පිදුරංගල පූජා භුමිය ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිදුරංගල පූජා භූමියට ගොස් සීගිරිය දෙස බලා ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවියන් වල පළ කිරීමයි.
මෙහි තවත් අනුවන ක්‍රියාවක් වන්නේ ඇතමුන් පිදුරංගල පූජා භූමියේ අඩ නිරුවතින් ඡායාරූප ගෙන අන්තර්ජාලයට එක්කිරීමයි.
කෙසේ වෙතත්, පිදුරංගල රාජමහා විහාරයට සහ එම ස්ථානයට අපහාස වන අයුරින් අශෝභන ලෙස ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි පිදුරංගල රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් සඳහන් කළේ.