Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
නොහික්මුණු රියැදුරා වැලිකන්ද මළ ගෙයක් කරමින් දියණියන් දෙදෙනෙකුගේ අනාගතයත් උදුරගෙන

- නොහික්මුණු රියැදුරා වැලිකන්ද මළ ගෙයක් කරමින් දියණියන් දෙදෙනෙකුගේ අනාගතයත් උදුරගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
දියණියන් දෙදෙනාගෙන් වැඩිමලා 13 වියෙහිය. දෙවැන්නියට වයස අවුරුදු 9 යි
පාර මාරු වූ පියා මාළු ලොරියක හැපිලා..

වැලිකන්ද, අසේලපුර මහින්දාගම විසූ විතානගේ නිමල්සිරි රැකියාව ලෙස කළේ කුලී වැඩය. ගැහැනු දරුවන් දෙදෙනකු සිටින තම පවුලේ ජීවන බර ගෙන යන්නට ඔහු බොහෝ දුක් වින්ද බව ගමේ වැඩි දෙනා දනිති. පවුලේ අගහිඟකම් දවසින් දවස වැඩි වනවිට එක්තරා දිනයක තම පුංචි නිවහනේ පෑල දොරින් සිය බිරිඳගේ සෙනෙහස නික්ම ගොස් තිබුණේ කාටත් හොර රහසේය. එතැන් පටන් නිමල්සිරි තම දරුවන් දෙදෙනාට තාත්තා පමණක් නොව අම්මාද විය. කවා පොවා පාසල් යැව්වේ ඔහුය.
 
ඉකුත් සතියේ මූසල අඳුරු රැයෙක ඒ තාත්තාගේ ජීවිතය මහමඟදී ලොරි රථ මාරයෙකුට බිලි වුණේ නොහික්මුණු රියැදුරෙකුගේ වරදිනි. එදින දවසේ මෙහෙවර නිමවා මඳක් ? බෝ වී තම නිවසට එන්නට එන අතරමඟ මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කඩවතමඩු හන්දියේදී මඩකලපුව පැත්තේ සිට පොළොන්නරුව දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන ලොරියක ගැටී ඇත්තේ පාර හරහා මාරු වෙමින් සිටියදී බව දැනගන්නට ලැබිණි. ඒ අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ නිමල්සිරි ප්‍රතිකාර සඳහා රෝහලක් කරා රැගෙන යන්නටත් පෙර ඒ ස්ථානයේදීම සදහටම දෙනෙත් පියා ගනු ලැබීය.
මහ මඟ සිදුවන මාරක රිය අනතුරු පිළිබඳව අපට බොහෝ විට අසන්නට ලැබෙන අතර ඒ අනතුරු හේතුවෙන් අකාලයේ මියයන මිනිස් ජීවිත ද අපමණ බැව් නොරහසකි. එවන් මාරක රිය අනතුරකට ලක්ව ජීවන ගමන අකාලයේ අත් හරින්නට සිදු වූ නිමල්සිරිගේ වයස අවුරුදු 48 කි. දියණියන් දෙදෙනාගෙන් වැඩිමලා 13 වියෙහිය. දෙවැන්නියට වයස අවුරුදු 9 යි. ඔවුන් දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ වැලිකන්ද කඩවතමඩුව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ 09 සහ 04 ශ්‍රේණිවල බව ද  දැනගන්නට ලැබිණි. පියාගේ අකල් වියෝවෙහි පාළුව, තනිකම පමණක් නොව බරපතළ පාඩුව ඉතා තදින් දැනෙන්නේ මේ කුඩා දරු දෙදෙනාට බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිමල්සිරි තමන් නිරතව සිටි සුළු රැකියාවෙන් ලොකු මුදලක් හරි හම්බ කරගත් අයෙක් නොවේ. ඇතැම් විට ලැබෙන ආදායම එදිනෙදා වේල සරිකර ගන්නට ප්‍රමාණවත් වන්නට ඇත. ඒ නිසාම ඔහු ජීවත් වූ නිවස ද එතරම් ඉඩකඩ ඇති එකක් නොව කුඩා නිවහනකි. අකල් මරණයකට ගොදුරු වූ නිමල්සිරිගේ නිසල දේහය තැන්පත් කර තිබුණේද අසළ පිහිටි ඔහුගේ මාපියන්ට අයත් නිවසේ බව ද දැනගන්නට ලැබුණි.
 
තම දියණියන් දෙදෙනා ලොකු මහත් කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නිමල්සිරිගේ එකම බලාපොරොත්තුව වී තිබූ බව ගම්මානයේ බෙහෝ දෙනකු කීහ. ඔහු කුලී වැඩකට පවා ගියේ යළිත් සවසට ගෙදරට එන්නට හැකි තැනකට බව ද කියැවිණි. පසුගිය සිකුරාදා (14 දා) නිමල්සිරි මේ දුක්මුසු ඉරණමට ගොදුරු වන අවස්ථාව වනවිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපළක රැකියාවෙහි නිරතව සිටි බව ද දැනගත හැකි විය. ඒ ගොවිපළේ සිට දවසේ කටයුතු නිමවීමෙන් පසුව ලැබුණු ප්‍රවාහන පහසුකමක් මගින් කඩවතමඩුව දක්වා පැමිණ එතැන් සිට තම නිවෙසට පාගමනින් එන්නට සුළු දුරක් තිබියදී මේ අකරතැබ්බය සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා දුක් වූහ.
 
