Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
"අපේ ජයග්‍රහණයේ සතුට අපිට වඩා විඳින්නේ රනිල්ගේ අම්මා, තාත්තත් හිටියා නම් හොඳයි.." - මේනකා පීරිස් - Exclusive

- "අපේ ජයග්‍රහණයේ සතුට අපිට වඩා විඳින්නේ රනිල්ගේ අම්මා, තාත්තත් හිටියා නම් හොඳයි.." - මේනකා පීරිස් - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
"එහෙම වුණා නම් ඒක කොපියක් වෙනවා.."

"එයාගේ හිතේ ඒ හැගීම තිබුණෙම නැහැ.."

මේනකා පීරිස් වගේම රනිල් කුලසිංහ කියන්නේ මේ දවස්වල පුංචි තිරයේ ඉන්න ජනප්‍රියම යුවළක්. නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම පසුගියදා උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු හිරු මෙගාස්ටාර්ස් රියැලිටි තරගයේ කිරුළ හිමි කරගන්නත් ඒ දෙන්නට පුළුවන් වුණා. ඒ ජයග්‍රහණය වගේම අලුත් විස්තර කතා කරන්න මේනකාව සම්බන්ධ කර ගත්තා. මේ ඇය ගැනයි.

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවදානය දිනා ගන්න මේනකාගේත් රනිල්ගේත් නර්තන හැකියාවට පුළුවන් වුණා. අවසන් මහා වේදිකාවට ගොඩ වෙන මොහොතේ බලාපොරොත්තු වුණාද කිරුළ කොහොම හරි තමන් සතු කරගන්නවා කියලා..?
අවසන් මහා තරගයට යන්න කලින් බොහෝ දෙනාගේ ආශිර්වාදය හිමි වුණා. ඒ හැමෝම කිව්වේ කොහොම හරි ජයග්‍රහණය කරලා එන්න. ඒ දේ දෙන්නට කරන්න පුළුවන් කියලා. ඒ ශක්තිය එක්ක තමයි අවසන් මහා වේදිකාවට නැගලා අවසන්  මොහොත දක්වාම පුළුවන් උපරිමයෙන් සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කළේ. එතනදිත් වෙනසක් කරන්න ඕන කියන එකයි හිතුවේ. අනෙක් තරගකරුවන් අපේම හිතවත් කලාකරුවන්. එයාලා හැමෝමත් දක්ෂයි. ඒ වගේම ජනප්‍රියයි. ඒ නිසා ජනතාවගේ මනාපය තමයි අවසාන තීරණය වෙන්නේ. විශ්වාසයක් තිබුනත් ඉතින් කවුරු දිනුවත් කමක් නැහැ කියලා තමයි අපි හිතුවේ.

අවසන් තීරණය දෙන මොහොතේ ජයග්‍රහණය කළ යුවළගේ නම් ලෙස ඔබ දෙපලගේ නම් කියවෙනකොට ඇත්තටම මොන වගේ හැගිමක්ද දැනුණේ..?
ඇත්තටම කිව්වොත් මගේ හුස්ම නතර වුණා වගේ හැගීමක් දැනුණේ. සියළු දේ නතර වුණා වගේ. මොකද රියැලිටි තරගයකින් ජයග්‍රහණය කළ පළමු අත්දැකීම නිසා මට  මේ අවස්ථාව ලොකුවට දැනුණා. ඒ වගේම මේ ජයග්‍රහණය මම තනිවම ගත්ත එකක් නෙමෙයි. මගේ සැමියා එක්ක ගත්ත ජයග්‍රහණයක් නිසා ඒ අවස්ථාව සෑහෙනට මට දැනුණා. ලොකු සතුටක් එක්ක නිහතමානි ආඩම්බරයක් දැනුණා කිව්වොත් මම හරි.

රනිල් කියන්නේ කොහොමත් පාරම්පරික නැට්ටුවෙක්. තරගයේදී ඔබට ඔහුගෙන් කොයි වගේ සහයක්ද ලැබුණේ, නර්තනාංග සදහා අදහස් හුවමාරු කරගද්දී තර්ක කර ගත්තේ නැද්ද.."
තරගය කොහොම හරි ජය ගන්නවා කියන මානසික මට්ටම රනිල්ගේ හිතේ තිබ්බේ නැහැ. එයාගේ තාත්තා ,ලොකු අයියා , නර්තන ආචාර්යවරු. පරම්පරාවම නැටුම දන්නවා. එයාගේ ඇගේ නර්තන රිද්මය තියෙනවා කියලා මම දන්නවා. නමුත් ඒක පෙන්නලා තිබ්බේ නැහැ. ඒ නිසා එයා ඒ තරම් තරගය ගැන මුලින් හිතුවේ නැහැ. මම ඔහුට කිව්වා  මොනවත් උදව්වක් එපා මේක හරියට අවසන් කරන්න මට උදව් කරන්න කියලා. අන්තිමට එයාම තමයි මෙහෙම කලොත් හොදයි නේද මේවා එකතු වුනොත් වෙනසක් වෙයි කියලා අලුත් දේවල් අපේ නර්තන අංග සදහා එකතු කලේ. එයා කොහොමත් රණ්ඩු වෙන්නේ තරහා ගන්නේ නැහැ. මට අවශ්‍ය දේ හරියට කරගන්න උදව් කළා මිස. අවසානයේ මගේ සිහිනයට යන්න එයා උදව් කළා.

