බෙවර්ලි හිල්ස් හි පිහිටි මන්දිරයත් විකුණන්න කියලා.....
වරින් වර පැවැත්වුණු සාදවලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජයටම තිබිලා..
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ජීවිතය අඳුරු කර ගත් ජනප්‍රිය නිළියක සහ ගායිකාවක වන ඩෙමි ලොවැටෝ පසුගිය ජූලි මාසයේ සිට තවමත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
දැන් ඇය ප්‍රතිකාර ලබන්නේ ඇරිසෝනා සහ චිකාගෝ ප්‍රදේශවල පිහිටි මානසික රෝගීන්ට වෙන්වූ රෝහල්වලින්.
පසුගිය ජූලි 24 දා හදිසියේ අසනීප වීම නිසා ඇයව ලොස් ඇන්ජලීස් නුවර වෛද්‍ය මධ්‍යස්ථානකට ඇතුළත් කිරීමෙන් පසුව, ඇයට හදිසි ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු යුහුසුලු වුණා.
එතැනින් නික්මුණු ඩෙමි තවදුරටත් ප්‍රතිකාර කෙරෙනවා.
මේ වන විට ඩෙමිට ලැබෙන උපදේශනයන් නිසා ඇගේ මානසික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා.
ඇය දැන් නිවසට වී විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ප්‍රතිකාර මත ජීවිතය යහපත් අතට හරවා ගැනීමට උත්සාහ දරනවා.
මේ අතර, ඩෙමි ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් උපදෙස් දී ඇත්තේ දැනට ඇය පදිංචිව සිටින බෙවර්ලි හිල්ස් හි පිහිටි මන්දිරය විකුණා දමා වෙනත් ප්‍රදේශයක පදිංචියට යන ලෙසයි.
ආරක්ෂක නිලධාරීන් එලෙස උපදෙස් දී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඩෙමී ගේ මිතුරු මිතුරියන්ගෙන් ඇයව ඈත් කර තැබීමේ අරමුණෙන් බවයි පැවසෙන්නේ.
මේ මන්දිරයෙහි පදිංචිව සිටි පසුගිය කාලය තුළ වරින් වර පැවැත්වුණු සාදවලට නොඅඩුව එකතු වූ දෙයක් තමයි, මත්පැන් සහ මත්ද්‍රව්‍ය.