ධිවරයින් මුහුදු යන්නේ තම ජීවිතය ගැන පවා නොසිතයි. ඒ විදිහට පසුගිය සදුදා Florida හි Volusia කියන ප්‍රදේශයේ මුහුදු ගිය වයසක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් යළිත් නිවසට නොපැමිණීමේ සිදුවීමක් ෆ්ලොරිඩා පොලිසියට වාර්තා වෙනවා. ඔවුන්ගේ නිවසේ පාර්ශවයෙන් තමයි පොලිසියට පැමිණිලි කරන්නේ.
සදුදා රාත්‍රී මුහුදු ගිය එම ධිවරයින් දෙදෙනා යළි අගහරුවාදා උදෑසන පැමිණීමට තිබුණු නමුත් නොපැමිණීම හේතුවෙනුයි පවුලේ උදවිය පැමිණිලි කර තිබෙන්නේ ඔවුන් අතුරුදහන් වී ඇති බව. ඒ ඔස්සේ සොයා බැලීමට පොලිසිය මුහුදු ගොස් තිබෙනවා. එහිදී දකින්න ලැබී තිබෙන්නේ මහලු ධිවරයා පෙරලි ගිය බෝට්ටුවේ එල්ලී ඉන්න අයුරුයි.පසුව ඔහුව බේරා ගෙන නැවත ගොඩට එනවා. ඔහු රාත්‍රිය පුරා පෙරලි ගිය බෝට්ටුවේ එල්ලී සිටි බවත් පවසනවා. ජීවිතය බේරුණු එක පුදුමයක් බවයි ඔහු කියා තිබෙන්නේ.