Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
කොළඹ පාතාලය හෙල්ලූ, රටටම පිළිලිලයක් වූ මධුෂ්ගේ සහ සමයංගේ සහචරයන් දෙදෙනෙකුගේ ඉරණම තීන්දු වූ හැටි

- කොළඹ පාතාලය හෙල්ලූ, රටටම පිළිලිලයක් වූ මධුෂ්ගේ සහ සමයංගේ සහචරයන් දෙදෙනෙකුගේ ඉරණම තීන්දු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,625 Views
වෙඩි කාගෙනම වෙළඳ සැලෙන් පිටවු තාරකට නැවතත් වෙඩි 
 
මාතර රන් කොල්ලයටත් බණ්ඩා ගිහිල්ලා
 
සමරසිංහ ආරච්චිලාගේ මදූෂ ලක්ෂිත හෙවත් මාකදුරේ මදූෂ් විදෙස් රටක සැඟව සිටියත් මෙරට තරුණයන් විශාල පිරිසකට ආදායම් මාර්ග සලසා දී ඇති බව නොරහසක්. ඒ, කුඩු සමඟ හසුවන කප්පම් ගැනීමට ගොස් හසුවන, අවි සමඟ හසුවන පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් මධූෂ්ගේ ගෝලයින් වීම නිසයි.

මේ අය අතරින් මධූෂ්ගේ විශ්වාසය දිනාගත් පිරිස බොහෝ සෙයින් අඩු බව පෙනේ. ඔවුන්ව පොලීසියට කොටු වන්න මදූෂ් ඉඩ තබන්නේ නැහැ. එලෙසම විවෘත පහර දීම් වලට, ඝාතන සඳහා මෙන්ම කුඩු ජාවාරම්වලට ද ඔවුන්ව එළියට නොදමා සිටින්නට මදූෂ් සැලකිලිමත් වෙනවා. 
 
එවැනි ළඟම ගෝලයින් සඟවා තබන්නට මදූෂ් කොපමණ උත්සහ කළත් පාතාල මර්ධනය සඳහා යොදවා ඇති ඒකක වල ඇස් වැසීම එතරම් පහසු කරුණක් නොවෙයි. ඒ ඔවුන් මෙවැනි පාතාල සාමාජිකයින් සොයා නොයෙක් ක්‍රම ඔස්සේ විමර්ශන වල නිරත වන නිසාත් එවැනි අපරාධකරුවන් පිළිබඳ පොලීසියට තොරතුරු සැපයීමට ඕනෑ තරම් පුද්ගලයින් සිටින නිසයි. 
 
මදූෂ් කල්ලියේ මෙවැනි රහසිගත ළඟම ගෝලයෙකු කප්පම් ගැනීමක් සංවිධානය කිරීම සඳහා හෝ ගිනි අවියක්ද රැගෙන අතුරුගිරිය ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට පසුගිය බ්‍රහස්පතින්දා තොරතුරක් ලැබුණා. තොරතුර ලැබුණු වාහාම ක්‍රියාත්මක වුණු ඒ ඒකකයේ කණ්ඩායමක් අතුරුගිරියේ පොලීසියේද සහය ඇතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිවයි. 
 
මදූෂ්ගේ ගෝලයා පොලීසියට කොටු වුණේ මයිලන්ගමුව මාර්ගයේදී. යටත් වෙනවා වෙනුවට ඔහු කළේ වෙඩි තැබීමයි. පොලීසිය ද ප්‍රති ප්‍රහාර එල්ල කරද්දි නළලට වැදුණු වෙඩි පහරක් නිසා ඔහු බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාලකරු එවෙලේම ඔරුවල රෝහලට ඇතුළත් කර අනතුරුව ජාතික රෝහලට පිටත් කර යැවීමට පොලීසිය කටයුතු කළා. 
 
මෙලෙස පොලිස් වෙඩි පහරින් තුවාල ලැබුවේ රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් ‘‘බණ්ඩාරගම බණ්ඩා‘‘ නම් වු පාතාල සාමාජිකයායි. බණ්ඩාරගම වැලිමිල්ල හන්දිය පදිංචි ඔහුගේ වයස අවුරුදු තිස් දෙකක්. පොලිස් දෙපාර්තමේන්තු කිහිපයක්ම ඔහුව සොයමින් සිටියේ අපරාධ කිහිපයක් සඳහා අත්අඩංගුවට ගැනීමටයි. 
 
