ඉන්දියාව තුළ #MeToo ව්‍යාපාරය ඇති කරන්න මුල් වෙන්නේ බොලිවුඩ් නිළි ටනුශ්‍රී දත්තා (Tanushree Dutta.) #MeToo නමින් හැඳින්වෙන මෙය ‘‘ලිංගික හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්‘‘ ලෙසයි නම් කර තිබෙන්නේ.
"ඔහු මගේ ප්‍රියතම අධ්යක්ෂවරයා, ඒ වගේ ම මගේ වීරයා. ඔහු සිනමාවේ දැවැන්තයෙක්. ප්‍රසිද්ධ කවියෙක්. මම මුලින් හිතුවෙ ඔහු මාව අනවශ්‍ය විදියට ස්පර්ශ කළේ වැරදීමකින් කියලා. ඒත් ඔහු මගේ ළඟට ඇවිත් මාව වැළඳ ගත්තා, මාව සිප ගත්තා. ඒ වගේ ම මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා."
ටනුශ්‍රී දත්තා තමන්ට සිදුවූ ලිංගික අතවරය පිළිබඳව අදහස් පළ කිරීමත් සමග කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තමන්ට සිදුවූ අතවර සම්බන්ධයෙන් හඬ නැගීමට පටන් ගෙන තිබෙනවා.
"මම ඒ වෙලාවෙ බොලිවුඩ් ගීතයක් වෙනුවෙන් කළ රූගත කිරීමකයි හිටියෙ. ඒක වුණේ, මීට අවුරුදු 10කට කලින්. ඒ දර්ශන තලය ඇතුළෙ මම අතවරයට ලක් වුණා. ඒ අමිහිරි අත්දැකීමත් එක්ක මම අවුරුදු 10 ක් ජීවත් වුණා. මම අවුරුදු දහයකට පසුවයි ඒ ගැන කතා කළේ. ඒ සමස්ත සිද්ධිය කතාන්දරයක් වගේ මතු වුණා. ඒ වගේ ම කතාන්දරයක් වගේ නැති වෙලා ගියා. ඒ සම්බන්ධයෙන් කිසි ම දෙයක් එළියට ආවෙ නෑ. දැන් අපි මේ කතා කරන්නෙ, අවුරුදු දහයකට පස්සෙ."
කෙසේ වෙතත්, ටනුශ්‍රී දත්තාගේ චෝදනාවට ලක්ව සිටින බොලිවුඩ් නළු නානා පටේකාර් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
ඔහු පවසන්නේ, අදාළ දර්ශන තලය තුළ විශාල පිරිසක් රැඳී සිටි බවයි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතිමය ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු පවසා තිබෙනවා. තමාගේ නීතීඥයා හරහා ඇයට ඒ සඳහා වන ලියවිල්ලක් ලබා දුන් බවයි නානා පටේකාර් කියන්නේ. ඒත් ඇය කියන විදිහට එහෙම ලිපියක් ඇයට ලැබිලා නැල්ලු.
"මම සිනමාවට ආදරය කළා. මම නර්තනයට ආදරය කළා. මම චිත්‍රපටවලට ආදරය කළා. ඒ වගේ ම රංගනයට ආදරය කළා. ඒ සියල්ල මට අහිමි වුණා."
"මේ සිද්ධියෙන් පස්සෙ මට චිත්‍රපට 30කට පමණ ආරාධනා ලැබුණා. අර සිද්ධිය මගේ හිතේ තිබුණ නිසා මට චිත්‍රපටයකට ඇරයුම් ලැබුණු හැම අවස්ථාවකදී ම මට දහදිය දාන්න පටන් ගත්තා. මානසික කැළඹීමකට පත් වෙලා මගේ හෘද ස්පන්ධනය වැඩි වුණා. ඒ තත්ත්වයත් සමග මම මොනව හරි හේතුවක් ඉදිරිපත් කරල චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා,"
මෙවැනි අතවර සිද්ධීන් පිළිබඳ තවත් බොලිවුඩ් නිළියන් ඉදිරියට පැමිණ කරුණු හෙළි කරනු ඇතැයි ටනුශ්‍රී විශ්වාස කරනවා. ඇය ඒ සඳහා වන විවෘත ආරාධනාවක් ඔවුන් වෙනුවෙන් සිදු කරනවා.
"මම බලාගෙන ඉන්නව තවත් මෙවැනි අත්දැකීම් ගැන බොලිවුඩ් නිළියන් කරුණු හෙළි කරයි කියලා. අවුරුදු ගණනක් පුරා අපිට ඇහිල තියෙනව, අදහගන්න බැරි දුක්ඛිත සිදුවීම් ගැන. ඒ කාන්තාවන්, තරුණියන් දැන් ඉදිරියට පැමිණිය යුතුයි."