රංගනයෙන් කාර්ය බහුල වෙලා හිටපු මේනකා නටන්න හිරු මෙගාස්ටාර් වේදිකාව තෝරා ගත්තේ ඇයි, සැමියා එක්ක නටන්න අවස්ථාවක් ලැබුණු නිසාද..?
මම රියලිටිවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි හිටියේ. මොකද එහෙම වුනහම ඒකටම කැපවෙන්න ඕන . වෙන නිර්මාණ භාර ගන්න බැහැ. නමුත් මට ආරාධනා කළා හිරු රූපවාහිනියෙන්. විරාජ්, රංගන, දමිත් කියන සහෝදරයෝ තමයි කතා කලේ . රංගන අයියා තමයි කිව්වේ මේක භාර ගන්න ඔයාලට හොදට කරන්න පුළුවන් කියලා. රනිල්ව නම් කැමති කර ගන්නම බැරි වුණා. ගයාන් ශ්‍රීමාල් තමයි එයාව කැමති කරගත්තේ. අපි දෙන්නටම අවස්ථාව තියෙන නිසයි මෙය හොද අවස්ථාවක් කියලා හිතලා මම එය භාර ගත්තේ. ඒ වගේම ප්‍රමිතිය අතින් උසස්. අපිට කිසිම බලපෑමක් නැතිව නිදහසේ අවසානය දක්වා තරග කරන්න පුළුවන් වුණා.

දිනුම කරා යන්න උදව් කල අය ගැනත් මතක් කරමු..?
සංජන, ශෂී තමයි අපේ අයිටම්ස් හැදුවේ. හිරාන් ඇදුම් විලාසිතා වලින් වගේම අපිට අවශ්‍ය ලස්සන සින්දු තෝරලා දුන්නේ රනිල්. ලක්ෂී හා නිශි තමයි අපිට මේකප් කලේ . ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වුනු සියලුම දෙනාට ස්තුති කරනවා. ඒ විතරක් නෙමෙයි ආදරණිය ප්‍රේක්ෂකයින්ටත් ස්තුති කරන්න ඕන.

මගේ අම්මා තාත්තා මල්ලි නිතරම අපේ ජයග්‍රහණය ට උදව් කළා. ඒ වගේම රනිල්ගේ අම්මට තමයි මේ ජයග්‍රහණයේ සතුට වැඩිපුරම දැනෙන්නේ. හේතුව තාත්තා නැට්ටුවෙක් නිසා. තාත්තා ජිවතුන් අතර හිටියා නම් ඊට වඩා සතුටු වෙයි. පවුලේ සියලුම දෙනාටත්  හිතමිත්‍රයින්වත් මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම මගේ ක්ලාස් එකේ දරුවෝ, දෙමාපියන් ඔවුන්ටත් හැමෝටමත්  ස්තුතියි.

මේ තරගය සදහා විදේශීය නිර්මාණවල තිබෙන අංග අනුගමනය කළේ නැද්ද..?
නැහැ. එහෙම වුනොත් අපි හිරු ස්ටාර්ස් ඔස්සේ දෙන්නේ කොපියක්. මම නර්තන ගුරුවරියක් නිසා මගේ තත්ත්වය තියා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේක තරගයක්. ඒ තරගයට අපිමයි අලුත් නිර්මාණ කරන්න ඕන. එතකොට තමයි එතන වෙනසක් තියෙන්නේ. මම ඒ වෙනස හැම දවසකම කළා.

නටලා දැන් කොච්චර ප්‍රමාණයක් කෙට්ටු වෙලාද..?
නටලා කොහොම හරි කිලෝ හයක් අඩු කරගත්තා. මම රෑට කන්නෙත් නැහැ. මහත් වෙයි කියලා. දැන් මේ ගාන මෙහෙමම තියා ගන්න ඕන.

අලුත් නිර්මාණ ගැනත් මතක් කිරීමක් කරමු..?
මේ වෙනකොට නාට්‍ය හතරක වැඩ කරනවා. ඒවා විකාශය වෙනවා. හිරු රූපවාහිණියේ විකාශ වෙන කිරුළි නාට්‍යයේ වැඩ නිමයි. මේ දවස්වල අලුත් නිර්මාණ භාර ගන්නේ නැතුව තියෙන නිර්මාණවල වැඩ අවසන් කරන්න තමයි මම හිතන්නේ.

හර්ෂණී වීරරත්න



  

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top