ඉන් එකක් වුයේ මාතර නිලේකා ජුවරල්ස් කොල්ලයයි. එම කොල්ල කල්ලිය ගත් වාහනය පදවා තිබුණේද ඔහු විසින්. ඒ අතර රත්නපුර ප්‍රෙදේශයේදි වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි පහරට ගොදුරු වුයේ රත්නපුර පොඩි මල්ලි ජෙම්ස් හි අධිපතිගේ පුත්‍රයයි. ඔහු වාහනයක ගමන් කරමින් සිටියදි මෙලෙස වෙඩි පහරට ගොදුරු වන අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකිවුණා. ඔහුට මොවුන් වෙඩි තබන්නේ කප්පම් දීම ප්‍රතික්ෂේප කළ නිසා බව විමර්ශනවලදි හෙළි වුණා. 
 
මෙම වෙඩි තැබීමේ සිද්ධිය ද බණ්ඩාගේ මූලිකත්වයෙන් සිදු වුවක් බවට පොලීසියට තොරතුරු ලැබුණා. ඔහුගේ මස්සිනාගේ නිවසේ තිබී මේ සඳහා උපයෝගී කරගත් ටී - 56 ගිනි අවිය සොයා ගැනීමට හැකිවුණා. ඔහු සතුව කුඩා ගිනි අවියක් ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබුණා. මාකඳුරෙ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය යේදි පවා මොහුට භාරදූර කාර්යයක් පැවරී තිබු බව සඳහන්. පැමිණ සිටි පිරිසට ඇප උපස්ථාන කිරීම ඔහුට පැවරී තිබු රාජකාරියයි. 
 
මේ ආකාරයෙන් මාකඳුරේ මදූෂ්ගේ මෙන්ම අංගොඩ ලොක්කා ගේද ළඟම ගෝලයෙකු වු බණ්ඩා වෙඩි කා තුවාල ලබද්දි එම සිද්ධියට පසු දින අංගොඩදි තවත් වෙඩි තැබීමටක් සිදුවුණා. වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වුණේ තාරක ඉරෝෂන් පෙරේරා නොහොත් කොණ්ඩ තාරක යන පුද්ගලයා. ඒ ඔහු කොළඹ අවිස්සාවෙල්ල පරණ පාරේ අංගොඩ හන්දියේ සිට කඩුවෙල දෙසට පිහිටි ඔහුට අයත් පක්ෂින් අලෙවි කරන වෙළඳ සැලේ සිටයදි. 
 
යතුරු පැදියකින් ආ දෙදෙනෙකු මේ වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි පහර කාගෙනම වෙළඳ සැලෙන් පිටවු තාරකට නැවතත් වෙඩි පහර එල්ල වී තිබෙනවා. ඔහු මිය යන තුරුම මෙසේ වෙඩි පිට වෙඩි තැබු බව සඳහන්. මෙලෙස ඝාතනය වු තාරක රණාලේ සමයං කල්ලියේ හිටපු ගෝලයෙක්. මොහු මනුශ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට තොරතුරු ලැබී තිබුණු අතර මොහු අතින් ඝාතනය වී ඇත්තේ වැල්ලම්පිටිය පදිංචි අයෙක්. 
 
සාලමුල්ලේ ද්විත්ව ඝාතනයකටද මොහු සම්බන්ධයි. මාස කිහිපයකට පෙර විවාහ වු මොහුගේ බිරිඳ ගැබිනියක් බවටද තොරතුරු ලැබෙනවා. තාරක මිය ගොස් අවසන්. 
 
ඔහු මරා දමන්නට ඇත්තේ කාගේ උවමනාවකටද කා විසින්ද යන්න තවමත් හෙළි වී නැහැ. පොලීසියේ සැකය වන්නේ එය අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කළ දෙයක් බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  12 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  696 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,136 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,088 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,049 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top