෑසන සුපුරුදු ලෙස හමුදා කඳවුර වෙත එන්නේ රාජකාරි භාර ගැනීම සඳහාය.

එහෙත් එදින සිංහ රෙජිමේන්තු කඳවුර ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල මහා කලබලයකි. මීරිගම පොලිසියේ ජීප් රථ කිහිපයක් මෙන්ම සිංහ රෙජිමේන්තු කඳවුරට අයත් වාහන කීපයක් ද එහි නතර කර තිබුණේය. පොලිසියේ හමුදාවේ මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු සෑහෙන පිරිසක් ද කඳවුර ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසල රැස්ව සිටියහ. චාමින්ද කඳවුරේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට යතුරුපැදිය නතර කළේ තරමක කුතුහලයෙන් යුතුවය. කඳවුර දොරටුවේ රාජකාරි කරමින් සිටි හමුදා සෙබළා අසලට ගිය චාමින්ද මේ කලබලය කුමක් නිසා දැයි විමසුවේය. 
 
‘‘අද පාන්දර අපේ සෝල්ජර් කෙනෙක්ව කෑම්ප් එක ඇතුළෙම මරලා දාලා. එයා ඩියුටි ඉන්න අතරෙදි තමයි මරලා තියෙන්නේ. මිනිහගෙ වෙපන් එකත් අරගෙන ගිහින්.’’ 
 
හමුදා සෙබළා කියූ දෙයින් චාමින්ද උඩ විසි වුණේය. 
 
‘‘කාවද මරලා තියෙන්නේ. අපි දන්න හඳුනන කොල්ලෙක්වද? කෑම්ප් එක ඇතුළෙදි කොහොමද එහෙම දෙයක් වෙන්නේ....’’ 
චාමින්ද ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළේය. 
 
‘‘නිපුන කියලා බුලත්කොහුපිටිය පැත්තේ කොල්ලෙක් මරලා තියෙන්නේ. මිනිහ ආමි එකට ජොයින්ට් වෙලත් අවුරුදු දෙක තුනක් නැහැ. පව් දුප්පත් අසරණ කොල්ලෙක්.’’ 
 
කඳවුර දොරටුවේ රාජකාරි කළ හමුදා සෙබළා එදින අලූයම සිදු වූ සියල්ල චාමින්දට කීවේය. ඒ සියල්ල සාවධානව අසා සිටි චාමින්ද ඝාතනයට ලක්ව තිබුණු හැඩැති තරුණයා තමන් හඳුනන අයකු බව කියමින් පශ්චාත්තාප වුණේය. 
 
‘‘මට අද ඩියුටි භාරගන්න තියෙනවා ඇතුළට යන්නද?’’ චාමින්ද කඳවුර දොරටුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. 
 
‘‘අපිට ඉහළින් ඕඩර්ස් ආවා පිටින් එන අය කිසි කෙනෙක් මේ වෙලාවේ ඇතුළට ගන්න එපා කියලා. ඒ වගේම පරීක්‍ෂණ අවසන් වෙනකල් කෑම්ප් එකේ ඉන්න කිසි කෙනකුට එළියට යන්න දෙන්න එපා කියලා ඕඩර්ස් ආවා. ඒ නිසා අද ඔයාට ඇතුළට යන්න බැහැ.’’ 
 
හමුදා සෙබළා තමන්ට ඉහළින් ආ නියෝගය පිළිබඳ චාමින්ද දැනුවත් කළේය. 
 
‘‘එහෙනම් අද වෙන කරන්න දෙයක් නැහැ. මම ආපහු ගෙදර යනවා’’ 
 
කඳවුර දොරටුවේ රාජකාරි කරමින් සිටි තම සහෝදර නිලධාරීන්ගෙන් සමුගත් චාමින්ද නාරම්මල බෝගහමුල්ලේ පිහිටි නිවස බලා යෑමට පිටවුණේය. පසුගිය 19 වැනිදා අලූයම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරේ හමුදා කෞතුකාගාරය අසල රාජකාරියේ යෙදී සිටි සෙබළකු අබිරහස් ලෙස ඝාතනය කර තිබුණේය. ඝාතකයන් හමුදා සෙබළා සතුව තිබූ ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ගොස් තිබුණේය. 
 
