බත්තරමුල්ල - පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට හෙළිකොප්ටර් යානා යොදාගනිමින් තිබෙනවා.
මීට අමතරව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 5 ක් යොදවා ඇති අතර ඊට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක්ද ඇතුළත්.
ගින්න හේතුවෙන් බත්තරමුල්ල - කොට්ටාව මාර්ගයද මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.