ගුවන් යානයේ පීඩන ස්විචය ක්‍රියාත්මක කිරීමට නියමුවන්ට අමතක වීම හේතුවෙන්, ඉන්දීය මගීන් තිස්දෙනෙකුට වැඩි පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව නිලධාරීහු පවසනවා.
මුම්බායි සිට ජායිපුර් දක්වා පියාසර කිරීමට නියමිත තිබූ ජෙට් ගුවන් සේවයට අයත් 9W 697 යානය මේ හේතුවෙන් ගුවන්ගත වීමෙන් සුළු මොහොතකින් ආපසු ගොඩබැස්සවීමට සිදුවී තිබෙනවා.
යානයේ හදිසි ඔක්සිජන් සැපයුම් ක්‍රියාත්මකවන අයුරු ට්විටර් ජාලය ඔස්සේ මගීන් විසින් නිකුත් කරන ලද වීඩියෝ පණිවුඩවල දක්නට ලැබුණා.
තමන් ඔක්සිජන් සැපයුම පැළඳ සිටින ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍යයට නිකුත් කරමින් සතිෂ් නයිර් නම් පුද්ගලයෙක් චෝදනා කර තිබුණේ ගුවන් සේවය මගීන්ගේ ආරක්ෂාව මුළුමනින් ම නොසලකා හැරිය බවයි.
ඉන්දියාවේ ගුවන් ගමන් නියාමනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ ලලිත් ගුප්තා යානයේ පීඩන පාලන ස්විචය ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයට අමතකවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණා.
ගුවන් යානයේ පීඩනය නොමැති වීම හේතුවෙන් යානයට නැවත හැරවීමට සිදුවූ බවත් මගීන්ට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් අද (20) නිවේදනයක් නිකුත් කරමින් ජෙට් ගුවන්සේවය ප්‍රකාශ කර තිබෙනවා.
මගීන් 166 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 ක් රැගත් B737 යානය සාමාන්‍ය පරිදි මුම්බායි ගුවන් තොටුපළේ ගොඩබස්සන බැස්වීමෙන් පසු සියලුම මගින් ආරක්ෂා සහිතව යානයෙන් පිටතට ගෙන පර්යන්තය වෙත ගෙනයෑමට කටයුතු කර තිබූ අතර ඒ වන විට මගීන් කිහිපදෙනෙක් කන් කැක්කුම සහ නාසයෙන් ලේ ගැලීම වැනි තත්ත්වවලට මුහුණ පා සිටි බවත් වාර්තා වනවා.