එයින් පැහැදිලි වී තිබුණේ සාහසිකයන් ටී 56 ගිනි අවිය පැහැර ගැනීමට මේ ඝාතනය සිදුකළ බවය. ඝාතනයට ලක් වූ නිපුන සුගීෂ්වර 21 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ නිපුන අන්ත දිළිඳු පවුලක උපත ලබා තම ජීවිතය යහපත් කර ගැනීමට හමුදා සේවයට එක් වූ තරුණයෙකි. කඳවුරු භූමිය තුළ රාජකාරි කරමින් සිටි නිලධාරියකු ඝාතනය කර ගිනි අවිය පැහැර ගෙන යෑම ඉතාම බරපතළ සිදුවීමක් විය. 
 
හමුදා භූමිය තුළ සිටි පිරිසක් මෙම ඝාතනය සිදු කළේ ද එසේත් නැත්නම් පිටතින් පැමිණි පිරිසක් සෙබළා මරා දැමුවේ ද යන්න ගැටලූව නිරාකරණය කරගැනීමේ අභියෝගය පොලිසිය සතු විය. පිටතින් පැමිණි කිසියම් පිරිසක් මෙම ඝාතනය කළේ නම් එය කඳවුරේ ආරක්‍ෂාව පිළිබඳව තවත් ගැටලූ රැසක් මතු කරන සිදුවීමක් විය. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චින්තක පීරිස් ඇතුළු නිලධාරීන් මෙම ඝාතන සිද්ධියේ මූලික විමර්ශන කටයුතු ආරම්භ කළහ. 
 
එහෙත් මේ අබිරහස් මිනිස් ඝාතනය ඉතාම සංකීර්ණ එකක් විය. මෙහි සුලමුල කඩිනමින් සොයාගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු විය. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මේ ඝාතන විමර්ශනයේ බැ?රුම්කම හොඳින් තේරුම් ගෙන සිටියේය. හමුදා සෙබළා ඝාතනයේ විමර්ශන කටයුතු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට දේශබන්ධු තෙන්නකෝන් මහතා කටයුතු කරන්නේ අපරාධකරුවන් කඩිනමින් අල්ලා ගැනීමේ අරමුණ ඇතිවය. 
 
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ මහේෂ් බණ්ඩාර, එහි ස්ථානාධිපති ජයන්ත දහනක යන නිලධාරීන් තම කාර්යාලයට කැඳවූ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුදා සෙබළා ඝාතනයේ විමර්ශන ඔවුන් වෙත භාර කළේය. 
 
‘‘මේක ටිකක් සීරියස් ඉන්ක්වයර් එකක්. ඒ නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.’’ 
 
‘‘සමහර විට කෑම්ප් එක ඇතුළෙම කණ්ඩායමක් මේක කරන්න පුළුවන්. හරියටම ඇකියුස් හඳුනාගන්නෙ නැතිව ඇරස්ට් කරන්න යන්න එපා....’’ 
 
නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තම හසල දැනුම පාවිච්චි කරමින් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට ජයන්ත දහනක ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ජයන්ත දහනක ඇතුළු නිලධාරීන් පිරිසක් අඹේපුස්ස හමුදා කඳවුර වෙත පැමිණ සිය විමර්ශන කටයුතු ආරම්භ කළේ හැකිතාක් ඉක්මනින් එහි කෙළවර දකින අටියෙන් ය. රාජකාරි භාර ගැනීමට නොහැකිව ආපසු නිවස බලා පැමිණි චාමින්ද දින කීපයක් යනතුරු නිවසේ රැඳී සිටියේය. 
 
ඔහු දිනපතා ම පාහේ හමුදා කඳවුරේ මිතුරන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඝාතන සිද්ධියේ අලූත් තත්ත්වයන් විමසා සිටියේය. 
 
‘‘පව් බං මම ඔය කොල්ලව හොඳට අඳුනනවා. කාටවත් කරදරයක් නැති එකා. කරුම වෙලාව ආවම ඔහොම තමයි. ඔය වැඬේ කරපු උන් කෑම්ප් එක ඇතුළෙම ඇති.’’ 
චාමින්ද හමුදා කඳවුරේ තම සහෝදර සහෝදර නිලධාරීන් සමඟ දුරකථනයෙන් නිතර දොඩමලූ වුණේය. 
 