 නිමල්සිරිගේ මව වන කේ. ඞී. ඒ. ධර්මවතී (68) මහත්මිය තම පුතුගේ අකල් වියෝව සම්බන්ධයෙන් කතාබහ කළේ අතීත අවර්ජනයකද යෙදෙමිනි.
 
"අපිට මහවැලියෙන් ඉඩම් ලැබිලා මේ ගමට ආවේ 1988 අවුරුද්දේ. අපි ඊට කලින් හිටියේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පුනානි කියන ගමේ. මට දරුවෝ පස් දෙනයි. මේ මගේ වැඩිමල් පුතා. අපි මෙහාට එන කාලේ මේ ගම්වලට කොටි ගහනවා. ?ට වැඩි හරියක් හිටියේ කැලෑවල. බංකර්වල. අපි මෙහාට ඇවිල්ලා අවුරුදු 04 ක් විතර ගත වෙන කොට මේ දරුවන්ගේ තාත්තා නැති වුණා අසනීප වෙලා. එතැන ඉඳලා මේ දරුවන් ජීවත් කරවන්න මම තමයි දුක් වින්දෙ. මගේ ලොකු පුතත් මාත් එක්කලා හරි හරියට කුඹුරු වැඩ කළා. තාත්තා නැති පවුලේ බර ඇදගෙන ගියේ පුතයි, මමයි දෙන්නා. පුතා කාලයක් ග්‍රාමාරක්ෂක භටයෙක් විදියට කටයුතු කළා. දැන් මේ ලොකු පුතා නැති වුණාට පස්සේ එයාගේ දරුවෝ දෙන්නගේ වගකීම මට තමයි භාර ගන්න වෙලා තියෙන්නේ. එයාලා ගෑනු දරුවෝ දෙන්නෙක්නේ. ඉතින් මම පුළුවන් විදියට ඒ කටයුතු කරනවා. ඒ කාලේ කොටි ගහලත් මේ ගම්වල අපි ජීවත් වෙලා හිටියා. අතුරු අන්තරා වුණේ නෑ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ මේ ගම්වලට අලින්ගේ හිරිහැර. ඒත් අපි ආරක්ෂා වෙලා ඉන්නවා. එහෙම උන්නු අපිට ඇයි මෙහෙම විපැත්තියක් සිද්ධ වුණේ".
 
 දරු දුක දරාගත නොහැකිව ඇය එසේ විමසන්නේ හැඬූ කඳුළිනි.
 
 තම දරුවන් ලොකු මහත් කරන්නට අපමණ දුක් උහුලන ලද අම්මා කෙනෙකුට දැන් තම දරුවන්ගේ දරුවන්ද රකින්නට දෛවය විසින් භාර කර තිබේ.
 
එහෙත් මේ අත්තම්මාට තම පුතාගේ දියණියන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව වගකීම තනිව කරට ගැනීම එතරම් පහසු නොවන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම ඒ දරු දෙදෙනාගේ පාසල් අධ්‍යාපනයේ කඩඉම් කිහිපයක් ජය ගන්නා තෙක් අඛණ්ඩව ඊට අවැසි පහසුකම් සලසා දීම මූලිකය.
 
අප වෙසෙන සමාජය තුළ කෙනෙකුගේ දුකකදී කනගාටුවකදී නැතහොත් පිහිටක් අවශ්‍ය විටෙකදී උදව් උපකාර කරන බොහෝ පිරිස් සිටින බව අප දන්නෙමු. මේ එවැනි පරිත්‍යාගශීලී පිිරිස් වෙනුවෙන් කෙරෙන ඉතාමත් කාරුණික ආරාධනයකි.
 
එමෙන්ම මේ දියණිවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය ඉගෙනුමට මෙන්ම නැටුමට ගැයුමට සහ චිත්‍ර ඇඳීමට හපනියක් බව කඩවතමඩුව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඉන්දික අසේල කෝදාගොඩ මහතා පවසනවා. පාසලේ නර්තන කණ්ඩායමද නියෝජනය කරන ඒ සිසු දැරිය පළාත් සහ ජාතික මට්ටමේ නැටුම් තරගවලින් ජයග්‍රහණය හිමිකරගෙන විදුහල් මාතාවට කීර්තියක් ගෙනදී තිබෙන බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
 
මාපිය සෙනෙහස අහිමි මේ දැරියන් දෙදෙනාගේ හෙට දවස පැහැබර කරන්නට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුකුලක් ලෙස අවැසි උදව්වක් උපකාරයක් කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වන්නේ නම් විද්‍යාලයේ විදුහල්පතිවරයා හෝ මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර තුෂාර දන්තනාරායන මහතා අමතා ඒ සඳහා සම්බන්ධ විය හැකියි.

කඩවතමඩුව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඉන්දික අසේල කෝදාගොඩ මහතාගේ දුරකථන අංකය 0716783036
 
 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු තුෂාර දන්තනාරායන මහතාගේ දුරකථන අංකය 0717720170
 
 කරුණාරත්න ගමගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top