Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
"බොහෝ දෙනෙක් අහනවා මගේ හස්බන්ඩ් ගැන, මගේ මහත්තයාගෙ විස්තර කාටවත් මොකටද.." - මහේෂි මධුශංකා

- "බොහෝ දෙනෙක් අහනවා මගේ හස්බන්ඩ් ගැන, මගේ මහත්තයාගෙ විස්තර කාටවත් මොකටද.." - මහේෂි මධුශංකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,296 Views
"ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැත්ද මන්දා අනුන්ගෙ දේවල් හොයන්නෙ..."

"සමහර අය අහනවා කවුරු සමගද මම විවාහවෙලා ඉන්නේ කියලත්.."

මහේෂි මධුශංකා පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලය පුරා විකාශය වූ බොහෝ නාට්‍ය වලින් ඇයව දකින්න ලැබුනා. ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කළා. කලක් ටෙලි නාට්‍යවලට නැතුවම බැරිව සිටි මේ රංගන ශිල්පිනිය පසුගිය කාලයේදි පුංචි තිරයෙන් දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. එහෙම හිටිය මහේෂි රූපලාවණ්‍ය දැන්වීමක් නිසා නැවතත් මේ දිනවල කතාබහට ලක්වෙලා.

මහේෂි දැන් වෙළෙඳ දැන්වීම්වල පමණද රඟපාන්නේ..
වෙළෙඳ දැන්වීම්වල විතරක් නෙමෙයි ටෙලි නාට්‍ය සහ චිත්‍රප‍ටවල රඟපානවා. මේ දවස්වල රසිකයො වැඩිපුර මාව දකින්නෙ රූපලාවණ්‍ය වෙළෙඳ දැන්වීමකින්. ඒ ගැන වෙන්න ඇති ඔය අහන්නෙ.

ඔබ එම දැන්වීමේ පෙනී සිටින්නේ අපේ නිළි රැජනත් සමගයි ..
ඔව්. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය. ඇයත් සම්බන්ධ වූ නිසා ඉතාමත් ආසාවෙන් තමයි එම දැන්වීම කෙළේ. එතුමිය තමයි හැමදාමත් මගේ සිහින කුමාරිකාව. මම හිතන්නෙ අපේ රටේ එතුමියට ආදරය නොකරන කෙනෙක් නැහැ.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ..
මගේ අම්මා, තාත්තා සහ මම සිටියේ ඕමාන් රටේ. එහිදී සුනිල් සෝම පීරිස් මහතාගේ මුනුපුරා අපට හමුවුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි කලාවට එන්නට අවස්ථාව ලැබුණේ.

අලුත් නිර්මාණවලට සම්බන්ධවුණේ නැද්ද?
මේ දවස්වල රංගනයෙන් දායකවු නිර්මාණ බොහොම අඩුයි. ඉදිරියේදි තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වන අදහසක් තිබෙනවා.

මහේෂි කලක් පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියකව සිටියා..
එහෙම එක දිගට වැඩ කළ කාලයක් තිබුණා.එම නිර්මාණ සඳහා හොඳ අධ්‍යක්ෂවරු සහ හොඳ පිටපත් රචකයන් සම්බන්ධ වුණා . නමුත් දැන් හැදෙන බොහෝ නිර්මාණ ගැන නම් සතුටුවෙන්න බැහැ.

ඒකද සිනමාවෙ දකින්න නැත්තේ ..
ජීවිතය ලස්සනයි මගේ පළමු චිත්‍රපටය. ඉන් පසුව සිංහයා, සිහින ලොවක් සොයා චිත්‍රපටවල රඟපෑවා. කොහොමත් චිත්‍රපට තුනකයි රඟපෑවේ.

ඔබ කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නෙ..
ඇයි එහෙම ඇහුවේ. කලකිරීමක් නැහැ. මම දැන් කොහොමත් අවුරුද්දකට ටෙලි නාට්‍ය දෙකක් පමණක් කරනවා කියන මතයේ ඉන්නෙ. දැන් අපේ රටේ වැඩිපුර පෙන්නන්නේ ඉන්දියන් හෝ කොරියන් ඩ්‍රාමානේ. ඒ නිසා අපේ රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට වැඩ අඩුයි. ඒ වගේම නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් කලාවට අවතීර්ණ වෙලා සිටින නිසා ඒ අයටත් වැඩ බෙදිල යනව.

ඒ කියන්නෙ නවක රංගන ශිල්පිනියන් අභියෝගයක් කියන එකද?
එහෙම දෙයක් නැහැ. දැනටත් මම අලුත් ටෙලි නාට්‍යයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කැමැතියි නවකයන් කලාවට අවතීර්ණවීම ගැන. එතකොට තමයි කලාව තුළ හොඳ තරගයක් දිය හැකිවන්නේ. නවක සහ ප්‍රවීණ සියලු දෙනාම මා ළඟින් ඇසුරු කරනවා. නවක රංගන ශිල්පිනියන් මට අභියෝගයක් නෙමෙයි.

කලාවට මෙයට වඩා දායකත්වයක් දෙන්න තිබුණා කියා හිතෙන්නෙ නැද්ද?
ටෙලි නාට්‍ය රංගනය ගැන මම තෘප්තිමත්. ටෙලි නාට්‍ය රංගනය නිසයි මාව මිනිසුන් අතරට ගියේ. නමුත් චිත්‍රපට පැත්තෙන් නම් මට හිතෙනවා මීට වඩා දෙයක් කරන්න තිබුණා කියා. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කැමැත්තෙන් බාර ගන්නවා.

කලා ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද?
මම කෙටිකාලයක් ඇතුළත රංගන ක්ෂේත්‍රයේ සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමග රඟපෑවා. දිනක්ෂි, ශලනි, රුවන්ගි වගේ රංගන ශිල්පිනියන් මා ළඟින් ඇසුරු කරනවා.

මහේෂි ඇයි විවාහය ගැන වැඩිය කතා කරන්න කැමැති නැත්තෙ?
මම විවාහකයි. සමහර අය අහනවා කවුරු සමගද මම විවාහවෙලා ඉන්නේ, ඔහු මොනවද කරන්නේ ආදි ප්‍රශ්න. මට අහන්න තියෙන්නෙ මගේ මහත්තයාගෙ විස්තර කාටවත් මොකටද කියලා? ඒව පිටට නොදෙන නිසයි අපේ පවුල් රැකිලා තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැතිවද මන්දා අනුන්ගෙ දේවල් හොයන්නෙ. මට කියන්න තියෙන්නෙ මම ඉතා සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා කියන එක.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,486 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,923 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,598 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,737 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,470 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,874 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,413 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,280 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,436 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top