ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. ඒ කෙන්යාවේ නයිරෝබී නුවර පිහිටුවා ඇති අප්‍රිකා අලි අනාථාගාරය නැරැඹීමට.
48 හැවිරිදි මෙලනියා මව අහිමි අලි පැටවන් සුරතල් කළා පමණක් නොව, උන්ගේ සුවදුක් විමසා බලා, කිරි පෙවීමට අමතක කර නැහැ.
මෙම අනාථාගාරයේ සිටින අලි පැටවුන් බොහොමයකගේ මවුවරුන් දළ ලබා ගැනීම වෙනුවෙන් මරා දමා ඇති බව, කෙන්යා වන ජීවී නිලධාරීහු ඇමෙරිකා ජනාධිපති ආර්යාවට පෙන්වා දී තිබෙනවා.
මෙම සද්දන්තයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කෙන්යා රජය සහ වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙලානියා විමසා බැලීමක් ද කර තිබෙනවා.
වන ජීවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන කෙන්යා ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින් අප්‍රිකාවට ආවේණික සතුන් දැක බලා ගෙන තිබෙන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
ඇමෙරිකා රජයේ ආධාර මත පවත්වාගෙන යන ‘ද නෙස්ට්’ යනුවෙන් හැඳින්වෙන පාසලේත්, ළමා නිවාසයේත් සංචාරයකට මෙලානියා එක් අතර එහිදී ජනාධිපති ආර්යා මෙලානියා තමන් වටකර ගත් පාසල් දරුදැරියන් සමඟ ගී ගයමින් නර්තනයෙද දී තිබෙනවා.
මෙලානියා කෙන්යාවට පැමිණියේ මලාවි රාජ්‍යයේ සංචාරය කිරීමෙන් පසුවය. කෙන්යාවට පැමිණි මෙලානියා පිළිගනු ලැබුවේ කෙන්යා ජනාධිපති ආර්යාව මාගරට් කෙන්යාටා විසිනි.