Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
"මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ හැරවුම් ලක්‍ෂයක් විය හැකියි" අද ඇරඹෙන එක්දින තරඟාවලිය ගැන නායක චන්දිමාල් කියයි -Photos

- "මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ හැරවුම් ලක්‍ෂයක් විය හැකියි" අද ඇරඹෙන එක්දින තරඟාවලිය ගැන නායක චන්දිමාල් කියයි -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
“ලසිත් මාලිංගගේ පන්දු යැවීම අපි ගොඩක් දැකලා තියෙනවා"
දඹුල්ලටත් විටින් විට වැස්ස"

ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (09) පස්වරුවේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම තරගාවලියේදී එංගලන්තය පරාජය කළ හොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳ හැරවුම් ලක්‍ෂයක් විය හැකි බවයි.

“එංගලන්ත මේ වන විට ලෝක එක්දින පිටියේ අංක එක කණ්ඩායම බව සියලු දෙනාම දන්නවා. ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නවා. ඒ වගේම ප්‍රබල සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයක් රැසක් ඉන්නවා”

“මෙහිදී මම එකක් කියන්න ඕනේ. එංගලන්ත කණ්ඩායම 2015 ලෝක කුසලානය වන විට සිටියේ වර්තමානයේ අපේ කණ්ඩායමට සමාන තත්ත්වයක. ඔවුන් ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසිවුණා. නමුත් ඔවුන් මේ වන විට ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා”

“අපිට මෙම තරගාවලියේදී ලෝකයේ අංක එක කණ්ඩායම පරාජය කරන්න හැකි වුණොත් ඒක ලෝක කුසලානයට පෙර හොඳ අවස්ථාවක්”

අද පළමු තරගය පිළිබඳව චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය. 

“කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරලා හෙට අවසන් එකොළොස් දෙනා නම් කරනවා. මෙම තරගාවලියේදී පිතිකරු ලැයිස්තුවේ විශාල වෙනස් කරන්න බලාපොරොත්තුවක් නෑ”

“එංගලන්තයේ තණතීරුවලට වඩා ශ්‍රී ලංකාවේ තණතීරු දඟ පන්දු යවන්නන්ට වාසියක් තිබෙනවා. නමුත් පුහුණු තරගයේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් වන මොයින් සහ රෂීඞ් හොඳින් පන්දු යැව්වා. එම පන්දු යවන්නන් දෙපළ අභියෝගයක් වෙයි”

“සංචිතයේ ආරම්භක පිතිකරුවන් හතර දෙනෙක් ඉන්නවා. හොඳම ආරම්භක පිතිකරුවන් දෙදෙනා කවුද කියලා අපි මෙම තරගාවලියේදී තෝරාගත යුතුයි”

“අපි දන්නවා පිතිකරණයයේ සහ පන්දු යැවීමේ දක්‍ෂතාව අපිට පාලනය කරන්න බෑ. ඒ දිනයේ ක්‍රීඩා කරන ආකාරයෙන් තමයි එය තීරණය වෙන්නේ. නමුත් පන්දු රැකීමට ආවම එය පාලනය කරන්න පුළුවන්. එය තමයි අපි හදුනාගත් එක වරදක්. අපි ඒ සඳහා තනි තනියමත් කණ්ඩායමක් හැටියටත් මහන්සි වුණා” 

“අපේ කණ්ඩායම පසුගිය වසර දෙක තුනක කාලය තුළ ඕවර සංඛ්‍යාව නියමිත කාලයේදී සම්පූර්ණ කිරීමට අසමත් වීම ප්‍රශ්නයක් වුණා. ඕවරයක් අවසානයේ වෙනස්කම් වේගයෙන් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. දැන් සියලු දෙනාම ඒ පිළිබඳව දන්නවා. මෙම තරගාවලියේදී එය මඟහැර ගනී”

ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය මෙම තරගාවලියේදී නොලැබීම පිළිබඳව චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය. 

“අපි සියලු දෙනාම දන්නවා ඔහු අපේ එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල හොඳම පිතිකරුවෙක්. ඔහුට තියෙන්නේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්නයක්, මම විශ්වාස කරනවා ඔහු නැවතත් ශක්තිමත්ව කණ්ඩායමට එයි කියලා”

නායකත්වය නැවත බාරගැනීමෙන් පසුව පළමු තරගාවලිය පිලිබඳව පෞද්ගලිකව ක්‍රීඩකයකු හැටියට චන්දිමාල් තම අදහස මෙසේ පැවසීය. 

