Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
එල්.ටී.ටී.ඊය ගැන කතාකරලා උසාවියට යන්න වුණු විජයකලා මාධ්‍යට හිනාවෙලා යන්න ගියේ මෙහෙමයි - Video

- එල්.ටී.ටී.ඊය ගැන කතාකරලා උසාවියට යන්න වුණු විජයකලා මාධ්‍යට හිනාවෙලා යන්න ගියේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,927 Views
නඩු පවරන්නේද නැද්ද යන්න පිළිබඳ ස්ථාවරය දෙසැම්බර් මාසයේ දැනුම්දෙයි...
ඇගේ ප්‍රකාශයට සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා..

අත්අඩංගුවට ගත් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (08) නියෝග කළා.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරවරු 09 ට පමණ ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියෝග කළේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරන්නේද නැද්ද යන්න පිළිබඳ ස්ථාවරය දෙසැම්බර් මස 07 වනදාට දැනුම් දෙන ලෙසටයි.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීයි.

ඇය මෙම ප්‍රකාශය සිදු කිරිමෙන් පසුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම තත්ත්වය මත අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය පරික්ෂණයක් ආරම්භ කළ අතර එය මෙහෙයවනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින්.

මේ අතර කථානායකවරයාගේ අවසරය මත මැතිඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම මාධ්‍යවේදින් ඇතුලු 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැණුනා.

කථානායකවරයා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ඉන් අනතුරුවයි.

ඒ අනුව ස්ථාවර නියෝග වලට අනුව ඇයට එරෙහිව කටයුතු කළ හැකි බව නිතීපතිවරයා විසින් දැනුම් දී තිබුණා.

එමෙන්ම හිටපු රාජ්‍ය ඇමතිනිය සිදු කළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ආ වගන්තිය උල්ලංඝනය කර ඇති බවට නිතිපතිවරයා පොලිස්පතිවරයාට ද දැනුවත් දී තිබුණේ.

ඊට අදාලව අභියාචනාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරිමට ද නීතිපතිවරයා නියෝග කළා.

අග්‍රාමාත්‍යරයා හමුවිමෙන් පසු සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වුයේ මෙවන් පසුබිමක් තුලයි.

මේ අතරවාරයේ පසුගිය ජුලි 24 වනදා යාපනයේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවසේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාලව පළමු ප්‍රකාශය ලබා ගත්තා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  21 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  17 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  696 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,138 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,092 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,049 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top