‘‘උඹ වැඩට එන්නෙ නැද්ද? මෙහෙ හැමෝම උඹ ගැන අහනවා.’’ චාමින්දගේ සමීපතම මිතුරා වන ලක්‍ෂිත නිතර විමසුවේය. 
 
‘‘අවුරුද්දෙ නිවාඩුත් ඉතුරු වෙලා තියෙන නිසා තව දවස් දෙක තුනක් ඉඳලම එනවා.’’ 
 
රාජකාරියට වාර්තා කරන්නේ නැද්දැයි මිතුරන් විමසන හැම අවස්ථාවකදීම චාමින්ද ඔවුන්ට දුන්නේ ඒ පිළිතුරය. චාමින්ද එක්දරු පියෙකි. නාරම්මල බෝගහමුල්ලේ පදිංචිව සිටි ඔහු හමුදා සේවයට එක්වන්නේ මීට අවුරුදු 10 කට උඩදීය. මඩකලපුව, යාපනය වැනි ප්‍රදේශවල කඳවුරුවල රාජකාරි කළ ඔහු අඹේපුස්ස හමුදා කඳවුරේ රාජකාරියට එන්නේ මීට වසර කීපයකට උඩදීය. ඒ සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ ආරක්‍ෂක බළඇණිය සමගය. චාමින්දගේ සමීපතම මිතුරා වූයේ ලක්‍ෂිතය. 
 
ලක්‍ෂිත 29 වැනි වියේ පසු වූ විවාහකයෙකි. කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ලක්‍ෂිත අඹේපුස්ස හමුදා කඳවුරේ භට නිවාසයේ නවාතැන් ගෙන සිටියේය. කලක් යුද හමුදා විශේෂ බළකායේ සේවය කළ ලක්‍ෂිත සිංහ රෙජිමේන්තුවේ උසස් නිලධාරියකුගේ ආරක්‍ෂක බළඇණියට සම්බන්ධ වන්නේ මීට වසර කීපයකට උඩදීය. 
 
චාමින්ද රාජකාරි කළේ ද මේ බළඇණියේමය. ඔවුන් දෙදෙනා සමීප මිතුරන් වනනේ එතැන් සිටය. නාරම්මල ප්‍රදේශයේ පදිංචිව සිටි නිසා චාමින්ද දිනපතා සවස රාජකාරි නිම වී නිවසට යෑමට පුරුදුව සිටියේය. ඔහු රාජකාරිය සඳහා ආවේ ගියේ යතුරුපැදියෙන් ය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ජයන්ත දහනක ඇතුළු නිලධාරීන් හමුදා සෙබළා ඝාතනය කළ අපරාධකරුවන් සොයා අඹේපුස්ස ප්‍රදේශය පීරන්නට වූහ. කඳවුරේ සැකකටයුතු නිලධාරීන් කීපදෙනකු ගෙන්ම ප්‍රශ්න කර තොරතුරු ලබා ගන්නට පොලිස් නිලධාරීන් කටයුතු කළහ. ඒ අතර හමුදා කඳවුරේ සැකකටයුතු නිලධාරීන් කීපදෙනෙකුගේම හැසිරීම පිළිබඳව පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් සිටියහ. 
 
පසුගිය 24 වැනිදා අලූයම චාමින්ද හිටි හැටියේම අවදි වන්නේ දොරට කිසියම් පුද්ගලයකු තඩිබාන හඬින්ය. 
 
‘‘කවුද දොර කඩන්න හදන්නේ’’ 
චාමින්ද උස් හඬින් විමසුවේය. 
 
‘‘අපි පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන්. කලබල කරන්න හදන්න එපා. තමන්ගෙ ගේ අපි වටකරලා තියෙන්නේ. ඒ නිසා කරදර නොකර දොර අරින්න.’’ 
පොලිස් නිලධාරියකු කෑ ගැසුවේය. 
 
