Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
25
ජනාධිපති,හිටපු ජනාධිපති හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන ඉන්දීය ජාතිකයෙකු සුළමුල හෙළිකරයි - Video

- ජනාධිපති,හිටපු ජනාධිපති හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන ඉන්දීය ජාතිකයෙකු සුළමුල හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,989 Views
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

මේ තොරතුරු අනාවරණ වී ඇත්තේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතා  හමුවීමට පැමිණි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

අදාළ ඉන්දීය ජාතිකයා පසුගියදා නාමල් කුමාර මහතා හමුවීමට වරකාපොල පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබුණා.

ඔහුගේ හැසිරීම සහ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබඳ මතු වූ සැකයක් හේතුවෙන් නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, පසුව එම දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු තමන් දන්නා බවයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ අදාළ කුමන්ත්‍රණය කවුරුන් විසින් කළේද යන්න සහ එම කුමන්ත්‍රණය පිළිබද මෙම පුද්ගලයා දැනගත් ආකාරය පිළිබද තවදුරටත් විමර්ශන කළ යුතු බවයි.

ඒ සඳහා තවදුරටත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ ඉන්දීය ජාතිකයා ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් මෙරටට පැමිණ වීසා කාලසීමාව ඉක්මවන තෙක් රාගම ප්‍ර දේශයේ කාමරයක් කුලියට ගෙන සිට ඇති බවත් දැනට අනාවරණ වී තිබෙනවා.

මේ අතර,  ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබද හෙළිකළ නාමල් කුමාර මහතාගේ කඩ හඬ හඳුනා ගැනීම සදහා හෙට පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කර තිබෙනවා.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබද මාධ්‍යවේදීන්  විෂය භාර අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය  සහය ලබා නොදුනහොත්, සිදුව ඇතැයි පැවසෙන ජනපති ඝාතන කුමන්ත්‍රණයට අගමැතිවරයා සම්බන්ධ බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  26 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  25 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  697 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,140 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,101 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,051 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top