සහකරුගේ වියදම් අගමැතිණිය දරයි..
නවසීලන්ත අගමැතිණිය වන ජසින්ඩා අර්ඩ්න් මහත්මිය එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සදහා අලුත් උපන් තම දියණිය සමග පැමිණීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.
ඇය සිය සහකරු වන ක්ලාර්ක් ගෙෆොර්ඩ් සමග එකසත් ජාතීන්ගේ සමුළුවට පැමිණි අතර ඔහු සමග තම සිගිති දියණිය සිටියේදී අගමැතිණිය ඊයේ දිනයේදී නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇමතුවා.
මාස තුනක් වයසැති මව්කිරි පමණක් ආහාරයට ගන්නා තම සිගිති දියණිය දින හයක සංචාරය සදහා රැගෙන එම බොහෝ දෙනාගේ ප්‍රසංසාවට ලක්ව තිබෙනවා.
ජසින්ඩා අර්ඩ්න් මහත්මිය ඉතිහාසයට එක්වුණේ තොරපත්වූ රාජ්‍යය නායකයෙකු ලෙස සිටියේදී මවක් වූ දෙවන රාජ්‍යය නායිකාව ලෙසයි.