ඒ හඬින් චාමින්ද උඩ ගොස් බිම වැටුණේය. මොන කෙහේමලකට ද පොලිසියෙන් මාව හොයන්නේ.චාමින්ද තරමක තැතිගැම්මකින් අඩක් ඉදිකර තිබූ නිවසේ දොර විවෘත කළේය. 
 
‘‘ඇයි සර් මාව හොයාගෙන ආවේ. මම මොන වරදක් කළාටද?’’ චාමින්ද පෙරළා ප්‍රශ්න කළේය. 
 
‘‘අපිට තමුන්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා. ඒ නිසා දැන්ම අපිත් එක්ක යන්න එන්න ඕනෙ.’’ 
 
අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චමින්ද සිය භාරයට ගෙන පෑලියගොඩට රැගෙන ආහ. 
 
‘‘අනේ සර් මම මේ මිනීමැරුමට සම්බන්ධ නැහැ. ඔය මිනීමැරුම වෙච්ච දවසෙ මම කෑම්ප් එකේ හිටියෙත් නැහැ. මම බොරුවක්ද කියන්නේ කියලා කෑම්ප් එකෙන් චෙක් කරලා බලන්න. මම ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගිහින් හිටියේ. මේක කවුරු හරි පොලිසියට දීපු ලණුවක් සර්...’’ 
 
චාමින්ද හඬා වැළපෙමින් තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට උත්සාහ කළේය. සත්‍ය උඩුයටිකුරු වන සමාජයක චාමින්ද නිර්දෝෂී පුද්ගලයකු දැයි සොයා ගැනීමේ කාර්ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සතු බරලපතළ වගකීමක් විය. පසුගිය කාලය පුරාම චාමින්ද සිටියේ උභතෝකෝටික ප්‍රශ්න රැසකට මැදිවීගෙනය. රාජකාරි කරන ඇතැම් අවස්ථාවලදී පවා ඔහු බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටියේය. 
 
චාමින්දගේ සමීපතම මිතුරා වන ලක්‍ෂිත මේ වෙනස්කම් නිතර නිතර දුටුවේය. 
 
මොකද බං දහ අතේ කල්පනා කරන්නේ. ටිකක් හිනාවෙලා කථා බහ කරලා හිටපංකො... 
ලක්‍ෂිත තම මිතුරා වන චාමින්දගේ පිටට තට්ටු කරමින් කීවේය. 
 
‘‘උඹ දන්නැහැ. මට තියන ප්‍රශ්න මම නන්නත්තාර වෙලා ඉන්නෙ. ගන්න පඩියෙන් මාසයක් ජීවත් වෙනවා තියා සතියක් ජීවත් වෙන්නත් මදි’’ 
 
‘‘ඒ මදිවට දහ අතේ ණය වෙලා ඒ ණය බේරගන්න විදිහක් නැහැ. ගෙයක් දොරක් හදාගෙනත් නැහැ. කොටින්ම මට අනාගතයක් ඇත්තෙම නැහැ. ගෑනියි ළමයයි සතුටින් තියන්න විදිහක් නැහැ. පව් උන් දුක් විඳිනවා. 
 
චාමින්ද තමන් මුහුණ පා සිටින බැ?රුම් තත්ත්වය පිළිබඳව ලක්‍ෂිතට කීවේ කිසියම් සහනදායී පිළිතුරක් බලාපොරොත්තුවෙන්ය. 
 
‘‘ඔය ප්‍රශ්න උඹට විතරක් නෙවෙයි අපටත් තියෙනවා. මමත් එකම බෝට්ටුවේ. ජීවිතේ ගැටගහගන්න මොන තරම් දුකක් විඳිනවද. මොනව කරන්නද අපි ලබා උපන් හැටි තමයි මේ...’’ 
 
ලක්‍ෂිත ද තමන් මුහුණ පා සිටින ආර්ථිකමය ගැටලූ පිළිබඳ එකින් එක විස්තර කරන්නට පටන් ගත්තේය. 
 
අපි හැමදාම මෙහෙම ඉඳලා බැහැ. කොහොම හරි ගොඩයන්න ඕනේ. මගේ ඔළුවේ ප්ලෑන් එකක් වැඩ කරනවා. ඒක ක්‍රියාත්මක කරගන්න ලැබුණොත් දෙන්නම ගොඩ. 
 
