Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"ඒ අසල තිබුණු පතහට ඥාති සහෝදරයා වැටෙනවා මම දැක්කා.." - මහා වරුසාවෙන් ජලයෙන් පිරීගිය වලකට වැටී දරුවන් දෙදෙනෙක් මිය යයි

- "ඒ අසල තිබුණු පතහට ඥාති සහෝදරයා වැටෙනවා මම දැක්කා.." - මහා වරුසාවෙන් ජලයෙන් පිරීගිය වලකට වැටී දරුවන් දෙදෙනෙක් මිය යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,968 Views
"පතහට බැහැලා මගේ දරුවා සහ ඥාති සහෝදරයා හෙව්වත් එවෙලේ හමුවුණේ නෑ.."

"වත්තක මුර සේවයට බිරිය හා දරුවා සමඟ 5 වැනිදා උදේ මම ගියා..."

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය අතරතුර දරුවන් දෙදෙනකු සෙල්ලම්  කරමින් සිටියදී වත්තට එන මාර්ගය අයිනේ කපා තිබුණු පතහට වැටුණු 14 හැවිරිදි දරුවා දියේ ගිලී උඩට එන විට පතහෙන් ගොඩවීමට අත දිගු කළ 4 හැවිරිදි දරුවාද පතහට වැටී දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් කුරුණෑගලින් වාර්තා වෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයකදී අනාවරණය වූ පරිදි මියගිය 4 හැවිරිදි දරුවාගේ පියා කියා තිබෙන්නේ මෙවැන්නක්,

‘මියගොස් සිටීන කවිශාන් මගේ පුතායි. මියගොස් සිටින ළහිරු නවීන් මගේ පුංචි අම්මාගේ පුතා.

නෑකමට ඔහු මගේ සහෝදරයෙක්. පොතුහැර කටුපිටිය ප්‍රදේශයේ අක්කර 20ක වත්තක මුර සේවයට බිරිය හා දරුවා සමඟ 5 වැනිදා උදේ මම ගියා. කටුපිටිය වත්ත නමින් හඳුන්වන පොල් ඉඩමේ පදිංචියට මා සමඟ මියගිය මගේ පුතා ආවා. ඥාති සහෝදරයාත් වත්තට ඇවිත් යන්න අපි සමඟ ආවා. අපි මුරගෙට ඇවිත් ටික වෙලාවකදී වැස්සා. දවල් 3ට විතර වැස්ස පෑවාට පස්සේ මම පොල් අහුලන්න වත්තට ගියා. මා පසුපස පුතා හා ඥාති සහෝදරයා ආවා.

වත්තට ඇතුළුවන පාරේ ගලාගෙන එන වතුරේ දෙන්නාම සෙල්ලම් කරමින් සිටියා. ඒ අසල තිබුණු පතහට ඥාති සහෝදරයා වැටෙනවා මම දැක්කා. ඒ අය සිටි තැන මීටර් 50ක පමණ දුරීනුයි මම සිටියේ. දිය යට ගොස් උඩට ආ ඥාති සහෝදරයාව අල්ලාගෙන ගොඩට එනන්ට අත දිගු කළ මගේ පුතාත් පතහට වැටෙනවා මා දැක්කා. පතහට බැහැලා මගේ දරුවා සහ ඥාති සහෝදරයා හෙව්වත් එවෙලේ හමුවුණේ නෑ. අසල්වවාසීන් සමඟ විනාඩි 20ක් පමණ සෙවූ විටයි ඔවුන් හමුවුණේ. ගොඩට ගත් දෙදෙනාම මතව තලම්පිටිය ප්‍රාදේශීය රෝහලට අරගෙන ගියත් එහි වෙදවරයා දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පැවැසුවා.'

මෙසේ මිය ගොස් ඇත්තේ නවගත්ත, යටියනදුර, වාරිපොළ ලිපිනයේ පදිංචිව සිටි මාස්පොත මහ විදුහලේ 9 වසරේ ඉගෙනුම ලැබූ පී.ජේ. ලසිදු නවීන් විතාරණ (14) සහ මාඑළිය පොල්පිතිගම පදිංචි එච්.ඩී. කවිශාන් ලක්ෂාන් පුෂ්පකුමාර (4) නමැති පිරිමි දරුවන් දෙදෙනායි . ඔවුන් නෑකමට බාප්පා සහ පුතා වේ.  
 
මියගිය දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධව කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක ධර්මකීර්ති අමරසිංහ මහතා මෙම මරණ දෙක දියේ ගිලීමෙන් සිදුවූ ඒවා බවට නිගමනය කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  744 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  42 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  31,137 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,637 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  537 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  299 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,040 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,351 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,556 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top