“මම ඕනෑම අවස්ථාවක මගේ රට වෙනුවෙන් නායකත්ව දරන්න සූදානම්. ඇතැම් විට මෙය කණ්ඩායම දිරියට යෑමේ හැරවුම් ලක්‍ෂයක් විය හැකියි”

“මම මුලදී වේගයෙන් පන්දුවට පහර දුන් පිතිකරුවෙක්. නමුත් පසු කාලය වන විට කණ්ඩායමෙන් වගකීම් ලැබෙනවා. ඊට පසුව මම තරමක් දුර්වල වුණා. නමුත් මේ වන විට පුහුණුකරු මගේ සාමාන්‍ය පිතිහරඹය ලබාගන්න උත්සහ කරනවා”

ශ්‍රී ලංකා පිල ඊයේ පෙරවරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව සිටිය ද වාර්ෂාව හේතුවෙන් පුහුණු සැසිය අතහැර දැමීමට සිදුවිය. 

එංගලන්තය පිලේ උප නායක ජෝස් බට්ලර් ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ තම කණ්ඩායම ලෝක එක්දින ශ්‍රේණිගත කිරීමේ අංක එක කණ්ඩායම වීම පීඩනයක් බවට පත්කර නොගන්නා බවයි. 

“ලසිත් මාලිංගගේ පන්දු යැවීම අපි ගොඩක් දැකලා තියෙනවා. ඔහු දීර්කාලයක් ක්‍රීඩා කළ දක්‍ෂ පන්දු යවන්නෙක්. ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීමේදී පොඩි චකිතයක් තියෙනවා. අයි.පී.එල්. තරගාවලියේදී පුහුණුවීම්වලදී ඔහුට එරෙහිව ක්‍රීඩාකර ඇති නිසා හොඳ හුරුවක් තියෙනවා”

“මෙම තරගාවලියේදී ද අයි.පී.එල්. තරගාවලියේ අත්දැකීම් ප්‍රයෝජවත් වෙයි කියලා හිතනවා. අපේ ක්‍රීඩකයන් රැසකට අයි.පී.එල්. අත්දැකීම් තියෙනවා” යැයි ජෝස් බට්ලර් වැඩි දුරටත් පැවසීය. 

මෙම තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වසර දෙකකට අධික කාලයකට පසුව පැවැත්වෙන එක්දින තරගය වේ. දෙරට අතර අවසන් එක්දින තරගය 2016 වසරේ ජූලී මස 2 වැනිදා කාඩිෆ්හිදී පැවැත්විණි. 

තරග පහකින් සමන්විත වූ එම අවසන් තරගාවලිය 3-0 කින් එංගලන්තය ජය ලැබීය. එහි පළමු තරග ලකුණු සමව අවසන් වූ අතර තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

දෙරටේම එම අවසන් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ සැළකිය යුතු වෙනස්කම් වී තිබේ. 

ශ්‍රී ලංකාවේදී දෙරට අතර අවසන් තරගාවලිය 2014 වසරේ දෙසැම්බර් මස මීට වසර හතරකට පමණ පෙර පැවැති අතර එම තරග හතකින් සමනිව්ත තරගාවලිය ශ්‍රී ලංකාව 5-2 කින් ජය ලැබීය. 

එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතු`ළත්ව සිටියහ. ඩිල්ෂාන් එම තරගාවලියේ වීරයා බවට ද පත්විය.

දඹුල්ල ප්‍රදේශයට ඊයේ පෙරවරුවේ ද මද වර්ෂාවක් ලැබුණු අතර පස්වරු 3.00 පමණ වන විට තණතීරුව පමණක් විවෘත කර තිබුණි. 

මෙම තරගාවලියේ දඹුල්ලේදී පැවැත්වෙන දෙවැනි තරගය සහ පල්ලෙකැලේදී පැවැත්වෙන සිවුවැනි තරගය දිවා තරග වන අතර එම තරග දෙක සඳහා පමණක් අතිරේක දින දෙකක් ලැබී තිබේ. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, කුසල් පෙරේරා, සදීර සමරවික්‍රම, නිරෝෂන් දිල්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප් සහ කසුන් රාජිත

එංගලන්ත එක්දින සංචිතය:
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බෙයාස්ටෝ, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩව්සන්, ඇලෙක්ස් හේල්ස්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඔලි ස්ටොන්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top