Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
"මගේ දුව අත් දෙක උඩට ඔසවාගෙන ඉන්නවා දැක්‌කා. ඒ වෙලාවේ මම කෑ ගැසුවා" ගිරිතලේ වැව බිලිගත් පියාගේ සහ දියණියගේ මරණ පරීක්ෂණයේදී මව හැඬූ කඳුලින් කියූ කතාව - Video & Photos

- "මගේ දුව අත් දෙක උඩට ඔසවාගෙන ඉන්නවා දැක්‌කා. ඒ වෙලාවේ මම කෑ ගැසුවා" ගිරිතලේ වැව බිලිගත් පියාගේ සහ දියණියගේ මරණ පරීක්ෂණයේදී මව හැඬූ කඳුලින් කියූ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොළොන්නරුවේ වන්දනා ගමනක් ගිහින්...
" සැමියා දියේ නොපෙනී ගියා. ඒ සමගම මගේ දුවත් නොපෙනී ගියා"

මින්නේරිය ගිරිතලේ වැවේ දියනෑමට ගිය පියෙකු සහ දියණියක පසුගිය (21) දහවල් දියේ ගිලී මියගොස් තිබුණා.

මෙලෙස මියගියේ මිනුවන්ගොඩ දූනගහ මිනුවන්ගොඩ පාර, අංක 50/ඒ ලිපිනයේ පදිංචි වික්‍රමපතිරන්නැහැලාගේ නිරංජන් වික්‍රමරත්න සහ ඔහුගේ දියණිය වන වික්‍රම පතිරන්නැහැලාගේ සෞමිණි තිහංසා වික්‍රමරත්න යන දෙදෙනායි.

මියගිය 45 හැවිරිදි පියා ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, මිය ගිය දියණියගේ වයස අවුරුදු 14 ක්.
මොවුන් මිනුවන්ගොඩ දූනගහ ප්‍රදේශයේ සිට පොළොන්නරුවට වන්දනා ගමනක්‌ පැමිණි අතරතුර ගිරිතලේ වැවේ දිය නෑමට ගොස්‌ මෙලෙස දියේ අතුරුදන් වී තිබුණා.

පසුව ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු 22 වනදා පෙරවරුවේ සොයා ගනු ලැබුවා.
කවුඩුල්ල කොට්‌ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු, එස්‌.ඒ. ගුණසේන මහතා විසින් සිද්ධිය වූ ස්‌ථානයේදී මියගිය දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ පවත්වනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් දියේ ගිලී මියගිය පියා සහ දියණියගේ  මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි ලබාදුන් ඔහුගේ බිරිඳ 43 හැවිරිදි විතාන පතිරන්නැහැලාගේ සාගරිකා නිශාන්ති මෙලෙස පවසා තිබෙනවා.

"පොළොන්නරුවට වන්දනා ගමන් පැමිණි අපි 14 දෙනෙකු පමණ පිරිස ආපසු යන ගමන් 21 දින දහවල් ගිරිතලේට ආවා. එසේ පැමිණ ගිරිතලේ වැවෙන් නාලා යමු කියලා කවුරුත් කීවා. ඒ අනුව දිය නාමින් සිටින විට අප සිටින තැනට මීටර් 3-4 ක්‌ දුරින් මගේ දුව අත් දෙක උඩට ඔසවාගෙන ඉන්නවා දැක්‌කා. ඒ වෙලාවේ මම කෑ ගැසුවා දුවට ගොඩට එන්න කියා. ඒත් දුවට එන්න අපහසු වුණා. මගේ සැමියා දුවව රැගෙන එන්න ගියා. දුවව ගොඩට ගැනීමට සැමියාට නොහැකි වුණා. සැමියාත් දියේ නොපෙනී ගියා. ඒ සමගම දුවත් නොපෙනී ගියා.

