ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් හැටියට නුගේගොඩ ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි සුරූපී ළඳුන් තිදෙනෙක් සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය පවසනවා.
මෙම කාන්තාවන් අනුරාධපුර බිබිල වැනි ප්‍රදේශයන්හි පදිංචි 18ත් 35ත් අතර වයසේ පසුවන්නන් බවත් මෙම ළඳුන් ඇඟලුම් ආයතනයන්හි රැකියාව කිරීමට යන බව නිවැසියන්ට පවසා මෙලෙස ගණිකා ව්‍යාපාරයේ යෙදී ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
නුගේගොඩ ඇඹුල්දෙණිය පාරේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම ජාවාරමෙන් දිනකට එක් කාන්තාවක රුපියල් 7000ක් පමණ සංතෝසම් වශයෙන් ලබන බවත් රු.1500ක් ගෙවා පුද්ගලයන්ට විවිධ මිල ගණන් යටතේ කාන්තාවන් ලබාදී ඇති බවත් කියවෙනවා.
මේ සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.