බාලවයස්‌කාර පාසල් දැරියක වසර දෙකක කාලයක් තිස්‌සේ ලිංගික අපචාරයකට ලක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දැරියගේ මවගේ අනියම් සැමියාට ඇප ලබා නොදෙන ලෙස හා නැවත එම ගම් ප්‍රදේශයට පිවිසීමට ඉඩ නොදෙන ලෙසට පොලිසියෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් මීගොඩ, වටරැක ප්‍රදේශයේ සැකකරු හා වින්දිත දැරියගේ මව පදිංචිව සිටින නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කර තිබෙනවා.
දැරිය බාප්පාගෙන් සිදුවන අතවරය පිළිබඳව මව දැනුවත් කර ඇතත්, එසේ දැනුවත් කිරීමේදී බොරු නොකියන ලෙසට දැරියට තරවටු කිරීමට මව කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සිදුවීම පිළිබඳව දැරිය ඇයගේ පාසලේ ගුරුවරියකට පවසා තිබෙන අතර එම ගුරුවරිය මෙම සිද්ධිය මීගොඩ පොලිසිය වෙත වාර්තා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සදහන් වෙන්නේ.