Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
අවුරුදු 68ක් තිස්සේ අංගම්පොර උගන්වන අාච්චි කියන කතාව

- අවුරුදු 68ක් තිස්සේ අංගම්පොර උගන්වන අාච්චි කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,710 Views
ඇය නමින් මීනක්ෂි ගුරුක්කල් ය. උපන් බිම කේරලයට නුදුරු කැලිකට්හි වඩකාරා ය. ඇයගේ සම වයස් දැරියන් බෝනික්කන්ටත් පාට කොණ්ඩ කටු වලටත් ප්‍රිය කරන විටදී ඇ‍යගේ සිත ඇදී ගියේ නොසිතූ විරූ දෙයක් වෙතටය. 
 
ඒ කේරලයේ අතිශය ඉපැරණි ‘කාලරිපත්තු’නම් අංගම්පොර කලාව වෙතට ය. ඇ‍යගේ පියා නොපසුබටව තම දියණියන් දෙදෙනා කාලරිපත්තු ඉගැන්වීමට යැවූයේ අතිශය උද්දාමයකිනි. පන්තියේ ගැහැණු ළමුන් සිටියේ ද ඉතා අල්පවය. 
 
එමඟින් නොපසුබට වූ ඇයගේ පියා ඔවුන් වැඩි වියේ කෙල්ලන් වූ විට දී පවා කලාරිපත්තු ඉගැන්වීමට යොමු කර වූයේ ඔවුන් තුළ තිබු දක්ෂතා මැනවින් අවබෝධ කරගත් පියෙකු ලෙසිනි.

ඇයගේ ජීවිතයේ මේ ලෙවී යන්නේ කලරිපයත්තු ඉගෙන ගත් සහ ඉගැන්වූ 68 වැනි වසරයි. බොහෝ පරිශ්‍රමයෙන් ඉගෙන ගත් දේ ඇය නූතන පරපුරට දෙනුයේ අපිරිමිත සෙනෙහසිනි. මේ වන විට ඇය කලරිපයත්තු කලරි සංඟම්හි සිසුන් 150කට මෙ‍ලෙස පුහුණුව ලබා දෙන්නී ය. 
 
මෙ‍ම අධ්‍යාපනායතනය නිර්මාණය වන්නේ 1949 දී වන අතර එය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇයගේ සැමියා වන රාඝවන් මාස්ටර් හට ය. ඔහුගේ අභිමතය පරිදි දේශීය කලාවක් වූ කලාරි කලාවේ දැනුම සියල්ලන්ටම සමීපස්ථ කිරීම සඳහා අවැසි සියලු පහසුකම් මේ හරහා ගොඩනැඟීමට උත්සුක වී ඇත. 
 
මෙම කලාරි පුහුණුවීම් වලදී ඇය පවසා සිටින්නේ ශිෂ්‍යයන් තුවාල වීම අනේකව සිදුවන නමුත් ඒවා මෙම කලාව ප්‍රගුණ කරන විට දී ඉබේම සුව වන බවයි. ඒ කිසිවකින් අධෛර්යමත් නොවිය යුතු යැයි ඇය වැඩිදුරටත් පවසා සිටින්නී ය. 
 
මේ වන විට ඇයගේ පුතුන් දෙදෙනාත් දියණියන් දෙදෙනාත් මෙම කලාව ප්‍රගුණ කර ඇති අතර එය ඉදිරියට රැගෙන යාම සඳහා ඔවුන්ගෙන් ලැබෙන පිටුබලය අතිමහත් ය. කලාරි ඉගැව්වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙතත් සිසුන් විසින් ගුරු ප්‍රදක්ෂිණාවක් සිදු කර ගුරු පඩුරු ඇයට ලබා දෙයි. 
 
සෑම ජුනි හා සැප්තැම්බර් කාලයේ දී ම ඇය විසින් දවසකට පන්ති වාර තුන බැගින් ආරම්භ කෙරේ. ඇයගෙන් ගුරුහරුකම් ලබා ගැනීම සඳහා ස්ත්‍රී පුරුෂ කුල භේද නොමැත. සියල්ලන්ට ම එක සමානව උගන්වන ඇය ඕනෑම වයසක හා තරාතිරමක පුද්ගලයෙකුට වුව මෙ‍ම පාරම්පරික කලාව ප්‍රගුණ කිරීම සඳහා විවෘතව ආරාධනා කර සිටින්නී ය. 
 
මේ වන විට ඇයගේ දක්ෂතම ශිෂ්‍යයන් රැසක් වෙනත් ගුරු කුල ආරම්භ කර ඇති අතර ඇයට ඒ පිළිබඳව පවතින්නේ නිහතමානීව සතුටකි. 
 
-උත්පලා ප්‍රබුද්ධිකා
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,717 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,114 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,813 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,784 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,826 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,061 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top