චාමින්ද තම සමීපතම සගයා වූ ලක්‍ෂිතට කීවේය. දිනක් අඹේපුස්ස කඳවුරේ එක්තරා රහසිගත ස්ථානයක දී චාමින්දත් ලක්‍ෂිතත් කිසියම් සාකච්ඡාවක නිරතව සිටියහ. කාලයක් තිස්සේ තම සිතේ සිරකරගෙන සිටි සැලසුම එදින චාමින්ද සිය සගයා වෙත ඉදිරිපත් කළේය. 
 
අපේ තියෙන ප්‍රශ්නවලින් ගොඩ එන්න එක්කො බැංකුවක් මංකොල්ල කන්න ඕනෙ. එහෙමත් නැත්නම් ජුවලරි ෂෝප් එකකට හරි ලීසිං කම්පැණි එකකට හරි වැඩක් දෙන්න ඕනෙ. පසුගිය කාලේ ඒ වගේ ගේම් කීපයක් ම රටේ හැම තැනම සිද්ධ වුණා. වැඬේ හරියට කළොත් පොලිසියට මාට්ටු නොවී ඉන්න පුළුවන්....’’ 
 
චාමින්ද තම සැලසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර ලක්‍ෂිත දැනුවත් කළේය. 
 
‘‘මේ වැඬේට වෙපන් එකක් හොයාගන්න ඕනෙ. ඒක ටී 56 ක් උනොත් ගොඩක් හොඳයි. කොහොම හරි වෙපන් එකක් පන්න ගත්තොත් ඉතිරි හරියමං බලා ගන්නම්.’’ 
 
චාමින්දගේ යෝජනාවට ලක්‍ෂිත ද කැමැත්ත පළකළේ කාලයක් තිස්සේ ගෙවන දිළිඳු ජීවිතයෙන් ගොඩ ඒමට වෙනත් මඟක් නොවූ නිසා ය. 
 
‘‘මම කෑම්ප් එකේ හැම තැනම කරක් ගහලා බැලූවා. එක තැනක් තියෙනවා අපේ වැඬේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. උඹ ඒකට මට සපෝර්ට් කරපං.’’ 
 
චාමින්ද තම සගයාට කීවේය. ලක්‍ෂිත ද ඊට කැමැත්ත පළ කළේය. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරේ කෞතුකාගාරයක් පිහිටුවා තිබුණේය. එය නම් කර තිබුණේ ‘යෂ්ඨිය’ යන නමින් ය. මේ හමුදා කෞතුකාගාරයට පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්‍ෂාවක් ලබා දී තිබුණේය. සන්නද්ධ හමුදා සෙබළකු දිවා රාත්‍රි එම කෞතුකාගාරය ඉදිරිපිට එක ඉරියව්වක සිටිමින් ඊට ආරක්‍ෂාවක් ලබා දුන්නේය. 
 
චාමින්දගේ සැලසුම වී තිබුණේ කෞතුකාගාරය ඉදිරිපිට ආරක්‍ෂාවට සිටින නිලධාරියා සතු ටී. 56 ගිනි අවිය පැහැර ගැනීමය. පාන්දරට මෙතන කිසි කෙනෙක් නැහැ. ගාර්ඞ් එකට ඉන්න කෙනා විතරයි ඉන්නේ. ඒ වෙලාවට පුළුවන් අපේ වැඬේ ක්‍රියාත්මක කරන්න. චාමින්ද තම කල්‍යාණ මිතුරා බඳු වූ ලක්‍ෂිතට කීවේය. 
 
වෙපන් එක උදුරගන්න කොට මිනිහා දඟලන්න ගත්තොත් මිනිහට වැඩක් දෙන්න ඕනෙ. ඒකටත් අපි ලෑස්ති පිට ඉන්න ඕනෙ. 
 
සන්නද්ධ හමුදා සෙබළාගෙන් ගිනි අවිය පැහැර ගැනීමට යද්දී කිසියම් ගැටුමක් ඇති වූවොත් සෙබළා ඝාතනය සඳහා පිහියක් ද සූදානම් කර ගැනීමට චාමින්ද කටයුතු කළේය. 
 