මේ මියගොස්‌ සිටින්නේ මාගේ සැමියා සහ දියණියයි. අපට දරුවන් දෙදෙනකු සිටිනවා. මේ මියගොස්‌ සිටින දියණිය පවුලේ වැඩිමලා. මගේ සැමියා රැකියාව ලෙස ජනාධිපති ආරක්‍ෂක අංශයේ විදුලි කාර්මිකයකු ලෙස සේවය කරනවා. පසුගිය 21 වැනි දින අලුයම අපේ ගෙවල් ළඟ පිරිසක්‌ සමග වෑන් රථයකින් පොළොන්නරුවට වන්දනා ගමනක්‌ ආවා. ඒ ගමනට මමත් සැමියත්, දරුවන් දෙදෙනාත් සැමියාගේ මවත් සම්බන්ධ වුණා. අපි 14 දෙනෙක්‌ පාන්දර 1.30 ට පමණ පිටත්වෙලා ආවා. එසේ පැමිණ පොළොන්නරුවේ පුරාවිද්‍යා ස්‌ථාන නරඹලා දහවල් 11.30 ට විතර ගිරිතලේට පැමිණියා. කවුරුත් කීවා ගිරිතලේ වැවේ නාලා යමු කියලා. ඒ අනුව අපි ගිරිතලේ හන්දියෙන් ඇළ හැර පාරට හැරී ටික දුරක්‌ පැමිණ වැව අද්දර වාහනය නතර කර නාන්න බැස්‌සා. අපි වැවේ නාමින් සිටින විට ටිකක්‌ එහායින් තවත් නාඳුනන කීප දෙනෙක්‌ද නෑවා. අපි සබන් ගාලා නැවත නාමින් සිටින විට මා සිටි තැනට ටිකක්‌ එහායින් මාගේ දියණිය දිය නාමින් සිටියා. ඒ අසල මාගේ සැමියා දිය නෑවා. මීටර් 3 ක්‌ 4 ක්‌ පමණ දුරින්. ටික වේලාවකින් මගේ දුව අත්දෙක උඩට ඔසවාගෙන සිටිනවා දැක්‌කා. මම කෑ ගැසුවා දුවට ගොඩට එන්න කියලා. මගේ සැමියා තවත් අයත් දුවට ගොඩට එන්න කියා කෑ ගැසුවා. ඒත් දුවට එන්න අපහසු වුණා. දුවගේ කරවටට ටිකක්‌ පහළ මට්‌ටමට වතුර තිබුණා. අපට තේරුණා දුවට එන්න අපහසුව සිටින බව. ඒ නිසා සැමියා දුව රැගෙන ඒමට ගියා. ඒත් දුවව ගොඩට ගැනීමට ඔහුට බැරි වුණා. එවිට සැමියා දියේ නොපෙනී ගියා. ඒ සමගම මගේ දුවත් නොපෙනී ගියා. අපි සමග පැමිණි අනෙක්‌ අය කෑ ගැසුවා. ඒ කිසිම කෙනෙකුට පීනන්න බෑ. ඒ අය නාමින් සිටි අනෙක්‌ අයත් පීනන්න බැරි අය වෙන්න ඇති. ඒ අයටත් දියේ ගිලුණු අය බේරා ගන්න බැරි වුණා. මගේ සැමියාගේත්, දියණියගේත් මරණ ගැන මට කිසිම සැකයක්‌ නෑ. මේ දෙදෙනා දියේ ගිලීමෙන් මරණය සිදුවූ බව මම විශ්වාස කරනවා".

පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය නාමල් බණ්‌ඩාර ජයලත් මහතා විසින් මියගිය දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පොළොන්නරුව මහ රෝහලේදී සිදුකරනු ලැබූ අතර දියේ ගිලී හුස්‌ම හිරවීම නිසා සිදුවූ මරණ බවට නිගමනය කළා.

ඉදිරිපත්වූ සාක්‌කි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව වික්‍රම පතිරන්නැහැලාගේ නෙරංජන් වික්‍රමරත්න සහ වික්‍රම පතිරන්නැහැලාගේ සෞමිණි තිහංසා යන දෙදෙනාගේ මරණ දියේ ගිලී හුස්‌ම හිරවීම නිසා සිදුවූ හදිසි මරණ බවට මරණ පරීක්‍ෂකවරයා විසින් නිගමනය කරනු ලැබීය.

මින්නේරිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ.ජී.බී. පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ සැරයන් (27867) සේනාරත්න මහතා මෙහි සාක්‌කි මෙහෙයවීම සිදු කර තිබෙනවා.




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top