නිවසක නිදන කාමරයෙන් පිඹුරෙකු සොයාගත් පුවතක් විදෙස් මාධ්‍යයක් විසින් වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙන්.
එම පිඹුරන් විශේෂය හඳුන්වන්නේ පාපසි පිඹුරා යනුවෙනුවෙනුයි. මව විසින් ඇගේ දියණියගේ ඇඳ සකස් කරමින් සිටියදී පිඹුරා ඇඳේ යට සිටින ආකාරය දැක තිබුණා.
අනතුරුව සර්පයින් අල්ලන ආයතනයට දුරකථන ඇමතුමක් ලබා දීමට ඇය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එහි නිලධාරින් පැමිණ සර්පයා අල්ලා ගැනීමට කටයුතු කර තිබෙනවා.
එහි නිලධාරින්යක් සඳහන් කර තිබුණේ නිවෙස් තුළින් මෙසේ සර්පයන් හමුවීම වසරේ මෙම කාලය තුළ අසාමාන්‍ය දෙයක් නොවන බවයි.