ලබන 19 වැනිදා පාන්දර අපි මේ වැඬේ ක්‍රියාත්මක කරන්න ඕනෙ. මම ඩියුටි ඕෆ් වෙලා කෑම්ප් එකෙන් එළියට යන විදියට ගිහින් කෑම්ප් එක ඇතුළෙම කොහෙ හරි හැංගිලා ඉන්නවා. පාන්දර වෙද්දී අපි වැඬේට බහිමු.’’ 
 
චාමින්දගේ සැලසුමට ලක්‍ෂිත ද කැමැත්ත පළ කළේය. 
 
‘‘ මම පාන්දර 3.00 ට විතර උඹට කෝල් කරනවා. ඒ වෙලාවෙම කෞතුකාගාරය ළඟට එන්න ඕනෙ.’’ 
 
පසුගිය 18 වැනිදා දහවල් මේ සියල්ල සැලසුම් කළ චාමින්ද පසුදින අලූයම එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණේය. රාජකාරි නිමවා නිවසට යන බව හඟවමින් චාමින්ද අඹේපුස්ස හමුදා කඳවුරේ ක්‍රීඩාංගණය අසල වන ලැහැබේ සැඟ වුණේය. එදින රාත්‍රි 8.00 ට පමණ චාමින්ද තම මිතුරා වූ ලක්‍ෂිතට දුරකථන ඇමතුමක් දුන්නේය. 
 
‘‘මම පාන්දර 2.45 ට උඹට කෝල් කරනවා. වැඬේට ලෑස්ති වෙලා හිටපං’’ 
 
චාමින්ද ලක්‍ෂිතට කීවේය. තමන් සිදුකරන්න යන අපරාධයේ බරපතළකම ලක්‍ෂිතට වැටහුණේ නැත. එදින අලූයම චාමින්දගේ ජංගම දුරකථනයෙන් ලක්‍ෂිතට ඇමතුමක් ලැබුණේය. 
 
‘‘මම ලෑස්තියි.. උඹ වරෙන් ‘යෂ්ඨිය’ ළඟට. මම එතන ඉන්නවා. 
 
චාමින්දගේ උපදෙස් අනුව ක්‍රියා කළ ලක්‍ෂිත කඳවුර භූමියේ යෂ්ඨිය නමින් හඳුන්වන කෞතුකාගාරය අසලට ආවේය. ඒ වන විට නිපුන නමැති හමුදා සෙබළා රාජකාරියේ යෙදී සිටියේය. චාමින්ද පැමිණ සිටියේ මුහුණ ආවරණය වන හිස්වැසුමක් පැළඳගෙනය. ඔහු එකවරම පැන හමුදා සෙබළා අත තිබූ ටී 56 ගිනි අවිය උදුරා ගන්නට උත්සාහ ගත්තේය. එහෙත් හමුදා සෙබළා තම රාජකාරි අවිය එකවරම දීමට සූදානම් වුණේ නැත. ඔහු සටන් කරන්නට පටන් ගත්තේය. ඒ සමඟම චාමින්ද ඉනේ සඟවා ගෙන සිටි පිහිය ගෙන නිපුනගේ පපු ප්‍රදේශයට පිහි පහරක් එල්ල කළේය. අනපේක්‍ෂිත මොහොතක එල්ල වූ පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පසු නිපුන සිය ගිනි අවිය අත හැර දැමුවේය. 
 
‘‘මේක ගනින්. අපි මෙතනින් මාරු වෙමු. කවුරුත් එන්න ඉස්සර මාරු නොවුනොත් වැඩ සේරම අවුල් වෙනවා. 
 
චාමින්ද සහ ලක්‍ෂිත ටී. 56 ගිනි අවිය ද රැගෙන කඳවුරු භූමියේ වෙනත් ස් ථානයක සඟවා තිබූ යතුරුපැදිය අසලට දිව ගියේය. ටී. 56 ගිනි අවිය යතුරු පැදියේ අසුන මත දික් අතට තැබූ චාමින්ද කිසිවකුටත් නොපෙනෙන ලෙස එහි වාඩිවුණේය. 
 
‘‘මම වෙපන් එකත් අරගෙන ගෙදර යනවා. අපි හෙට හම්බවෙමු. වෙච්ච දේවල් ගැන කාටවත් කියන්න එපා. අපි තව දවස් දෙක තුනකින් අපේ වැඬේට බහිමු.’’ 
 
