පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වූ චෝදනා...
පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි....
සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.
එම ආරංචි මාර්ග පැවසුවේ ඒ සඳහා පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වූ උත්සව ඇතුළු විවිධ අවස්ථාවන්වලදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා.
එම කතාබහ තිව්‍ර වුණේ, ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වීමත් සමගින්.
ඒ අතර ම රුපියල් මිලියන 12ක චෙක්පතක් සම්බන්ධ අයථා ගනුදෙනුවක් පිළිබඳ ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට චෝදනා එල්ල වුණා.
ඒ සමඟ පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කර ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට දැඩි කතාබහක් ඇති වුණා.
මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණ කළා.
එම ආරංචිමාර්ග සඳහන් කළේ පොලිස්පතිවරයා මීට දින 2කට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ඇති අතර එහිදී ඔහුට තීරණයක් ගැනීම සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.
විවිධ පාර්ශ්වවලින් එල්ලවන චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ ඉල්ලීම කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත්කර තිබුණා.
එහි දැක්වුණේ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි යනුවෙන් පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන බවයි.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවුණා.
මේ අතර ජාතික පොලිස් කොමිසම අද රැස් වූ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්වුණා.
පිටතට පැමිණි පොලිස්පතිවරයාගෙන් අදහස් විමසීමට මාධ්‍යවේදීන් උත්සහ ගත්තද ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්
VIDEO