බුදුරුවේ සිරස මුද්‍රණය කළ සාරියක් පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබියදී පිටකොටුව පොලිසිය මඟින් පෙරේදා (23දා) සිය භාරයට ගෙන තිබෙනවා.
සාරි මිලදී ගැනීම සඳහා පිළියන්දල, මඩපාන ප්‍රදේශයේ කාන්තාවක් පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී පදික වෙළෙන්දකු සතුව විකිණීමට තබා තිබූ සාරි තොගය අතර මෙම සාරිය තිබෙනු දැන 119 දුරකථන අංකය ඔස්සේ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දන්වා තිබූ මට පොලිසිය පවසනවා.
ඒ අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් එම සාරිය සිය භාරයට ගෙන තිබුණා.
මේ පිළිබඳව කොළඹ මධ්‍යම පාරේ වෙළදාම් කරමින් සිටි 52 වියැති සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් නිලධාරියෙක් පවස තිබෙනවා.
මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන අතර පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.