ලක්‍ෂිතගෙන් සමුගත් චාමින්ද යතුරු පැදියේ නැගී කඳවුරු භූමියෙන් පිටව ගියේය. චාමින්දත් ලක්‍ෂිතත් සිතුවේ මේ මහා අපරාධය කෙදිනකවත් හෙළි නොවනු ඇතැයි කියා ය. පිහි ඇනුම් කෑ නිපුන කඳවුරු භූමියේ ප්‍රධාන මාර්ගයක් අසලට දිවගොස් බිම ඇද වැටුණේ තිරිසන් මිනිසුන් අතින් එල්ල වූ පිහි ප්‍රහාරයෙන් තම ජීවිතය අතහැර දමමින් ය. 
 
අඹේපුස්ස හමුදා කඳවුරේ සිදු වූ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ මහේෂ් බණ්ඩාර එහි ස්ථානාධිපති ජයන්ත දහනක ඇතුළු නිලධාරීන් චාමින්ද අත්අඩංගුවට ගත්තේ හමුදා සෙබළා ඝාතනය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ද රැසක් සොයාගෙනය. 
 
‘‘මේ මිනීමැරුම වෙච්ච දවසෙ තමුන් කොහෙද හිටියේ..’’ 
 
ජයන්ත දහනක මහතා චාමින්දගෙන් ප්‍රශ්න කළේය. 
 
‘‘සර්.... මම කලින් දවසේ ඕෆ් වෙලා ගෙදර ගිහින් හිටියෙ...’’ 
 
චාමින්ද තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටියේය. 
 
‘‘තමුන් ගෙදර හිටිය නම් තමුන්ගෙ ෆෝන් එක කොහොමද එදා පාන්දර 2.45 ට කෑම්ප් එක ඇතුළෙ වැඩ කළේ. 
 
පොලිස් නිලධාරීන් කියූ දෙයින් චාමින්දට හීන් දාඩිය දැම්මේය. 
 
‘‘තමුන් මෙතන අපට බොරු කරන්න එපා. අපි හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ. අනව්‍යශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඇත්ත කියනවා.’’ 
 
ජයන්ත දහනක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වූ චාමින්ද අවසානයේ සියල්ල හෙළි කරන්නට පොරොන්දු වුණේය. 
 
‘‘අනේ සර්... මට කරදර කරන්න එපා. තවත් හංගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ තිබුණු ප්‍රශ්නවලට විසඳුම් හොයන්න තමයි මේ වැඬේ කළේ. හමුදාවෙ කොල්ලව මරලා වෙපන් එක ගත්තේ මම. ලක්‍ෂිතත් මේ වැඬේට හවුල් වුණා. අපිට තිබුණු ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්න තමයි මේ හැම දෙයක්ම කළේ.’’ 
 
චාමින්ද තමන් සිදුකළ මහා අපරාධය පිළිබඳ සියලූ තොරතුරු හෙළි කළේ තවදුරටත් පොලිසිය නොමඟ යැවිය නොහැකි බව තේරුම් ගත් නිසාය. චාමින්දගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත අඹේපුස්ස කඳවුරේ සිටි ලක්‍ෂිත ද පොලිසියට කොටු වුණේය. 
 
‘‘සර්... මම එදා නිපුනව මරලා ගත්ත වෙපන් එක ගෙවල් ළඟ සොහොන් පිට්ටනියෙ හැංගුවා. නිපුනව මරන්න පාවිච්චි කරපු පිහිය ගෙදර ළිඳට දැම්මා.’’ 
 
චාමින්ද හෙළි කළ තොරතුරු මත නිවස අසල මිනී වළක සඟවා තිබූ ටී 56 ගිනි අවිය පොලිසිය සොයා ගත්තේය. නිපුන ඝාතනයට යොදාගත් පිහිය නිවසේ ළිඳේ තිබියදී සොයා ගන්නට පොලිසියට හැකි විය. 
 
හේමන්ත රන්දුණු
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,432 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,917 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,490 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,729 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,443 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,868 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,408 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,277 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,436 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top